IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගඩාෆි හිතවාදීහු පිරිසක් ලිබියා නගරයක් අල්ලා ගනිති

ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීහු පිරිසක් පෙරේදා (23) එරට පාලනය අතට ගෙන සිටින ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට පහර දී බානී වාලීඞ් නගරය අත්පත් කර ගත්හ. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී පහර දුන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයට සම්බන්ධ කැරැලිකරුවන්ටය. ගඩාෆි හිතවාදීන් සහ එම කැරැලිකරුවන් අතර ගැටුම පැය ගණනක් තිස්සේ පැවැතුණු අතර එම ගැටුවේදී කැරැලිකරුවෝ හත් දෙනෙක් මිය ගියහ. ගැටුම්වලින් තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ. ගඩාෆි හිතවාදීන් බානී වාලිඞ් නගරයට පහර දී ඇත්තේ බර අවි සහ යුද ටැංකි නාශක අවි යොදා ගනිමින් යැයි කැරැලිකාර පාර්ශ්වය පවසයි. ඔවුන් පැමිණ ඇත්තේ කොළ පැහැකි ධජ අතැතිවය. එය ගඩාෆි පරිපාලනයේ සංඛේතයයි. බානී වාලිඞ් නගරය පිහිටා ඇත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ”බානී වාලීඞ් නගරයේ පාලනය මේ වනවිට ඇත්තේ ගඩාෆි හිතවාදීන් අතේ. ඔවුන්ගෙන් නගරය මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලිබියා නව පාලනයට හිතවත් කැරැලිකාර කණ්ඩායම් කිහිපයක් ඔවුන් සමඟ සටනට යොදවා තිබෙනවා. ගුවන් ප‍්‍රහාර ද එල්ල කිරීමට සූදානම් වෙනවා” යැයි ජාතික පාලක මණ්ඩලය පවසයි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සටන් වැදුණු කැරැලිකාර පාර්ශ්වයේ ‘දේශපාලන හඬ’ වූයේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩාලයයි. බානී වාලීඞ් නගරය ගඩාෆි හිතවාදීන් අතට පත්වීම අන්තර්වාර පාලක මණ්ඩලයට හිසරදයක් වී ඇත. ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් ලිබියා වැසියන් චෝදනා කරන්නේ පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. කෝපයට පත් ලිබියා විරෝධතාකරුවෝ පසුගියදා බෙන්ගාසී නුවර පිහිටි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩල මූලස්ථාවයට කඩා වැදී එහි සභාපති අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසය.



අදහස් (0)

ගඩාෆි හිතවාදීහු පිරිසක් ලිබියා නගරයක් අල්ලා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site