කුරුමිණියන්ගේ පිට සැකිල්ල භාවිතයෙන් නවතම ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ඩෙන්මාරක ජාතික විද්‍යාඥවරියක් සමත්ව ඇත.
ඇග්ජෙ හොකෙස්ට්‍රා නම් මෙම විද්‍යාඥවරිය පවසන ආකාරයට මෙම නව ප්ලාස්ටික් වර්ගය කල් ගතවීමේදී දිරාපත්වී විනාශ වීමත් සිදුවේ.මෙනිසා මෙම ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවුණු නිමැවුම් අවසානයේ කසළ ලෙස බැහැර කිරීමත් ගැටලූවක් නොවනු ඇතැයි ඇයගේ අදහසයි.
කුරුමිණියන්ගේ ශරීරය ආරක්ෂා වී ඇත්තේ පිටතින් පිහිටන පිටසැකිල්ලකිනි.ඇග්ජේ කර ඇත්තේ කුරුමිණියන්ගේ මේ පිටසැකිලි රසායනික ක්‍රියාවලියක් ආධාරයෙන් එකිනෙක බද්ධ කිරීමයි.ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ මළ කුරුමිණියන්ගෙන් ලබා ගත් පිටසැකිලි බව සදහන් කළ යුතුය.
මෙසේ බද්ධ කර නිපදවාගත් ‘ප්ලාස්ටික්‘ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් වරගයන් මෙන්ම සවිමත් හා නම්‍යශීලී භාවයෙන් යුක්ත වන බව ඇය කියයි.
මෙම නව ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් ඇය දැනට විවිධ ආයිත්තම් නිපදවමින් සිටී.ඉදිරියේදී මෙම ක්‍රියාවලිය වැඩිදුරටත් දියුණු කර මහා පරිමාණයෙන් සිදුකරන ප්ලාස්ටික් උපකරණ නිශ්පාදනයන්ටත් යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඇය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නවීන විද්‍යාවෙන් කෙරෙන්න ඕනෑ දේවල් (නි)
මිනිසාට හිංසාවක් නැති කෘමින් බිලියන ගණනින් මරයිද දන්නෙ නැහැ. (නි)
අනේ අපිටනම් එපා කුරුමිණි ප්ලාස්ටික් අපිට ඕනෑතරම් කෙසෙල් ගස් තියෙනවනේ (අ)
අනේ අහිංසක සත්තුන්ගේ ජිවිත බිලි නොගන්න. මනුස්සයාගේ යහපත තකා සතුන් නොමරන්න.(නදී)