තමන්ට සුදුසුයැයි හැගෙන ගණනක් ගෙවා ආහාර ලබා ගත හැකි අවන්හලක් චීනයේ ෆස්හු ප්‍රදේශයේ ඇත.
මෙහි හිමිකරු වන්නේ ආයෝජකයෙකු වන ලියු පෙන්ග්ෆෙයි ය. බයිබලයේ සදහන් ජේසුස් වහන්සේ පන්දහසකට කෑම දුන් සිදුවීම තමන් මෙවැනි අවන්හලක් ආරම්භ කිරීමට මෙහෙයවූ බව ඔහු කියයි.
එම අවස්ථාව සිහිගැන්වීමට ඔහු තම අවන්හලට නම තබා ඇත්තේත් ‘පාන් රාත්තල් පහ හා මාලූ කූරි දෙකේ‘ අවන්හල ලෙසය.
මෙම අවන්හලට පැමිණෙන්නෙකුට ආහාර මෙනුවේ ඇති ඕනෑම කෑමක් ඇනුවුම් කර ඊට සාධාරණ යැයි තමන්ට හැගෙන ඕනෑම ගණනක් ගෙවා යා හැක.
නමුත් අවන්හලට පැමිණෙන ඇතැමුන් මුදල් කිසිත් නොගෙවාම ආහාර ගෙන පිටව යන බව ලියු පවසයි.මේ නිසාවෙන් තමන් මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ පාඩු පිට බව ඔහු කියයි.
නමුත් මෙතැනට පැමිණෙන අවංක පුද්ගලයිනුත් නැතුවාම නොවේ.අවන්හලට දිනපතාම පැමිණෙන බැංකු සේවකයෙකු වන ෆෙන්ග් වෙයි එවැන්නෙකි.දිනපතාම තම කුඩා පුතණුවන් සමග අවන්හලට පැමිණෙන ෆෙන්ග් රිසි සේ ආහාර ගෙන එම ආහාර ගෙවීමක්ද සිදුකරන්නෙකි.
‘මෙය ඉතා හොද සංකල්පයක්.සමහරු ඉන්නවා තමයි කාලා බීලා මුකුත් නොදීම යන අය.ඔවුන් අවංක පුද්ගලයින් ලෙස මා දකින්නේ නැහැ.මම මගේ පුතාවත් මෙතැනට රැගෙන එන්නේ ඔහුට අවංක කම ගැන කියාදීමට.තමන්ට නිකන්ම දෙයක් ලැඛෙන විට එයට කෘතගුණ සැළකීම යුතුකමක් බව පෙන්වාදීමට‘ යැයි ඔහු කියයි.
පාඩු ලැබුණත් අවන්හල දිගටම පවත්වාගෙන යාමට තමන් අදහස් කරගෙන සිටින බව හිමිකරු ලියු කියයි.ඉදිරියේදී කිසිත් නොදී පිටව යන පුද්ගලයින් කොටු කර ගැනීමටත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පවසයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කැමැති මුදලකට කෑම කන කඩයක් චීනයේ
නලීන් Wednesday, 11 December 2013 08:41 PM
ඔව් අමිල, කාලා අරක්කු ටිකකුත් බීලා සල්ලි ටිකකුත් අරන් යන්න පුළුවන් ඒවා ලංකාවේ තියෙන්නේ. (නි)
අමිල Thursday, 12 December 2013 07:36 AM
ලංකාවෙත් ඔය වගේ පිනට කන්න දෙන තැනක් තියෙනවා (නි)
කුමාර Wednesday, 11 December 2013 09:09 PM
එතකොට එම ආපන ශාලාවේ මස්,හුනෝ මස්,මි මස්,ගෙඹි මස්, කැරපොතු මස්, ගැරඩි මස්, බලුමස්,පුසෝ මස්, ගැඩවිල් පනුවෝ,කටුසු මස් ආදි වශයෙන් මේ ලෝකේ ඉන්න සියලුම ප්‍රාන ජීවීන් ආහාර පිණිස තියලද? ඔව් ඉතින් එතකොට නිකන් කන්න දෙන්න මොකෝ බැරි. (නදී)
සුසන්ත ජයවික්‍රම Wednesday, 11 December 2013 05:27 PM
මේ වගේ අවන්හලක් මෙල්බර්න් වල තියෙනවා. ඒක ආරම්භ කලේ ශ්‍රී ලාංකිකයෙක්. ඒකේ නම "ලෙන්ටිල් වගේ ඕනේ දෙයක්" එකේ හැම ජාතියකම කෑම තියනවා. කෑම කාල තමුන්ට සුදුසු ගණනක් දීල යන්න පුලවන්.(නදී)
ශානි Wednesday, 11 December 2013 05:33 PM
නියමයිනේ (නි)
අමිල කටුනායක Wednesday, 11 December 2013 06:55 PM
අපෙත් මීට වඩා හොද ඒවා තියෙනවා ඡන්ද කාලෙට (නි)
නරනප්පා Thursday, 12 December 2013 12:25 PM
ඕක ඉතින් අපිට අලුත් දෙයක්යෑ? අපේ බත්තරමුල්ලේ හෝටලේ නිකන් කන්න දීලා මාසේ පඩියත් දීලා පැන්ෂන් එකකුත් දෙන්නේ (නි)
අසෝකා Thursday, 12 December 2013 03:20 AM
කෙනෙක් යමක් කරන විට වැරදි විදියටම බලන්න පුරුදු වෙන්න එපා, කුමාර, මේ ගැන හුගක් බැරිනම් ටිකක් හරි සුභාවාදිව බලන්න පුරුදු වෙන්න. අපේ පුරුදු අපේ දරුවොත් කරනවා. (නි)