IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගොඩ වෙදා ලෙඩා අමාරුවේ දමයි

රෝගියෙකුගේ පිටෙන් මුතු ඇට 42 ක් ඉවත් කර ගැනීමට චීන වෛද්‍යවරු සමත්වූහ.

සූ ෆෙන්ග් නම් වන රෝගියා 61 හැවිරිදිය.මිීට වසර 2 කට පමණ පෙර තමාට කොන්දේ අමාරුවක් ඇතිවූවේ යැයිද ඊට ප්‍රතිකාර කිරීමට තම මිතුරෙකු කළ යෝජනාවක් පරිදි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ යැයිද ඔහු කියයි.

පාරම්පරික චීන වෛද්‍යවරයෙකු ලෙස තමන් හදුන්වාදුන් වෛද්‍යවරයා රෝගය සුවකිරීමට කොදුනාරටිය දෙපසට මුතු ඇට ඇතුළු කළ යුතුයැයි පැවසුවේ යැයිද තමනුත් දෙවරක් නොසිතාම ඊට එකගවූවේයැයිද සූ ෆෙන්ග් පවසයි.

ප්‍රතිකාරයෙන් පසු දින කිහිපයක් සුවයක් දැනී ඇති සු ෆෙන්ග්හට තිබුණු වේදනාව දෙගුණ තෙගුණ වී දැනෙන්නට පටන් ගෙන ඇත්තේ ඉන් පසුය.එවර ඔහු ප්‍රතිකාර සදහා තෝරාගෙන තිඛෙන්නෙ රජයේ රෝහලයි.

මේ අරුම පුදුම ප්‍රතිකාරය ගැන රෝහලේ වෛද්‍යවරුද මවිතයට පත්ව සිටිති.මුතු ඇට ඇතිල්ලීම නිසා ෆෙන්ගේ කොදු ඇට ගෙවී ගොස් ඇතැයිද,උකුල් ඇටය සම්පූර්ණයෙන්ම විනාශව ගොස් ඇතැයිද ඔවුන් කියයි.

සු ෆෙන්ග්ට හානි වී ඇති සියලූ අස්ථී නොවූවත් උකුල් ඇටය  හෝ බද්ධ කිරීමට සිදුවන බව ඔවුන් පවසයි.



අදහස් (0)

ගොඩ වෙදා ලෙඩා අමාරුවේ දමයි

සුරේෂ් සිල්වා Saturday, 01 March 2014 10:32 AM

ගොඩ වෙදා බොරුකාරයෙක්.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 27 February 2014 12:09 AM

දිනක් මැදිවියේ පුද්ගලයෙක් දොස්තර ලඟට ගියේ ඔහුගේ දකුණු කකුල දන හිසින් පහල කොටස නිල් පැහැ ගැන්වී ඇති බැවින් ප්‍රතිකාර ගැනීමටය. කකුල පරික්ෂාකල දොස්තර පැවසුවේ රෝගියාට භයානක රෝගයක් වැළඳී ඇති බැවින් දකුණු පාදය ඉවත් කල යුතු බවය. ඒ අනුව රෝගියාගේ පාදය ඉවත් කර කෘතීම පාදයක් සවි කළේය. දින කිහිපයකින් රෝගියා දොස්තර සොයා පැමිණ පැවසුවේ වම් කකුලද නිල්පැහ ගැන්වී ඇති බවය. වහාම ක්‍රියාමක වූ දොස්තරවරයා වම් කකුලද ඉවත්කර කෘතීම පාදයක් සවිකළේය. සතියකින් පමණ නැවතත් එම රෝගියා දොස්තර සොයා පැමිණ පැවසුවේ තමාට සවිකළ කෘතීම පාද දෙකත් නිල්පැහ ගැන්වී ඇතිබවය. රෝගියාව පරීක්ෂාකළ දොස්තරවරයා පැවසුවේ දැන්නේ මම ලෙඩේ හොයාගත්තේ ඔයා ඇඳගෙන ඉන්න නිල් පාට සරමේ සායම් යනවනේ යනුවෙනි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site