ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි.ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයිරම්ට අයත් එළදෙනුන් ළගය.
එක් එළදෙනක් මුත‍්‍රා කිරීමට පටන් ගනී.සියලූ දෙනා එක පොදියට පොරකමින් එම මුත‍්‍රා තම තමන්ගේ අත ඇති කෝප්පයට පුරවා ගැනීමට තැත් කරති.
තවත් එකියක වලිගය උස්සා සැරසෙන්නේ මුත‍්‍රා කිරීමටය.පළමු වර කෝප්පය පුරවා ගැනීමට නොහැකි වූ සියලූ දෙනා දැන් එතැනය.
කෙසේහෝ කෝප්පය එළදෙනුන්ගේ මුත‍්‍රා වලින් පුරවා ගත් පසු මෙම පිරිස කරන්නේ ඒවා පානය කිරීමයි.එළදෙනුනේග් මුත‍්‍රා පානය කිරීමෙන් නිරෝගී සුව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති.
‘‘අපි මෙතැනට එකතු වන්නේ අවුරුදු 12 ක පමණ පෙර සිට උදේ පාන්දර අපගේ පළමු රාජකාරිය තමයි මේ එළදෙනුන්ගෙන් ලබා ගන්නා මුත‍්‍රා කෝප්පයක් පානය කිරීම‘‘ ගව මඩුවේ හිමිකරු ජයිරම් පවසයි.
ජයිරම් පවසන ආකාරයට ඔහුගේ දියවැඩියා රෝගයත් මේ මුත‍්‍ර පානයන් නිසා දැන් සුවපත් වී තිබේ.
‘‘මගේ දියවැඩියා රෝගය දැන් නැහැ.දියවැඩියාව විතරක් නොවේ පිළිකා තිබෙන අය පවා මෙතැනට එනවා.ඔවුනුත් සුවපත් වෙලා තිබෙනවා‘‘ ඔහු කියයි.
එළදෙනුන්ගේ මුත‍්‍ර පානය කිරීම දැන් ඉන්දියාව පුරා ක‍්‍රමයෙන් ව්‍යාප්තව යමින් පවතින පුරුද්දක් වී තිබේ.මැදහත් මතධාරීන් පවසනුයේ මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව හින්දු ආගමික නායකයින්ගේ බලපෑම බවයි.
මුත‍්‍ර බොනවායැයි කියා ඕනෑම එළදෙනකුගේ මුත‍්‍ර පානය නොකළ හැකි අතර ඒ සදහා එළදෙන කිසිදිනෙක දරු උපතක් සිදුනොකළ සත්ත්වයෙකු විය යුතු අතර මුත‍්‍ර ලබා ගත යුත්තේද ඉර නැගෙන විටය.
ජයිරම්ගේ මිළග උත්සාහය මුත‍්‍රා වලින් ආර්ථික වාසියක්ද ලගා කර ගැනීමයි.
‘‘හොද ඉල්ලූමක් තිබෙනවානේ.මම හිතන් ඉන්නේ මුත‍්‍රා බෝතල් කරලා විකුණන්න.බොහෝ පළාත් වල මෙය කෙරෙනවා.දන්තාලේප,සබන් ආදියත් හදන්න අදහසකුත් තිබෙනවා‘‘ ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් කිසි ආයුර්වේද ගුණයක් ඇති.ඒත් මෙහෙම පාන්දර පෝලින් ගැහිලා පොරපිටියට වැදිලා බොන්න තරම් මේ මිනිසුන්ට පිස්සුද?කොහොමටත් ඔය හින්දු යම් ආගමික කොටස් මේ වගේ දේ කරනවා.ඒත් එයාලත් එක්ක කතා කරන්න ගියොත් ආයේ ඊට වඩා පණ්ඩිතයෝ ලොවෙත් නැහැ.(දිල්)
මේක නම් හරිම අප්‍රසන්න කතාවක්. ගව මුත්‍ර ආයුර්වේදයේ පාවිච්චි කරනවා කියලා අහලා තියනවා .එත් මේක සම්පුර්ණයෙන්ම හින්දු මතයක්.එත් ශ්‍රී ලාංකිකයන උගත් පරපුරක් .(දිල්)
ඔව් ඉතින් ලංකාවේ කුකුල් බෙට්ටත් බෙහෙතකට ඕනවෙනවා කියන්නේ.(නදී)
උදුගොවුවා කෑමේ රෝගෙට මන් අහල තියන විදියට කුකුලගේ මලපහ පාවිච්චි කරනවා ලංකාවේ .මෙහිත් ඇතැම් විට ගුණයක් ඇති. ඒත් මේ බුරු රැල බාර්වල හවසට ඉන්න පෝලිම් වගේ මේ කරන විගඩම මොකද්ද. අනික කරනවා නම් දුම්බීම,මත්පැන් මෙන් වැලකීම වගේ දේවල් තියනවා මිට කලින් කරන්ට.(නදී)
