IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගැලුමෙන් සැතපුම් 300ක් යයි

ඉන්ධන ගැලූමකින් සැතපුම් 313 ක් ධාවනය කළ හැකි යැයි පැවසෙන නව මෝටර් රථයක් වෙළදපොළට එක් කිරීමට ජර්මනියේ වොක්ස්වාගන් සමාගම කටයුතු කර තිබේ.

වොක්ස්වාගන් එක්ස් - එල් ලෙස හැදින්වෙන මෙම මෝටර් රථය ජවගැන්වීමට විදුලි මෝටර පද්ධතියකුත් ඩීසල් එන්ජිමකුත් භාවිතා කෙරේ.රථවාහන තදබදය වැඩි නගරබද ධාවනයට විදුලි මෝටර පද්ධතියත් දිගු දුර ධාවනයට ඩීසල් එන්ජිමත් යෝග්‍ය වන්නේ යැයි වොක්ස්වාගන් සමාගම කියයි.මෝටර පද්ධතිය හා එන්ජිම අතර ධාවනය හුවමාරු කිරීමේ හැකියාවද රියදුරාට ලබා දී තිබේ.

මෙවන් කි්‍රයාකාරීත්වයකින් යුක්ත වන මෝටර රථ වෙළදපොළේ සුලභ වුවත් ඒවා මෙම මෝටර් රථයේ තරම් ඉන්ධන පිරිමැස්මක් ලබා නොදේ.

මෙම මෝටර් රථයේ ඉන්ධන පිරිමැස්ම පසුපස ඇති රහස ලෙස නිෂ්පාදකයෝ පෙන්වා දෙනුයේ එහි නිමාවයි.වායු ප්‍රතිරෝධය අවම වන සේ නිර්මානය කර ඇති සැකිල්ල නිසා මෝටර් රථය ධාවනය කිරීමට වැඩි ජවයක් අවශ්‍ය නොවන බව නිශ්පාදකයින් කියති.සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් නම් සැහැල්ලූ එහෙත් ඉතා ශක්තිමත් අමුද්‍රව්‍යයෙන් නිමවා ඇති මෙම මෝටර් රථයේ බර කිලෝග්රෑම් 795 කි.එයද ඉන්ධන පිරිමැස්මට හේතු වන වැදගත් සාධකයකි.

මෝටර් රථය ඉන්ධන පිරිමැස්ම මතම පිහිටුවා නිර්මානය කෙරී නොමැති බව පැහැදිලි වන්නේ එහි වේගය සැළකූ විටය.තත්පර 11 ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකි මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතපුම් 99 කි.

මෙවන් මෝටර් රථ නිශ්පාදනය කෙරෙනු ඇත්තේ දෙලක්ෂයක් ක් පමණි.එය වොක්ස්වාගන් සමාගමේ තීරණයකි.සම්පූර්ණයෙන්ම අතින් නිර්මානය කෙරෙන මෙවන් මෝටර් රථයක වටිනාකම ඒ නිසාම සැලකිය යුතු තරමින් ඉහළය.පවුම් ලක්ෂයක පමණ මුදලකට නව මෝටර් රථය මිල කිරීමට වොක්ස්වාගන් සමාගම කටයුතු කර ඇත

ඉන්ධන පිරිමැස්ම අතින් ඉහළ වුවත් මිල අතින් වඩාත් ඉහළ නිසා මෙම මෝටර් රථය ඉන්ධන මිල පිළිබඳ සැළකිලිමත් වන බහුතර ජනතාවට යෝග්‍ය නොවන බව බහුතරයගේ අදහසයි. තාක්ෂණික දියුණුව අගය කරනවා විනා මෙම මෝටර් රථයට වෙනත් තේරුමක් නොමැති යැයි ඔවුන් පවසයි.

 



අදහස් (0)

ගැලුමෙන් සැතපුම් 300ක් යයි

ෆ්‍රෑන්ස් ජර්මනි Monday, 20 January 2014 11:31 PM

පවුම් ලක්ෂයක් කියන්නේ ලංකාවේ අයට ලොකු මුදලක් නොවෙයි දැන්. ඒත් ජර්මනියේ, එංගලන්තයේ අයටනම් ලොකු මුදලක්. (දී)

:       0       0

ෆැරෑන්ක් Friday, 24 January 2014 05:06 AM

පෙරේරා, ලංකාවේ පාරවල් වල දුවන ලක්ෂ දෙසීයේ තුන්සීයේ වාහන දැක්කම මටත් හිතෙනේ දේ තමා කිව්වේ.මම මේ කාලයේ ඉන්නේ ලංකාවේ. ඔයත් ඇවිත් බලන්න ලංකාවේ ආශ්චාර්ය...(අ)

:       0       0

පෙරේරා Wednesday, 22 January 2014 01:15 AM

ෆ්‍රෑන්ක් ජර්මනි, පවුම් ලක්ෂයක් ලංකාවේ අයට ලොකු දෙයක් නොවෙන බව පාරේ තියෙන ත්‍රී වීල් මෝටර් සය්කල් දැක්කම පැහැදිලි වෙනවා නේද?(නදී)

:       0       0

සුජී Tuesday, 21 January 2014 03:33 PM

හොඳ නිර්මාණයක්.(නදී)

:       0       0

වජිරා Friday, 24 January 2014 10:09 AM

ඕක ලංකාවට ගෙනල්ලා ලංකාවේ ආශ්චාර්ය බද්ද ගැහුවම පවුම් ලක්ෂ තුනක් විතරවේවි. (නදී)

:       0       0

චින්තක Wednesday, 22 January 2014 05:50 PM

මෙහි මිල ඩොලර් 145,000 යි. ඒ කියන්නේ රුපියල් කෝටි 2 ක්. කෝටි 2 ක් දීල අරගෙන ලීටරයකින් කි,මි. 106 ක් ගියාට වැඩක් තියෙනවද ? (නදී)

:       0       0

සමන්ත Tuesday, 21 January 2014 11:59 AM

මාර මිලක් නේ (දී)

:       0       0

දිනුක Wednesday, 22 January 2014 11:21 AM

අද තෙල් මිල බැලුවම මේක හොඳ නිර්මාණයක්.(නදී)

:       0       0

සමන්ති Wednesday, 22 January 2014 07:34 PM

ලොවේ තිබෙන වටිනාකම වැඩි වාහන සියල්ලම ලංකාවේ තියෙනවා . අරපිරිමැසුම්දායක ජලයෙන් දුවන වාහනත් අපි හැදුවා නේද ? අමතකද ? නැනෝ කාර් එනකොට ත්‍රී වීල් කට්ටිය වර්ජනත් කළා ! රබර් තියෙන ලංකාවේ මකන කෑල්ලත් චීනයෙන්. කොහොමද වැඩේ සිරිබර ශ්‍රී ලංකාවයි.(නදී)

:       0       0

සුජීවා Monday, 20 January 2014 11:38 AM

කාර්ය බහුල ලෝකයට හොද ආයෝජනයක් , නමුත් මිල අතින් බලන කල සාමාන්‍ය ජනතාවට මහත් බරක් .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site