IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීන බෙදුම්වාදියෝ දුම්රියපොළ ලේ විලක් කරති

චීනයේ යුනන් පළාතේ කුන්මින්ග් දුම්රිය ස්ථානයට පිහි රැගෙන පැමිණි පිරිසකගේ ප්‍රහාරයෙක් දුම්රිය ස්ථානයේ සිටි 29 දෙනෙක් මිය ගියහ.

පිහි ඇනුම් කා තුවාල ලැබුවෝ 130ක් පමණ රෝහල් ගත කළහ.  

පිහි රැගත්   9දෙනෙකු පමණ දුම්රිය ස්ථානයට ඇතුලු වී,  දුම්රිය ස්ථානයේ සිටි මගීන්ට පිහි පහරවල් එල්ල කරන්නට වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. දුම්රිය ස්ථානයෙන් පිටත දී ද දස දෙනකු ඝාතනය කර ඇත.

මෙහිදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෝ සිව් දෙනෙක් මරුමුවට පත් වූහ.

චීන  පොලිසිය පවසන අන්දමට මෙය කලින් සැලසුම් කරනලද, සංවිධානාත්මක හා සාහසික ප්‍රහාරයකි. චීන රජය මෙය උයිගර් බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක් බවට සැකකරයි.

සීසීටීවී කැමරා දර්ශනවලට අනුව  අඩු ගණනේ සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කාන්තාවෝය. පොලිස් වෙඩි ප්‍රහාරවලින් එක් සැකකාර කානත්වාක මිය ගිය අතර අනෙක් කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව එරට පොලිසිය කියයි.



අදහස් (0)

චීන බෙදුම්වාදියෝ දුම්රියපොළ ලේ විලක් කරති

ඉන්දික Monday, 03 March 2014 10:06 AM

චිනේටත් ළඟදීම ලංකාවෙන් උපදෙස් ගන්න වෙනවා වගේ. (නදී)

:       0       0

ඩයස් Wednesday, 05 March 2014 07:27 AM

ඔය වගේ කතාවක් තමයි දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ටියට්නාමෙන් චතුරශ්‍රයේදී යුධහමුදා ටැංකි දාලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දහස් ගානක් චොප්ප කරපුවාම කිව්වෙත්. (නදී)

:       0       0

ජී ශිරානි Monday, 03 March 2014 12:02 PM

බෙදුම් වාදීන්(නධී)

:       0       0

කිත්සිරි Tuesday, 04 March 2014 08:49 AM

චීනය කොහොමත් ත්‍රස්තවාදීන් ගේ මානව හිමිකම් බලන්නේ නැහැ... ඒ නිසා මෙය මර්ධනය කරාවි.. (අ)

:       0       0

කුමාරි Monday, 03 March 2014 12:25 PM

පවු, අහිංසක මිනිසුන් මරල මොනවද ලැබෙන්නේ? කොහොමද මේ මිනිසුන්ට මෙහෙම නපුරු හදවත් ඇති උනේ?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 03 March 2014 01:26 PM

චිනේ දෙයි නියම බෙහෙත.(නධී)

:       0       0

ධම්ම Tuesday, 04 March 2014 03:07 PM

එල්ටීටීඊ ත්‍රස්තයෝ ඩොලර්, කෙන්ට් ෆාම් වල අහිංසක මිනිසුන් මැරුවෙත් මේ වගේම තමයි. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 March 2014 09:26 PM

මෙය හරියටම ලංකාවේ එල් ටී.ටී. එකම වගේ. දැන්ම මර්ධනය කලයුතුයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site