හෙරොයින්  ගුලි දුසිම් ගණනක් ගිල දමා රෝගාතුරව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රෝහල් ගත කිරීමට ඉන්දුනිීසියා ගුවන් බලධරයෝ ක්‍රියා කළහ.

රෝහලේදී ඔහු ගුලි 18 ක් වමනය කර ඇති අතර එක්ස්රේ පරීක්ෂාවකින් පෙනීගොස් තිඛෙන්නේ ඔහුගේ උදරයේ තවත් ගුලි තොගයක් තිඛෙන බවයි.ඒවා එකක් සෙන්ටි මිීටර 3 ක් පමණ දිග සෙන්ටි මිීටර 1.5 ක් පළල ප්‍රමාණයේ වේ.

ඔහුට විරේකකාරක ලබාදෙමින් සිටින බව වෛද්‍යවරු කියති.

ගුලි ගිලදැමිීම නිසා සැකකරු සිටින්නේ දැඩි සේ රෝගාතුරු වී බව සදහන්ය.වැඩිදුර තොරතුරු හෙළි කරගැනීමට ඔහුට පියවි සිහිය ලැඛෙන තෙක් ඉවසා සිටීමට පොලිසියට සිදුව ඇත.

ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී හසුවන්නන්ට නීතිය දැඩි ලෙස කි්‍රයාත්මක කරන රටක් ලෙස ප්‍රකටය.ජවාරම්කරුවන් වසර ගණනකට සිරගත කෙරෙන අතර අමතරව විශාල දඩයක්ද ගෙවීමට සිදුවේ.