පෘථිවිය වටා අභ්‍යාවකාශයේ ඇති කැළි කසළ ඉවත් කර එය පිරිසිදු කිරීම සදහා විශේෂයෙන් සකස් කළ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට ජපානය කටයුතු කර තිබේ.

ස්ටාර්ස් - 2 නම් වන මෙම චන්ද්‍රිකාව ජපානයේ හා ඇමරිකාවේ ඒකාබද්ධ නිර්මානයක් වන අතර එය පෘථිවියේ කාලගුණ විපර්යාස අධ්‍යනය කිරීමේ අරමුණින් නිර්මානය වූවකි.

පසුව ජපාන විද්‍යාඥයින් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ කසළ ඉවත් කිරීමේ කාර්යයට ගැලපෙන සේ වැඩිදියුණු කිරීමටද කටයුතු කර තිබේ.

අභ්‍යාවකාශයේ කැළි කසළ ලෙස තිබෙන්නේත් මිනිසුන්ගේ කි‍්‍රයාකාරකම් වල ප‍්‍රතිඵලයන්ම වේ.අත්හැර දැමුණු චන්ද්‍රිකා,රොකට්, වැනි දෑ බොහෝමයක් අභ්‍යාවකාශයේ පාවෙමින් පවතී.

ස්ටාර්ස් - 2 හි ඇති විසල් දැලක් වැනි ව්‍යුහය චන්ද්‍රිකාව පෘථිවිය වටා භ‍්‍රමණය වන අතර අභ්‍යාවකාශයේ ඇති මෙම අපද්‍රව්‍ය එය වෙතට ඇදගෙන පෘථිවි වායුගෝලයට කඩා වැටීමට සැළැස්වීමේ සමත් බව ජපාන විද්‍යාඥයින් කියයි.මෙසේ කඩා වැටෙන විටදී පෘථිවි වායුගෝලයේ ගැටීම නිසා එම අපද්‍රව්‍ය්‍යන් ගිනි ගෙන දැවී විනාශ වී යනු ඇතැයි ඔවුන් පවසයි.