ඉතාලියේ ජිග්ලියෝ දූපත අසලදී අනතුරට පත්වූ ‘කොස්ටා කොන්කෝඩියා’ නැව ගොඩබිමට සමීපව යාත‍්‍රා කරන්නැයි තමාට උපදෙස් දුන්නේ නැව අයිති කොස්ටා කෲස් නැව් සමාගමේ කළමණාකාර මණ්ඩලය යැයි නැවේ කපිතාන්වරයා චෝදනා කරයි. කපිතාන් ෆ‍්‍රැන්සෙස්නෝ ෂෙටිනෝ එල්ල කරන එම චෝදනා තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බව නැව් සමාගම පවසයි. කපිතාන් ෆ‍්‍රැන්සෙස්නෝ පවසා ඇත්තේ ෆැබ්රීසියෝ නමැති කළමණාකාර මණ්ඩල නිලධාරියා නැව ජිග්ලියෝ දූපත අසලින් යාත‍්‍රා කරවන්නැයි තමන්ට දැනුම් දුන් බවත් තමා ඒ අණ පිළිපැදීමට කටයුතු කළ බවත්ය. නැව අනතුරට පත් කිරීමත් අනතුර සිදුවූ පසු ජීවිත අනතුරේ දමා නැව අතහැර පලා යෑමත් හේතුවෙන් කපිතාන්වරයාට එරෙහි අනියම් මිනීමැරුම් චෝදනා ද එල්ල වී ඇත. මේ වනවිට කොස්ටා කොන්කෝඩියා නැවේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සහ නඩු විභාග ආරම්භ කර තිබේ. කොස්ටා කෲස් නැව් සමාගම පවසන්නේ සිදුකරන පරීක්ෂණවලදී සහාය ලබා දෙන බවය. කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ මගීන් 4,200 දෙනකු රැගත් ‘කොස්ටා කොන්කෝඩියා’ නැව ජිග්ලියෝ දූපත අසලදී අනතුරට පත්වූයේ පසුගිය 13 වැනිදා රාති‍්‍රයේය. ඒ, නැව ගල් පරයක හැපී පෙරැළී යෑමෙනි. අනතුරින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 16 දෙනකු තවමත් අතුරුදන්ය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩබිම කිට්ටුවෙන් පදවන්නැයි අණ දුන්නේ නැව අයිති සමාගමයි