නව සහශ්‍රයේ ගතවූ වසර 13ක දී ලෝකයේ වාන්නතර වර්ග කිලෝමීටර ලක්ෂ 23 ක් විනාශ වී ඇතැයි නවතම ලෝක සිතියම අධ්‍යයනයේ දී පෙනි යයි.
චන්ද්‍රිකා දත්ත පදනම් කරගෙන සකසා ඇති නව ලෝක සිතියම මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව ඇත. මෙරිලන්ඩි විශ්වවිද්‍යාලයේ සිතියම් සැකසීම් අංශ ප්‍රධානී භූ විද්‍යාඥ මැටි හැන්සන් පවසන්නේ මේ ආකාරයේ ලෝක සිතියම් ඇත්තේ මෙය පමණක් බවයි. ලෝකයේ වේගවත් සංවර්ධනය හා වෙනස්වීම් ප්‍රාදේශීය වශයෙන් සන්සන්දනය කළ හැකි වීම මේ සිතියමේ විශේෂත්වයකි.
මේ සිතියමෙන් වර්ෂ 2000 සිට 2012 දක්වා දත්ත ආවරණය කැර ඇත. මේ කාලයේ සිදුවූ වන විනාශය සහ වනව වාගාවන් සංසන්දනය කිරීමේදී එම අදාල කාලසීමාව තුළ වර්ග සැතපුම් 309000 ක් වන වගා අළුතෙන් මිහිතලය මත ඇතිවී තිබේ. වර්ග සැතපුම් 888,000 ක් විනාශ වී ඇත. මේ අනුව ලොව වන වැස්මෙන් වර්ග සැතපුම් 579,000 ක් ගතවූ වර්ෂ 12 දී මිහිතලයට අහිමිවී ඇත.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ලෝකයේ සෑම රටකම වන විනාශ සිදුව ඇති බවයි. අඩුව වන විනාශයක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ බව ද හඳුනාගෙන ඇත. සෑම වර්ෂයක දී ම වර්ග සැතපුම් 500ක් හෙවත් වර්ග කිලෝ මීටර 1300ක් වනාන්තර විනාශය සිදුවන බව ද පර්යේෂණ මගින් තහවුරු කැරගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කැලෑ විනාශය ලොව පුරා
සරණ Wednesday, 25 December 2013 09:22 AM
ඉන්දු - ලන්ඩන්, මේ ලෝකේ ඉන්න ඕන මිනිස්සු විතරද? කැලේ කපලා වල් අලි,සර්පයින්, ඔය කියන දරුණු කැලෑ මදුරුවන්ගෙන් බේරෙනවා කියමු. ඊට පස්සේ හුස්ම ගන්නේ කොහොමද? බොන්න පිරිසිදු ජලය කොහෙන්ද? ඔයා ලන්ඩන්වල සේන්ට් ජේම්ස් උද්‍යානය වගේ තැනකට ගිහින් එතන පරිසරය විඳින කෙනෙක්ගෙන් අහන්න, ඒ විශාල ගස්වලින් ලැබෙන සහනය ගැන.(නදී)
ඉන්දු-ලන්ඩන් Wednesday, 25 December 2013 10:47 AM
2021 දී අගහරුගේ මිනිස් ජනාවාස හදන්න පුළුවන් යුගයකයි අපි ජීවත් වෙන්නේ 18 වෙනි සියවසේ නෙමෙයි. ගස් නැතුව උනත් මහ පරිමානෙන් ඔක්සිජන්, පිරිසිදු වතුර හදා ගන්න පුළුවන් ක්‍රම දැන් හොයා ගෙන තියනවා.(නදී)
සරණ Wednesday, 25 December 2013 12:29 PM
මම ඔස්ට්‍රේලියාවට එන්න කලින් ටික කාලයක් ජීවිත් උනේ ඩුබායි වල ඒ 21වන ශතවර්ෂයේම තමයි. එහේ ආණ්ඩුවේ ආයතන සැලකිය යුතු මුදලක් වියදම් කරනවා ගස් කොලන් වවන්න ඒවා පවත්වාගෙන යන්න. ගස්කොළන්වලින්, වැස්සෙන් කොයිතරම් වෙනසක් දැනෙනවද කියලා තේරුම් ගන්න කාන්තාර රටකට යන්නම ඕනා. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ දාමයන් මිනිසාට ඕන විදියට බිඳ දමලා කෘතිමව ලබාගන්න පුලුවන්. ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. හිතලා බලන්න,මවගේ ආදරය, කරුණාව රොබෝ කෙනෙක්ගෙන් ගන්න පුලුවන් විදියට තාක්ෂණය දියුණු උනත් ඒ දෙකම එක ද? (නදී)
අක්ෂි Tuesday, 24 December 2013 05:16 PM
ඉන්දියාව කළු පාටයි ලංකාව එතනත් ඉස්සරහට ඇවිත් හොඳටම කොළ පාටයි. ගස් කපන එක නවත්තලා වවන එක වැඩි නොකලොත් මේ කොළ පාට රටවල් කාන්තාර වෙනවා ළඟදීම. කාලගුණ විපර්යාස , සුනාමි, භූමි කම්පා ගංවතුර වැඩිවෙනවා, ඒකයි මෙතන තියෙන ප්‍රවෘතිය. මේ ටික තේරෙන්නේ නැහැනේ බලේ තියෙන කොටසට? (නදී)
සිංහ Tuesday, 24 December 2013 07:17 PM
ලංකාදීප/ එසැණ පුවත් - ස්තුතියි පුවතට සමහර වෙබ් අඩවි වල තියෙන විදිහට නම් ලංකාවේ වන විනාශයක් වෙන්නේ නැති තරම් වගේ. ඒකනම් හොඳ ප්‍රවනතාවයක් විධියට දකින්න පුළුවන්. එමෙන්ම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බවත් පේන්නට තියනවා වාගේ.(නදී)
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:44 PM
ඔක්සිජන් ටැංකිය පිටේ එල්ල ගන්න වෙන කාලය ලං වෙනවා එහෙනම්.(නදී)
ඉන්දු-ලන්ඩන් Wednesday, 25 December 2013 08:35 AM
මේ වනාන්තර නිසා විශාල වශයෙන් මදුරුවන් ,සර්පයන් ,වල් අලීන් බෝ වෙනවා. මදුරුවන් නිසා ලොව පුරා මිලියනයකට අදික ජීවිත වසරකට අහිමි වෙනවා. සර්පයන්ගේ දෂ්ට කිරීම් මිලියන 5.5 ක් ,ජීවිත අහිමිවීම් ලක්ෂයකට වඩා,වල් අලින්ගේ වන කරදර අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.(නදී)