IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කසල ශෝධකයෙක් උඩු ගුවනට

පෘථිවිය වටා අභ්‍යාවකාශයේ ඇති කැළි කසළ ඉවත් කර එය පිරිසිදු කිරීම සදහා විශේෂයෙන් සකස් කළ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට ජපානය කටයුතු කර තිබේ.

ස්ටාර්ස් - 2 නම් වන මෙම චන්ද්‍රිකාව ජපානයේ හා ඇමරිකාවේ ඒකාබද්ධ නිර්මානයක් වන අතර එය පෘථිවියේ කාලගුණ විපර්යාස අධ්‍යනය කිරීමේ අරමුණින් නිර්මානය වූවකි.

පසුව ජපාන විද්‍යාඥයින් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ කසළ ඉවත් කිරීමේ කාර්යයට ගැලපෙන සේ වැඩිදියුණු කිරීමටද කටයුතු කර තිබේ.

අභ්‍යාවකාශයේ කැළි කසළ ලෙස තිබෙන්නේත් මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් වල ප‍්‍රතිඵලයන්ම වේ.අත්හැර දැමුණු චන්ද්‍රිකා,රොකට්, වැනි දෑ බොහෝමයක් අභ්‍යාවකාශයේ පාවෙමින් පවතී.

ස්ටාර්ස් - 2 හි ඇති විසල් දැලක් වැනි ව්‍යුහය චන්ද්‍රිකාව පෘථිවිය වටා භ‍්‍රමණය වන අතර අභ්‍යාවකාශයේ ඇති මෙම අපද්‍රව්‍ය එය වෙතට ඇදගෙන පෘථිවි වායුගෝලයට කඩා වැටීමට සැළැස්වීමේ සමත් බව ජපාන විද්‍යාඥයින් කියයි.මෙසේ කඩා වැටෙන විටදී පෘථිවි වායුගෝලයේ ගැටීම නිසා එම අපද්‍රව්‍ය්‍යන් ගිනි ගෙන දැවී විනාශ වී යනු ඇතැයි ඔවුන් පවසයි.

 



අදහස් (0)

කසල ශෝධකයෙක් උඩු ගුවනට

ප්‍රේමකුමාර Tuesday, 04 March 2014 09:22 PM

කොහොමත් ඔය සිලි බෑග්, ටොපි කොල එහෙම අයින් කරන එක හොඳයි.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 04 March 2014 09:41 AM

ඕක කලොත් ජපානය මිසක් වෙන රටක් නොවෙයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site