අලූතින් ග්‍රහලෝක 715 ක් සොයාගැනීමට හැකිවුණු බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පසුගියදා නිවේදනය කළේය.
නාසා ආයතනය සතු කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නයෙන් මේ නව ග්‍රහයින් සොයාගැනීමට හැකිව ඇතැයි සදහන්ය.මේ ග්‍රහයිනුත් ලොව වෙනත් අභ්‍යාවකාශ දුරදක්නයන්ගෙන්ද සොයාගැනීමට හැකිවූ වෙනත් ග්‍රහයිනුත් එක්ව ගත් කළ නව ග්‍රහයින් 1700 ක් පමණ මේ දක්වා සොයාගැනීමට හැකිව තිඛෙන බව විද්‍යාඥයෝ කියති.
නාසා ආයතනය සොයාගෙන ඇති ග්‍රහයින් 715 අතර පෘථීවියට සමාන තත්ත්ව ඇති ග්‍රහයින් කිහිප දෙනෙකුද සිටී.ඒවා මත ජීවය ඇතිවීමට අවශ්‍ය මූලික සාධකය වන ජලය පැවතිය හැකියැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
සොයාගෙන ඇති පරිදි එම ග්‍රහයින් අතුරින් බොහෝමයක් තම මව් තාරකාවට ආසන්නව පිහිටි කක්ෂයන්ගේ භ්‍රමණය වේ.ප්‍රමාණයෙන් කුඩා මෙන්ම විශාල ග්‍රහයින්ද ඒවා අතර වේ.
නාසා ආයතනය සතු කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය මේ ගෙවමින් සිටින්නේ අභ්‍යාවකාශයේ එය ගතකරනා සිව්වැනි වසරයි.නව ග්‍රහලෝක 715 ත් සමග එය ආධාරයෙන් මේ දක්වා විද්‍යාඥයින් සොයාගැනීමට සමත්ව තිඛෙන ග්‍රහලෝක සංඛ්‍යාව 961 කි.
විද්‍යාඥයින්ගේ මිීළග උත්සාහය පෘථීවියට සමාන ගතිලක්ෂණ ඇති ග්‍රහලෝකයන් වල ජීවය පවතිීදැයි හෝ ජීවය ඇතිවීමට සුදුසු පරිසරයක් තිබේදැයි යන්න සොයාබැලීමයි.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රහලෝක වැහිවහී
සත්‍යයා Monday, 03 March 2014 03:08 PM
අපේ දේශපාලන සෞර ග්‍රහ මණ්ඩලේත් ග්‍රහයෝ දවස ගානේ වැඩි වෙනවා. කොච්චර වැඩිවෙනවාද කිව්වොත් එකම ග්‍රහ මණ්ඩලේ ග්‍රහයෝ එකා ට එකා හැපෙනවා. (අ)
චන්ද්‍රා Tuesday, 04 March 2014 05:32 PM
බුදු වදන් සනාත වීමක්; සාදු, සාදු, සාදු ! (නදී)
ප්‍රේමකුමාර Tuesday, 04 March 2014 09:25 PM
හා හා හා ලිපියේ මාතෘකාව නම් මරු.(නදී)
ප්‍රේමකුමාර Tuesday, 04 March 2014 09:29 PM
නව ග්‍රහයින් 1700 ක් පමන? දැන් ඉතින් නව ග්‍රහයින්ගේ අපල දුරු කරන්න පූජා පවත්වන අයට සොරිම තමයි ග්‍රහයින් 1700 ක් තෘප්ත කරන්න ගියාම නිකන්ම හාන්සි වෙනවා.(නදී)
රංජිත් Tuesday, 04 March 2014 10:38 PM
බුදු හාමුදුරුවෝ කියල තියනවා අනන්තය සොයා යන්න එපා කියල මොකද එහෙ අවසානයක් නෑ කියල දැනට තේරෙනවා ඇති ,(දිල්)
ජෝයි ඩයස් Wednesday, 05 March 2014 12:54 AM
සමහර විට ජීවින් ඈති. වෑඩේ කියන්නෙ ඔවුන්ට මේ ලෝකයට එන්න දෙන්නේ නෑතිව ඈති. අපේ ලෝකෙ දේශපාලන විද්‍යාව ඉගෙනගනී කියලා බයට. මොකද මානවහිමිකම්,කොමිස්,නිලධාරි වාද,පගා,දූෂණ,නව යටත් විජිත වාදය,ගෝලීයකරණය,පුද්ගලීකකරණ්ය,සංවර්ධන වාෂ්පීකරණය වගේ දෙවල් වලින් ඒ ලස්සන ලෝක නවීකරණය වෙයි කියලා බයට.(නදී)
බංඩාර කුවෙට් Monday, 03 March 2014 09:13 AM
විශ්වයේ සීමාවක් නැහැ ඔබ අතරමංවෙවී.(නදී)
සමන් Monday, 03 March 2014 10:49 PM
ඔව් ආර්ථිකේ කඩා වැටිලා රට බංකොලොත් වෙලා තියෙන එකේ දැන් වෙන ලෝකයක් හරි හොයා ගන්න වෙයි.(නදී)
සත්‍යයා Wednesday, 05 March 2014 06:20 AM
අපේ චෞර ග්‍රහ මණ්ඩලයේත් කොච්චර කචල් තිබුනත් ග්‍රහයන් වැඩිවීම නතර වෙලා නැහැ.(නදී)
ශ්‍රීනාත් Tuesday, 04 March 2014 09:37 AM
ගුරා සොයන්න ඕනේ නෑ.(අ)
අමිල කටුනායක Sunday, 02 March 2014 06:06 PM
ඔය එකකට අපේ කාගේ හරි නමකුත් දායිද? (නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 04 March 2014 01:17 PM
අවරුදු 2600 කට පෙර එදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ විශ්වය කෙළවරක් නැත සොයා නිම කළ නොහැක යන්නයි.(දිල්)