IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිලූණු ඉතාලි නැවේ සිරවූ මගීන් සෙවීමේ කටයුතු නතර කෙරේ

ඉතාලියේ ටස්කන් මුහුදු සීමාවේදී මීට සති දෙකකට පෙර ගිලී ගිය කොස්ටා කොන්කෝවියා නෞකාවේ සිටි පිරිස් සෙවීමේ මෙහෙයුම් අවසන් කර ඇතැයි සමුද්‍ර බලධාරීහු පවසති. අතුරුදන්වූ හෝ මියගිය පිරිසගේ මළ සිරුරු සෙවීමට යොදා සිටි කිමිදුම්කරුවන්ට එම මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාමේ අපහසුතා මතුවී ඇතැයි ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ඉතාලියේ සිවිල් ආරක්ෂක සමුද්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම නැව දිගින් මීටර් 290 ක් වේ. මෙම යෝධ නැව තව තවත් වරින්වර ගිලෙමින් පවතින හෙයින්, සෙවීම් කටයුතු අපහසුවී ඇතැයි එම නිවේදනයේ තව දුරටත් සඳහන් වී තිබේ. එහෙත් තවත් 15 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැත. කොස්ටා කොන්කෝඩියා නැව ගිලෙන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 4200 සිටි බව හෙළිවිය. මෙම නෞකාව අනතුරට පත්වීමට හේතුව නැව් සමාගම පවසන පරිදි නැවේ කපිතාන් බව අනාවරණය විය. නමුත් කපිතාන්වරයා එය ප‍්‍රතික්‍ෂේප කරයි. කුඩා දිවයිනක්වූ ගිග්ලියෝ දූපත ආසන්නයේ මීටර් 150 ක් තුළ නැව හැරවීමට තැත් කිරීමේදී එය පර්වතයක ඇනී නැව් පතුල සිදුරුවීම නිසා අනතුරුට ලක්විය.



අදහස් (0)

ගිලූණු ඉතාලි නැවේ සිරවූ මගීන් සෙවීමේ කටයුතු නතර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site