IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් යානාවලට ලේසර් අවි

මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් ලේසර් අවි සවිකිරීමට ඊශ්‍රායෙලය සැරසේ.

මෙම ලේසර් අවි ගුවන්යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එය මැඩපැවැත්වීමේ සමත් බව සදහන්ය.

ඇදී එන මිසයිලයක් වෙත අධි බල ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර එය යානයට වැදීමට පෙර ගුවනේදීම විනාශ කර දැමීමේ හැකියාව මෙම ලේසර් අවි වලට ඇතැයි ඊශ්‍රායෙල බළධාරීහු කියති.මිසයිල හදුනාගැනීමට තාප සංවේදක කැමරාවක්ද යානයට සවි කෙරෙන බව ඔවුහු පවසති.

ඊශ්‍රායෙලය මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් අවි හා ආරක්ෂණ පද්දතීන් සවිකළ යුතුව ඇතැයි තීරණයකට එළැඹියේ 2002 වසරේදීය.කෙන්යාවේ මොම්බාසා ගුවන්තොටින් අහසට නැගුණු ඊශ්‍රායෙලයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයකට මිසයිල ප්‍රහාර 2 ක් එල්ල වුනු අතර වාසනාවකට මෙන් ඒවාට ගුවන්යානය මගහැරුණි.පසුව එවක අගමැති ආරියෙල් ෂැරෝන් ගෙන ආ මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් මිසයිල ආරක්ෂණ පද්දතියක් සවි කළ යුතුයැයි වූ යෝජනාව අවසානයේ ක්‍රියාවට නැංවෙන ලකුණු පෙනේ.



අදහස් (0)

ගුවන් යානාවලට ලේසර් අවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site