විද්දිය මහතාණෙනි, මොන විද්‍යාෙවද තියන්නේ ඉන්දියාව කේන්ද්‍රස්ථානයක් කියලා. ඔබතුම මිත්‍යා දෘෂ්ටික ජොතිශය කාරයෙක්ද එහෙම නැතිනම් ඉන්දියානුවෝ සහ අනෙක් ආසියානුවෝ ලොව අන් ජාතීන්ට වඩා උතුම් කීමට උත්සහ කරන හීනමාන කාරයෙක්ද? (නදී)
චියස් .... බියර් බොන්න හොදයි නම් මුත්‍රා බියුවහම මොකද වෙන්නේ (දී)
මම ඊයේ දැක්ක දකුණු අප්‍රිකාවේ කට්ටිය තණකොළ කනවා. අද ඉන්දියාවේ කට්ටිය ගව මුත්‍ර බොනවා. හෙට තව මොනව හරි.වෙයි(දිල්)
මට වමනය එන්න වගේ.(නදී)
මෙහි කිසියම් සත්‍යයක් තියෙන්න පුළුවන් (දිල්)
දේශීය වෙද කමේ ප්‍රමුක පෙලේ බෙහෙතක් තමයි ගව මුත්‍රා කියන්නේ (දී)
තව මොනවා හොදයි කියයිද දන්නේ නැහැ ඉස්සරහට (දී)
හොඳ වෙලාවට මේක බීල විතරක් නැවතුන එක, ගවයන් පිටකරන අනෙක් දේවල් කෑමට ගන්නේ නැතුව. (දී)
දිය වැඩීයාවට දෙශිය බෙහෙත් තියනවා. උදුගොවුවාටත් බේහෙත් තියෙනවා. (ර)
ඔන්න ඉන්දියාව(දිල්)
කුරුඳු,කරවිල, වගේ ඉස්තරම් ඖෂධිය ශාක අපිට තිබෙනවා.ඕනේ කෙනෙක් මේවා බීපුවාවේ .අපිට නම් එපා.(දිල්)
මේ සම්භන්දව නිවැරදි පරීක්ෂණයක් කරලාද මෙවන් තීරණ ගන්නේ (දී)
සමහරවිට මේ කතාව ඇත්තක් වෙන්නැති (දිල්)
අනේ මහෙමත් මිනිස්සු ටිකක්. තව ටිකදවසකින් ගොමත් කයි මොනාහරි ලෙඩකට හොදයි කියල.(දී)
ලක්ෂ්මන් ඔබේ අදහස හරි .ඒ මිනිස්සු ගවයන් දෙවියන් සේ සලකනවා.මම වැඩ කරන තැන ඉන්දියානුවන් ගොඩක් ඉන්නවා කෙනෙක් දවසක් ගවයෙක් මරණ වීඩියෝ වක් දැකල කලන්තේ හැදුන ඒසමගම තිබුන ඉන්දියාවේ බසයක් තුල පිරිමි හත් අට දෙනෙක් කාන්තාවක් දුෂණය කර ඇස් දෙකත් අන්ධ කරපු රුප කිහිපයක් මිනිහට කිසිම දුකක් නැ රස කර කර බැලුව l (දී)
සුමනසාර හිමි හරි. මට මතකයි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වරයෙක්වූ අපේ අප්පච්චි සමහර බෙහෙත් වර්ග ඇඹරුවේ ගෝ මුත්‍රා වලින්. (දී)
මරනවා කියුවත් මමනම් මේවා භාවිතයට ගනනෙ නැහැ (දී)
ඇත්තටම ගව මුත්‍රා අපේ රටෙත් එක්තරා කලෙක දේශීය වෙදකමට ගත්ත පරණ මිනිසුන්ට මතක ඇති මම හිතන්නේ (දී)
මුත්රා යනු සිරුරින් ඉවත් කරන අපද්‍රවයකි. අපේ අය උපදෙස් ගන්න යන්නේ මේ මුත්‍රා බොන අයගෙන්. මේ අය හින්දා පිටරට ඉන්න අපිවත් සවුත්තුවෙනවා.(නදී)
ඉන්දියාව කියන්නේ විශ්වයේ කේන්ද්‍රස්ථානය හතර මහා අපායේ සිට චතුර් මහා රාජ්‍යත් එහි තියනවා. එම නිසා මෙය පුදුමයක් නෙමේ. මුත්‍ර කියන්නේ ශරීරයෙන් පිටකරන අප ද්‍රව්‍යක්.(නදී)
පූතිමුත්තභෙසජ්ජ නමින් ගවමුත්‍රා යොදා තනන බෙහෙතක් පැරැන්නන් භාවිතා කළා. ආයුර්වේදයේත් ගවමුත්‍රා බෙහෙතක් ලෙස පාවිච්චි වෙනවා. (නදී)
විමුක්තිය ලබා ගන්න කියල අසූචි අනුභව කලෙත් ඉන්දියාවේ හිටපු අයනේ. පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමත් පිළිකා ප්‍රතිකාර වලට ගවමුත්‍රා යොදා ගන්නවා.(නදී)