බිළිඳකු බිහි කිරීමට මාසයකට පෙර තම උදරයට මිටියකින් ගැසූ මවක් එංගලන්තයේ සිටියි. ඇය හීතා තෝප් නම් 24 හැවිරිදි තැනැත්තියකි.
ඇය ගැබ් ගෙන මාස 9 කුත් ගෙවුණු පසු මිටියකින් තම උදරයට වේගයෙන් ගසා තිබේ. ඇයගේ පෙම්වතා සීන් හැන්ලන් (26) මෙය නැවතීමට බල කර ඇත. තම නූපන් බිළිඳා කොපමණ ශක්තිමත්දැයි බැලීමට මෙය හොඳ අවස්ථාවක් බව කියමින් ඇය මෙසේ උදරයට මිටියෙන් ගසා ගෙන ඇත. හැන්ලන් මෙම සිද්ධිය ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.
කෙසේ වුවත් මාස 10 ක් අවසානයේ ඇය බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් බිහි කර ඇත. නමුත් ඇයගේ පෙම්වතා ඇයට විරුද්ධව මිනී මැරීමට තැත් කිරීමක් ලෙස පොලිසියට පැමිණිලි කළේය. ඔහුගේ වීඩියෝවද පෙන්නා ඇත. බිළිඳෙකුට ඇය මෙලෙස මිටියකින් පහර දුන හොත් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස මෙම කි‍්‍රයාවත් ඒ ලෙස සලකා ඇයට දඩුවම් ලබා දෙන ලෙස ඔහු අයාචනයක්ද කර ඇත.
හැන්ලන්ගේ පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඇය උදරයට මිටියකින් තලා ගෙන ඇත්තේ ගැබ් ගෙන මාස 9 කින් බව ඔප්පු වී තිබෙන නමුත් ඇය අපරාධයක් කළ බවට සාක්කි නොලැබී නැත. එම නිසා මෙම පැමිණිල්ල එරට වැඩිහිටි හා ළමා කාර්යංශයට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් පුදුමාකාර මවක් (නි)
අනේ අපොයි! මෙහෙමත් මිනිස්සු? (නි)
මේ වගේ අය ගැන යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි, නැත්නම් දරුවාට දෙවියන්ගේම පිහිටයි. (නි)
මේ දෙමව්පියන් දෙන්නවම අත් අඩංගුවට ගත යුතුයි. මෙය හුදෙක් මාධය ජනප්‍රිය තාවය හුදෙසා කල ක්‍රියාවක්.(නදී)
මේ කාන්තාවට පිස්සුද මන්දා? (නි)
ඊටපෙරත් සැමියාට හොරෙන් මෙහෙම ගහගෙන පරීක්ෂා කළාද දන්නෙ නැහැ (නි)
මේ කාන්තාව මානසික රෝගියෙක් වෙන්න ඇති. නැත්නම් මේ වගේ වැඩ කරාවිද. (ස)
පිස්සු මනුස්සයෙක්. (ස)
අපි දරුවා කුසේ ඉන්න කොට උණුවෙන් තේ ටිකක්වත් බොන්නෙ නැහැ නේද? ඒකට මේ අම්මල.. (ස)
දැන් කොයිකටත් ඔය ළමයා පරිස්සමි කර ගන්න ඊලගට ළමයාගේ ඔලුවට මිටි පහරක් ගහන්න පුලුවන්. ඔය ගෑනු කෙනාට මොලේ තියෙනවද බලන්න.(නදී)
මොන පිස්සු මනුස්සයෙක් ද මේ. දරුවට ඒ වෙලාවේ දැනුන වේදනාව කවද හරි ඔය ගෑනු කෙනාට පඩිසන් දෙවි. අහිංසක කිරි සප්පයා පව්. (ස)
දරුවගේ ශක්තිය බලන්න කලින් දෑත බදලා හොඳ පාරක් තමන්ගේම ඔලුවට ගහගෙන බැලුවා නම් හරි, තමන්ට මොළේ තියෙනවද කියලා. (නි)
අපේ රටේ මානව හිමිකම් ගැන කම්පාවෙන අයගේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මානව හිමිකම් නැති වෙලානේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
අම්මව දැක්කහම පේනවා මොනවගේද කියලා. නිකටට කරාබුවක් එහෙම දාගෙන ඉන්නේ. මානව හිමිකම් බලන්න ඕනෑ මේ වගේ දේවල් වලට නෙමෙයිද? (නි)