IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චෝදනාවලින් බයිඩන් ගැලවෙයි

රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු ඇතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ විශේෂ විමර්ශන කමිටුව ඊයේ (8) පැවැසීය.

විශේෂ විමර්ශන කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, බයිඩන් දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ පුද්ගලයකු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ඔහුගෙන් අතපසුවීමක් සිදුවීම පුදුමයට කරුණක් නොවන බවත්ය.

විශේෂ විමර්ශන කමිටුව, විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ 147 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගනිමිනි. ඒ අතරේ ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම තැනැත්තා ජෝ බයිඩන්ය. ඔහුගේ වයස අවුරුදු 81 කි. බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වන අතර, මෙම නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයටත් බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිතය.

බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ද ලෙස කටයුතු කළේ බයිඩන්ය. ඒ, 2009 සිට 2017 දක්වා කාලයේය. බයිඩන් ඇමෙරිකන් ජනාපධිති ධුරයට පත් වී සිටින්නේ, 2021 වසරේ සිටය.

ඩෙලවෙයාර් ජනපදයේ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට අයත්ව තිබුණු පෞද්ගලික කාර්යාලයකින් එම රාජ්‍ය රහස් ලියවිලි හමුවූයේ 2023 වසරේදීය. එම ලියවිලි බයිඩන් අතට පත්වී තිබුණේ ඔහු ඇමෙරිකන් උප ජනාධිපති ධුරය හොබවද්දී බව පැවැසිණි.
ධුරය නිමා කර යද්දී ඒවා ආපසු බාර දීමට නියමිත වුවත් බයිඩන්ට එසේ කිරීමට අමතක වී තිබුණු බව විමර්ශන කමිටුව පැහැදිලි කර ඇත. ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු එම වාර්තාවලට ඇතුළත් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

චෝදනාවලින් බයිඩන් ගැලවෙයි

ශාන් Friday, 09 February 2024 10:19 AM

බයිඩන් නම් ලංකාවේ දේශපාලකයෙක් වගේ. මෙහෙත් මතක නැති අය හිටියා. වැඩේ කියන්නේ ඡන්දේ කලේට මිනිස්සුන්ටත් මතක නැති වෙන එක.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site