වර්තමානයේ භාවිතාවන සැහැල්ලු ගුවන් යානයක් වැනි වූ ලොව විශාලතම පක්ෂි පොසිලය මුහුදු ආශ්‍රිතව ජීවත් වූ පක්ෂියකුගේ බවත් මේ සත්ත්වයා ඩයිනෝසරයන් ලොවෙන් වඳවී යාමෙන් පසු ජීවත් වී ඇති බවත් විද්‍යාඥයෝ පිරිසක් කියති.
අත්තටු විහිදවූ විට අඩි 28 ක් පමණ පළලකින් යුතු මේ දැවැන්ත පක්ෂියා අදින් වසර ලක්ෂ 280ට පමණ මිහිතලයේ ජීවත් වී ඇත. පක්ෂියාගේ පාදයේ අස්ථි සැකැස්ම විස්තර කරන විද්‍යාඥයන් පවසන්නේ මේ කුරුල්ලාට කිලෝ 80 ට වැඩි බරින් යුතු ගොදුරක් පහසුවෙන් පාදයෙන් ඔසවාගෙන පියාසර කිරීමේ හැකියාවක් තිබෙන්නට ඇති බවයි. මේ පක්ෂියා මුහුදු ආසන්න උස් කඳු මුදුන්වල සිට ඉතා පහසුවෙන් අත්තටු විහිදා මුහුදේ ගොදුරු කරා වේගනේ ගමන් කරන්නට ඇත.
වසර තිහකට පමණ පෙර දකුනු කැරොලිනා ප්‍රාන්තයේ සාගර කලාපයකින් සොයා ගත් මේ පොසිලය ඇමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් චිත්‍රපටියකට ලේස්ති වෙන්න වගෙයි නේද? (ස)