මෙතෙක් හමුවී ඇති ලොව පැරණිතම දැව පිළිමය ලෙස සැළකෙන ෂිගිර් පිළිමයේ කොටා ඇති අක්ෂර රටාවන්ගේ සඟවා තිබෙන බවට සැකකෙරෙන රහසිගත පණිවුඩයක් කියවා ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.
ෂිගිර් පිළිමයේ වයස නීර්ණය කිරීමේ කටයුතුද මේ වන විට අවසාන අදියරේ පවතින අතර එම කටයුතු වල නිරතවී සිටිනා පර්යේෂකයන් පවසන්නේ පිළිමය වසර 9500 ක් පමණ පැරණි යැයි සැළකිය හැකි බවයි.
ගල් යුගයේ මෙසොනික අවිධියේදී නිර්මාණය කෙරී ඇතැයි සැළකෙන මෙම ප්‍රතිමාව ඊජිප්තු පිරමීඩයන්, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් වැනි පුරාණ නිර්මාණයන් සියල්ලට වඩා පැරණිය.
මෙම පිළිමය මුලින්ම සොයා ගැනුනේ 1890 වසරේදී රුසියාවේ ඌරල් කදු ප්‍රදේශයෙන්ය.
සොයාගත් සමයේ පිළිමයේ උස ලෙස අඩි 17 ක් ලෙස සටහන්ව තිබෙතත් පසුකාලීනව උද්ගතවූ රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා පිළිමයටද අත්වූයේ නරක කලදසාවක් වන අතර නොසැළකිලිමත් කම නිසාවෙන් එයින් අඩි 6 ක පමණ කොටසක් කැඩී ගොස් තිබේ.
එම කැඩුණු කොටස මේ දක්වාම සොයාගැනීමට හැකිව නොමැත.
වර්තමානයේ පිළිමය උසින් අඩි 9 ක් පමණ වේ.
එහි මුහුණු සතක් කැටයම් කර තිබෙන අතර එක් මුහුණක් ත්‍රිමාණව පෙනී සිටින සේ නිමවා තිබේ.
එහි සදහන් අක්ෂර රටා සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් මෙසෝනික යුගයේ මානවයා සතුටින් දිවිගෙවා ඇති බවක් ඇඟවෙන බව බොහෝ විද්‍යාඥයින් පළ කරන මතයකි.
අක්ෂර රටාවන් ලෙස විද්‍යාඥයින් හදුන්වාදෙන්නේ පිළිමය මත සටහන්ව ඇති ඉරි කැබලිය.
නමුත් පිළිමයේ ඇති මුහුණු සත සමඟද සැළකුවහොත් අක්ෂර රටාවන්ගෙන් කියැවෙන්නට ඉඩ ඇත්තේ වෙනත් දෙයක් බව ඇතැම් විද්‍යාඥයින් කියයි.
එදවස පැවති සමාජ තලයන් හෝ වැදගත් සිදුවීම් හෝ ඇතැම් විට නොපෙනෙන බලවේගයන් හා පැවැත්වූ සබදතා හෝ එම අක්ෂර රටාවන්ගෙන් කියැවෙන පණිවුඩයේ ඇතැයි ඔවුන්ගේ මතයයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් යුගයේ දැව පිළිමයක්
ධම්ම Thursday, 23 October 2014 10:25 AM
අපේ රාවණා රජතුමා ඔය පළාතේ ගැවසුනාද කියලා ටිකක් හොයා බලන්න වටිනවා.(නදී)
රවීන් Friday, 24 October 2014 06:18 PM
කට්ටිය මේ පිලිමේ අකුරු හොයනවා. මට හිතෙන්නේ පච්චයක් කොටලා වගෙයි. (නදී)
කුමාර් Friday, 24 October 2014 07:56 PM
ධම්ම, රජින්ද ඔය සමහර විට රාවණාගේ දඬු මොනරේ කෑල්ලක් ද දන්නේ නෑ. ඔය රුසියාව පැත්තේ ඒ කාලෙත් මිසයිල් ගහන්න ඇති උඩින් ගුවන් යානා යනකොට. (නදී)
ධම්ම Friday, 24 October 2014 07:19 AM
රජින්දගේ මානසිකත්වය වෙනස් කිරීමට මට නොහැක. මා ලියු දේ හි අවතක්සේරුවක් හෝ විහිළුවක් ගැබ්ව නැත. (නදී)
රජින්ද Thursday, 23 October 2014 08:36 PM
ධම්ම, හැමදේකටම රාවණා...රාවණා... කියලා අපේ ඉතිහාසයේ චරිත අවතක්සේරු කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. අපේ ඉතිහාසය අපිම විහිලුවකට අරගෙන කියලා දැනෙනවා. (නි)