මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් ලේසර් අවි සවිකිරීමට ඊශ්‍රායෙලය සැරසේ.
මෙම ලේසර් අවි ගුවන්යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එය මැඩපැවැත්වීමේ සමත් බව සදහන්ය.
ඇදී එන මිසයිලයක් වෙත අධි බල ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර එය යානයට වැදීමට පෙර ගුවනේදීම විනාශ කර දැමීමේ හැකියාව මෙම ලේසර් අවි වලට ඇතැයි ඊශ්‍රායෙල බළධාරීහු කියති.මිසයිල හදුනාගැනීමට තාප සංවේදක කැමරාවක්ද යානයට සවි කෙරෙන බව ඔවුහු පවසති.
ඊශ්‍රායෙලය මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් අවි හා ආරක්ෂණ පද්දතීන් සවිකළ යුතුව ඇතැයි තීරණයකට එළැඹියේ 2002 වසරේදීය.කෙන්යාවේ මොම්බාසා ගුවන්තොටින් අහසට නැගුණු ඊශ්‍රායෙලයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයකට මිසයිල ප්‍රහාර 2 ක් එල්ල වුනු අතර වාසනාවකට මෙන් ඒවාට ගුවන්යානය මගහැරුණි.පසුව එවක අගමැති ආරියෙල් ෂැරෝන් ගෙන ආ මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් මිසයිල ආරක්ෂණ පද්දතියක් සවි කළ යුතුයැයි වූ යෝජනාව අවසානයේ ක්‍රියාවට නැංවෙන ලකුණු පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd