IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගමේ පෙරූ මත්වතුර බී එකසිය දෙදෙනෙක් මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ග‍්‍රාමීය මට්ටමෙන් පෙරන අධික විෂ සහිත රසායන ද්‍රව්‍යයක් වන මෙතනෝල් අධි සාන්ද්‍රණයෙන් යුක්ත  බවට සැක කෙරෙන මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පුද්ගලයින් 102ක් මරණයට පත්ව ඇතැයි එරට රජයේ ප‍්‍රකාශකයෙකු ඊයේ (15) පැවසීය. බංග්ලාදේශ දේශසීමාවට යාබදව පිහිටා ඇති ගම් දහයක වැසියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මත්පැන් පානය කළ පසුව දරුණු ලෙස රෝගාතුර වූ එම ගැමියන් ආසන්නයේ පිහිටි රෝහල් තුනකට ඇතුළත් කළ පසුව ඔවුන් මිය ගිය බව ප‍්‍රාදේශීය රෝහලේ නිලධාරියෙකු කියා සිටියේය. මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය කම්කරුවන් සහ රික්ෂෝකරුවන් වන අතර ප‍්‍රමිතියකින් යුතු මත්පැන් මිලදී ගැනීමට වත්කමක් නොමැති තරමටම ඔවුන් දිළිඳු ගැමියන් බව වාර්තා වේ. එම මරණවලට ඍජුවම අධික විෂ සහිත මත්පැන් පානය කිරීම හේතු වී ඇති බව මියගිය පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරයෙකු පැවසීය. ඉන්දියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිදුකෙරෙන නීතිවිරෝධී මත්පැන් සකස්කිරීමේදී මෙතනෝල් සුළු ප‍්‍රමාණයක් එකතු කරන අතර එම ප‍්‍රමාණය ද මිනිසෙකු අන්ධභාවයට පත් කිරීමට සහ අක්මාවට හානිකර ලෙස බලපෑ හැකි බව වෛද්‍යවරු පවසති. එම මරණවලට වගකිවයුතු පුද්ගලයින් බවට සැක කරන සිව් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. බටහිර බෙංගාලයේ ප‍්‍රධාන ඇමතිවරිය වන මම්තා බෙනර්ජි මියගිය පුද්ගලයින්ගේ පවුලකට වන්දි වශයෙන් ඉන්දියා රුපියල් ලක්ෂ 2 බැගින් ලබාදෙන බව පවසා ඇත්තීය. නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව වහා කි‍්‍රයාත්මක වන පරිදි දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මහ ඇමතිනී මම්තා බෙනර්ජි වැඩිදුරටත් පවසා ඇත.



අදහස් (0)

ගමේ පෙරූ මත්වතුර බී එකසිය දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site