IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුස්සිය තිඹිරිගෙයක් වෙයි

බ්‍රිතාන්‍යයේ එසෙක් හි මාර්ක්ස්ටේ ප්‍රදේශයේ පදිංචි මවක් රාත්තල් 10ක් හා අවුන්ස 07ක් බරැති යෝධ ළමයෙක් සිය නිවසේ කුස්සියේදී බිහිකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විනනඹුකම කැර ඇත්තේ ඇගේ සැමියාය. බිහිවූ ගැහැනු දරුවාට ‍නෝආ යනුවෙන් නම් තබා ඇත.

මේ දරුවා බිහිකැර ඇත්තේ බෙකී වුවර්ඩි (28) නමැති තරුණියකි. ආරොන් ඔල්පොර්ට් ඇගේ සැමියාය. දරු ප්‍රසූතිය සදහා ඇය  කොල්චෙස්ටර් මහ රෝහලට ඇතුලත් වීමට නියමිතව සිටියාය.

රෝහල්ගත වීමට සියල්ල සූදානම් කැර රාත්‍රී නින්දට ගිය ඇයට අළුයම ප්‍රසූත වේදනා දැනෙන්නට විය. වේලාව අළුයම පහට ආසන්න වූ වා පමණි. ඇය සිය සැමියා අවදි කළාය. ඒ වනවිට වුවර්ඩි ගේ මව ද සිය දියණියට සහය වීමට ඒ නිවසට පැමිණ සිටියාය. රෝහලට යාමට සිය පාවහන් පළදින අවස්ථාවේ ප්‍රසූත ලක්ෂණ පහළ වීම සිදුවිය. අළුයම 5.52 ට ඇය නිවසේ කුස්සියේ දී සිය දරුවා ප්‍රසූත කළාය.

මේ අවස්ථාව ගැන ඔල්පෝර්ට් මෙසේ පවසයි.

''ඇය දරුවා ප්‍රසූත කරන බව දැනෙන්නට වුණා. අපි කලබල වුණේ නැහැ. ඇතිරිල්ලක් සහ කොට්ට කිහිපයක් ඇය වටා තබා කළ යුතු සියල්ල සිදුකළා. මේ අවස්ථාව ඉතාමත්ම හැගුම්බර වගේම චමත්කාරජනකයි. "

ඇය දරුවා ප්‍රසූත කිරීමෙන් විනාඩි කිහිපයකට පසු සේවිකාවන් ද සමග ගිලන්රථ දෙකක් එහි පැමිණියේය. ඒ සැමියා කලින් කරන ලද දැනුම් දීමකට අනුවය.

දරුවාත් මවත් දැන් නිරෝගී සුවයෙන් පසුවෙති. රාත්තල් දහයක් බරැති මේ දැරිය හැදින්වීමට දෙමාපියන් දැන් 'වුපර්' යන්න යොදා ඇත. එහි අර්ථය තඩි ළමයා යන්නයි.



අදහස් (0)

කුස්සිය තිඹිරිගෙයක් වෙයි

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 07 January 2014 03:59 PM

දරු පැටියාටත් මවටත් සියලු දෙවි පිහිට ලැබේවා!!(දිල්)

:       0       0

නෙතුමි Tuesday, 07 January 2014 08:26 AM

ලස්සන දරු පැටියෙක්.(නදී)

:       0       0

රජීව් Tuesday, 07 January 2014 04:21 PM

ලස්සන දරුවෙක්. සියලු දෙවි පිහිටයි. (ස)

:       0       0

සුවිනි Thursday, 09 January 2014 09:24 AM

මෙච්චර අමාරු අවස්ථාවක් පහු කරලත් අම්මගේ ලස්සන.... (දී)

:       0       0

මදු Tuesday, 07 January 2014 05:17 PM

දැක්කම ආසාවේ බෑ (අ)

:       0       0

නෙතුමි Tuesday, 07 January 2014 08:09 PM

මාගලි ෆොන්සේකා, හැම දරුවෙක්ම ලස්සනයි තම ඉතින් ලස්සනයි කියල කටින් කිවුවාම මොකද වෙන්නේ,, එක හිතේ තියාගෙන ඉන්න ඕනේ නෑනේ, (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 07 January 2014 10:53 AM

ඕවා එහේ දැන්ද වෙන්නේ ? (නදී)

:       0       0

චානක Tuesday, 07 January 2014 11:20 AM

දෛවයේ සරදමක් (දී)

:       0       0

මාගලි ෆොන්සේකා Tuesday, 07 January 2014 12:40 PM

නෙතුමි කැත දරු පැටව් ඉන්නවද ? (දී)

:       0       0

සිරිමා මාගරට් Tuesday, 07 January 2014 03:58 AM

සීදේවි කෙලි පොඩ්ඩි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site