IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති

කරච්චි නුවර දී පෙරේදා (25) යතුරු පැදි දෙකකින් පැමිණි නානඳුන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබිමකට හසුවි පාකිස්තාන නීතිඥ වරු තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී නීතිඥවරු තිදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවෝ මෝටර් රථය හරස් කොට ඊට වෙඩි තබා පලා ගිය බව සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ කරච්චි නුවර දකුණින් පිහිටි අරම්බා පළාතේය. මියගිය නීතීඥවරුන් තිදෙනාගෙන් දෙදෙනකු පියකු හා පුතකු බව කරච්චි පොලිස් නිලධාරීහු පවසති. මෝටර් රථයේ සිටි තවත් නීතීඥවරයකු ද වෙඩි ප‍්‍රහාරයට හසුවී තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර සිටියි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ බවය. එම නීතීඥවරුන් ෂියා මුස්ලිම්වරුන් පිරිසක් වන හෙයින් එය ආගමීක ගැටුමක් යැයි පොලිසිය අනුමාන කරයි. කරච්චි නුවර අයත් සිංද් ප‍්‍රාන්ත මහ ඇමැති මන්සූර් වසාන් ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ද එය ආගමික ගැටුමක් කියාය. සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ දිගටම පැවැත්වේ. මේ අතර කරච්චි නීතිවේදීන්ගේ සංගමය එම ඝාතනයන්ට එරෙහිව කරච්චි නුවර විරෝධතාවක්  සංවිධානය කර තිබුණි.  



අදහස් (0)

කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site