IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුසට මිටිපාර:ඒත් දරුවා සුවෙන්

බිළිඳකු බිහි කිරීමට මාසයකට පෙර තම උදරයට මිටියකින් ගැසූ මවක් එංගලන්තයේ සිටියි. ඇය හීතා තෝප් නම් 24 හැවිරිදි තැනැත්තියකි.

ඇය ගැබ් ගෙන මාස 9 කුත් ගෙවුණු පසු මිටියකින් තම උදරයට වේගයෙන් ගසා තිබේ. ඇයගේ පෙම්වතා සීන් හැන්ලන් (26) මෙය නැවතීමට බල කර ඇත. තම නූපන් බිළිඳා කොපමණ ශක්තිමත්දැයි බැලීමට මෙය හොඳ අවස්ථාවක් බව කියමින් ඇය මෙසේ උදරයට මිටියෙන් ගසා ගෙන ඇත. හැන්ලන් මෙම සිද්ධිය ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.

කෙසේ වුවත් මාස 10 ක් අවසානයේ ඇය බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් බිහි කර ඇත. නමුත් ඇයගේ පෙම්වතා ඇයට විරුද්ධව මිනී මැරීමට තැත් කිරීමක් ලෙස පොලිසියට පැමිණිලි කළේය. ඔහුගේ වීඩියෝවද පෙන්නා ඇත. බිළිඳෙකුට ඇය මෙලෙස මිටියකින් පහර දුන හොත් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස මෙම කි‍්‍රයාවත් ඒ ලෙස සලකා ඇයට දඩුවම් ලබා දෙන ලෙස ඔහු අයාචනයක්ද කර ඇත.

හැන්ලන්ගේ පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඇය උදරයට මිටියකින් තලා ගෙන ඇත්තේ ගැබ් ගෙන මාස 9 කින් බව ඔප්පු වී තිබෙන නමුත් ඇය අපරාධයක් කළ බවට සාක්කි නොලැබී නැත. එම නිසා මෙම පැමිණිල්ල එරට වැඩිහිටි හා ළමා කාර්යංශයට යොමු කර තිබේ.



අදහස් (0)

කුසට මිටිපාර:ඒත් දරුවා සුවෙන්

දොං සේතන් Thursday, 28 November 2013 01:07 PM

දැන් කොයිකටත් ඔය ළමයා පරිස්සමි කර ගන්න ඊලගට ළමයාගේ ඔලුවට මිටි පහරක් ගහන්න පුලුවන්. ඔය ගෑනු කෙනාට මොලේ තියෙනවද බලන්න.(නදී)

:       0       0

මොලා Thursday, 28 November 2013 12:28 AM

ඊටපෙරත් සැමියාට හොරෙන් මෙහෙම ගහගෙන පරීක්ෂා කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

නිශා Thursday, 28 November 2013 03:41 PM

මොන පිස්සු මනුස්සයෙක් ද මේ. දරුවට ඒ වෙලාවේ දැනුන වේදනාව කවද හරි ඔය ගෑනු කෙනාට පඩිසන් දෙවි. අහිංසක කිරි සප්පයා පව්. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 November 2013 10:49 PM

අපේ රටේ මානව හිමිකම් ගැන කම්පාවෙන අයගේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මානව හිමිකම් නැති වෙලානේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)

:       0       0

ශිරෝ Thursday, 28 November 2013 09:36 AM

මේ කාන්තාව මානසික රෝගියෙක් වෙන්න ඇති. නැත්නම් මේ වගේ වැඩ කරාවිද. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 27 November 2013 07:06 PM

මොනවා වුණත් පුදුමාකාර මවක් (නි)

:       0       0

ගයාන් Wednesday, 27 November 2013 07:10 PM

අනේ අපොයි! මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

පසින්දු Wednesday, 27 November 2013 07:13 PM

මේ වගේ අය ගැන යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි, නැත්නම් දරුවාට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

දිලාන් Thursday, 28 November 2013 09:58 AM

පිස්සු මනුස්සයෙක්. (ස)

:       0       0

ගුණේ Wednesday, 27 November 2013 08:26 PM

මේ දෙමව්පියන් දෙන්නවම අත් අඩංගුවට ගත යුතුයි. මෙය හුදෙක් මාධය ජනප්‍රිය තාවය හුදෙසා කල ක්‍රියාවක්.(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Thursday, 28 November 2013 06:54 PM

දරුවගේ ශක්තිය බලන්න කලින් දෑත බදලා හොඳ පාරක් තමන්ගේම ඔලුවට ගහගෙන බැලුවා නම් හරි, තමන්ට මොළේ තියෙනවද කියලා. (නි)

:       0       0

මධු Wednesday, 27 November 2013 09:04 PM

මේ කාන්තාවට පිස්සුද මන්දා? (නි)

:       0       0

සරා Thursday, 28 November 2013 12:35 PM

අපි දරුවා කුසේ ඉන්න කොට උණුවෙන් තේ ටිකක්වත් බොන්නෙ නැහැ නේද? ඒකට මේ අම්මල.. (ස)

:       0       0

ජනිත් Friday, 29 November 2013 06:48 AM

අම්මව දැක්කහම පේනවා මොනවගේද කියලා. නිකටට කරාබුවක් එහෙම ද‍ාගෙන ඉන්නේ. මානව හිමිකම් බලන්න ඕනෑ මේ වගේ දේවල් වලට නෙමෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site