නව සහශ්‍රයේ ගතවූ වසර 13ක දී ලෝකයේ වාන්නතර වර්ග කිලෝමීටර ලක්ෂ 23 ක් විනාශ වී ඇතැයි නවතම ලෝක සිතියම අධ්‍යයනයේ දී පෙනි යයි.
චන්ද්‍රිකා දත්ත පදනම් කරගෙන සකසා ඇති නව ලෝක සිතියම මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව ඇත. මෙරිලන්ඩි විශ්වවිද්‍යාලයේ සිතියම් සැකසීම් අංශ ප්‍රධානී භූ විද්‍යාඥ මැටි හැන්සන් පවසන්නේ මේ ආකාරයේ ලෝක සිතියම් ඇත්තේ මෙය පමණක් බවයි. ලෝකයේ වේගවත් සංවර්ධනය හා වෙනස්වීම් ප්‍රාදේශීය වශයෙන් සන්සන්දනය කළ හැකි වීම මේ සිතියමේ විශේෂත්වයකි.
මේ සිතියමෙන් වර්ෂ 2000 සිට 2012 දක්වා දත්ත ආවරණය කැර ඇත. මේ කාලයේ සිදුවූ වන විනාශය සහ වනව වාගාවන් සංසන්දනය කිරීමේදී එම අදාල කාලසීමාව තුළ වර්ග සැතපුම් 309000 ක් වන වගා අළුතෙන් මිහිතලය මත ඇතිවී තිබේ. වර්ග සැතපුම් 888,000 ක් විනාශ වී ඇත. මේ අනුව ලොව වන වැස්මෙන් වර්ග සැතපුම් 579,000 ක් ගතවූ වර්ෂ 12 දී මිහිතලයට අහිමිවී ඇත.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ ලෝකයේ සෑම රටකම වන විනාශ සිදුව ඇති බවයි. අඩුව වන විනාශයක් සිදුව ඇත්තේ බ්‍රසීලයේ බව ද හඳුනාගෙන ඇත. සෑම වර්ෂයක දී ම වර්ග සැතපුම් 500ක් හෙවත් වර්ග කිලෝ මීටර 1300ක් වනාන්තර විනාශය සිදුවන බව ද පර්යේෂණ මගින් තහවුරු කැරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු - ලන්ඩන්, මේ ලෝකේ ඉන්න ඕන මිනිස්සු විතරද? කැලේ කපලා වල් අලි,සර්පයින්, ඔය කියන දරුණු කැලෑ මදුරුවන්ගෙන් බේරෙනවා කියමු. ඊට පස්සේ හුස්ම ගන්නේ කොහොමද? බොන්න පිරිසිදු ජලය කොහෙන්ද? ඔයා ලන්ඩන්වල සේන්ට් ජේම්ස් උද්‍යානය වගේ තැනකට ගිහින් එතන පරිසරය විඳින කෙනෙක්ගෙන් අහන්න, ඒ විශාල ගස්වලින් ලැබෙන සහනය ගැන.(නදී)
2021 දී අගහරුගේ මිනිස් ජනාවාස හදන්න පුළුවන් යුගයකයි අපි ජීවත් වෙන්නේ 18 වෙනි සියවසේ නෙමෙයි. ගස් නැතුව උනත් මහ පරිමානෙන් ඔක්සිජන්, පිරිසිදු වතුර හදා ගන්න පුළුවන් ක්‍රම දැන් හොයා ගෙන තියනවා.(නදී)
මම ඔස්ට්‍රේලියාවට එන්න කලින් ටික කාලයක් ජීවිත් උනේ ඩුබායි වල ඒ 21වන ශතවර්ෂයේම තමයි. එහේ ආණ්ඩුවේ ආයතන සැලකිය යුතු මුදලක් වියදම් කරනවා ගස් කොලන් වවන්න ඒවා පවත්වාගෙන යන්න. ගස්කොළන්වලින්, වැස්සෙන් කොයිතරම් වෙනසක් දැනෙනවද කියලා තේරුම් ගන්න කාන්තාර රටකට යන්නම ඕනා. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ දාමයන් මිනිසාට ඕන විදියට බිඳ දමලා කෘතිමව ලබාගන්න පුලුවන්. ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. හිතලා බලන්න,මවගේ ආදරය, කරුණාව රොබෝ කෙනෙක්ගෙන් ගන්න පුලුවන් විදියට තාක්ෂණය දියුණු උනත් ඒ දෙකම එක ද? (නදී)
ඉන්දියාව කළු පාටයි ලංකාව එතනත් ඉස්සරහට ඇවිත් හොඳටම කොළ පාටයි. ගස් කපන එක නවත්තලා වවන එක වැඩි නොකලොත් මේ කොළ පාට රටවල් කාන්තාර වෙනවා ළඟදීම. කාලගුණ විපර්යාස , සුනාමි, භූමි කම්පා ගංවතුර වැඩිවෙනවා, ඒකයි මෙතන තියෙන ප්‍රවෘතිය. මේ ටික තේරෙන්නේ නැහැනේ බලේ තියෙන කොටසට? (නදී)
ලංකාදීප/ එසැණ පුවත් - ස්තුතියි පුවතට සමහර වෙබ් අඩවි වල තියෙන විදිහට නම් ලංකාවේ වන විනාශයක් වෙන්නේ නැති තරම් වගේ. ඒකනම් හොඳ ප්‍රවනතාවයක් විධියට දකින්න පුළුවන්. එමෙන්ම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බවත් පේන්නට තියනවා වාගේ.(නදී)
ඔක්සිජන් ටැංකිය පිටේ එල්ල ගන්න වෙන කාලය ලං වෙනවා එහෙනම්.(නදී)
මේ වනාන්තර නිසා විශාල වශයෙන් මදුරුවන් ,සර්පයන් ,වල් අලීන් බෝ වෙනවා. මදුරුවන් නිසා ලොව පුරා මිලියනයකට අදික ජීවිත වසරකට අහිමි වෙනවා. සර්පයන්ගේ දෂ්ට කිරීම් මිලියන 5.5 ක් ,ජීවිත අහිමිවීම් ලක්ෂයකට වඩා,වල් අලින්ගේ වන කරදර අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.(නදී)