ඉන්ධන ගැලූමකින් සැතපුම් 313 ක් ධාවනය කළ හැකි යැයි පැවසෙන නව මෝටර් රථයක් වෙළදපොළට එක් කිරීමට ජර්මනියේ වොක්ස්වාගන් සමාගම කටයුතු කර තිබේ.
වොක්ස්වාගන් එක්ස් - එල් ලෙස හැදින්වෙන මෙම මෝටර් රථය ජවගැන්වීමට විදුලි මෝටර පද්ධතියකුත් ඩීසල් එන්ජිමකුත් භාවිතා කෙරේ.රථවාහන තදබදය වැඩි නගරබද ධාවනයට විදුලි මෝටර පද්ධතියත් දිගු දුර ධාවනයට ඩීසල් එන්ජිමත් යෝග්‍ය වන්නේ යැයි වොක්ස්වාගන් සමාගම කියයි.මෝටර පද්ධතිය හා එන්ජිම අතර ධාවනය හුවමාරු කිරීමේ හැකියාවද රියදුරාට ලබා දී තිබේ.
මෙවන් කි්‍රයාකාරීත්වයකින් යුක්ත වන මෝටර රථ වෙළදපොළේ සුලභ වුවත් ඒවා මෙම මෝටර් රථයේ තරම් ඉන්ධන පිරිමැස්මක් ලබා නොදේ.
මෙම මෝටර් රථයේ ඉන්ධන පිරිමැස්ම පසුපස ඇති රහස ලෙස නිෂ්පාදකයෝ පෙන්වා දෙනුයේ එහි නිමාවයි.වායු ප්‍රතිරෝධය අවම වන සේ නිර්මානය කර ඇති සැකිල්ල නිසා මෝටර් රථය ධාවනය කිරීමට වැඩි ජවයක් අවශ්‍ය නොවන බව නිශ්පාදකයින් කියති.සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් නම් සැහැල්ලූ එහෙත් ඉතා ශක්තිමත් අමුද්‍රව්‍යයෙන් නිමවා ඇති මෙම මෝටර් රථයේ බර කිලෝග්රෑම් 795 කි.එයද ඉන්ධන පිරිමැස්මට හේතු වන වැදගත් සාධකයකි.
මෝටර් රථය ඉන්ධන පිරිමැස්ම මතම පිහිටුවා නිර්මානය කෙරී නොමැති බව පැහැදිලි වන්නේ එහි වේගය සැළකූ විටය.තත්පර 11 ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකි මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතපුම් 99 කි.
මෙවන් මෝටර් රථ නිශ්පාදනය කෙරෙනු ඇත්තේ දෙලක්ෂයක් ක් පමණි.එය වොක්ස්වාගන් සමාගමේ තීරණයකි.සම්පූර්ණයෙන්ම අතින් නිර්මානය කෙරෙන මෙවන් මෝටර් රථයක වටිනාකම ඒ නිසාම සැලකිය යුතු තරමින් ඉහළය.පවුම් ලක්ෂයක පමණ මුදලකට නව මෝටර් රථය මිල කිරීමට වොක්ස්වාගන් සමාගම කටයුතු කර ඇත
ඉන්ධන පිරිමැස්ම අතින් ඉහළ වුවත් මිල අතින් වඩාත් ඉහළ නිසා මෙම මෝටර් රථය ඉන්ධන මිල පිළිබඳ සැළකිලිමත් වන බහුතර ජනතාවට යෝග්‍ය නොවන බව බහුතරයගේ අදහසයි. තාක්ෂණික දියුණුව අගය කරනවා විනා මෙම මෝටර් රථයට වෙනත් තේරුමක් නොමැති යැයි ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්ය බහුල ලෝකයට හොද ආයෝජනයක් , නමුත් මිල අතින් බලන කල සාමාන්‍ය ජනතාවට මහත් බරක් .(දී)
පවුම් ලක්ෂයක් කියන්නේ ලංකාවේ අයට ලොකු මුදලක් නොවෙයි දැන්. ඒත් ජර්මනියේ, එංගලන්තයේ අයටනම් ලොකු මුදලක්. (දී)
මාර මිලක් නේ (දී)
හොඳ නිර්මාණයක්.(නදී)
ෆ්‍රෑන්ක් ජර්මනි, පවුම් ලක්ෂයක් ලංකාවේ අයට ලොකු දෙයක් නොවෙන බව පාරේ තියෙන ත්‍රී වීල් මෝටර් සය්කල් දැක්කම පැහැදිලි වෙනවා නේද?(නදී)
අද තෙල් මිල බැලුවම මේක හොඳ නිර්මාණයක්.(නදී)
මෙහි මිල ඩොලර් 145,000 යි. ඒ කියන්නේ රුපියල් කෝටි 2 ක්. කෝටි 2 ක් දීල අරගෙන ලීටරයකින් කි,මි. 106 ක් ගියාට වැඩක් තියෙනවද ? (නදී)
ලොවේ තිබෙන වටිනාකම වැඩි වාහන සියල්ලම ලංකාවේ තියෙනවා . අරපිරිමැසුම්දායක ජලයෙන් දුවන වාහනත් අපි හැදුවා නේද ? අමතකද ? නැනෝ කාර් එනකොට ත්‍රී වීල් කට්ටිය වර්ජනත් කළා ! රබර් තියෙන ලංකාවේ මකන කෑල්ලත් චීනයෙන්. කොහොමද වැඩේ සිරිබර ශ්‍රී ලංකාවයි.(නදී)
පෙරේරා, ලංකාවේ පාරවල් වල දුවන ලක්ෂ දෙසීයේ තුන්සීයේ වාහන දැක්කම මටත් හිතෙනේ දේ තමා කිව්වේ.මම මේ කාලයේ ඉන්නේ ලංකාවේ. ඔයත් ඇවිත් බලන්න ලංකාවේ ආශ්චාර්ය...(අ)
ඕක ලංකාවට ගෙනල්ලා ලංකාවේ ආශ්චාර්ය බද්ද ගැහුවම පවුම් ලක්ෂ තුනක් විතරවේවි. (නදී)