IMG-LOGO

කම්කරු පක්ෂය ඉදිරියෙන්

අනාවැකි පළ වුණු අයුරින්ම, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වන කම්කරු පක්ෂයට බලය හිමිවනු ඇතැයි පැවැසෙයි. ඒ අනුව කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බි්‍රතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත.

කීර් ස්ටාර්මර් උපන්නේ, 1962 සැප්තැම්බර් 2 වැනිදා සරේ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදීය. ස්ටාර්මර්ගේ මව හෙදියකි. පියා යන්ත්‍රෝපකරණ නිර්මාණකරුවෙකි.

ස්ටාර්මර් ‘රෙයිග්‍රෙට් ග්‍රැමර්’ පාසලෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු නීතිය හැදෑරුවේ, ‘ලීඩ්ස්’ විශ්ව විද්‍යාලයෙනි. දේශපාලනයට පිවිසීමට පෙර, ස්ටාර්මර් සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටි සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙක් විය.

නීතීඥවරයෙකු ලෙස ස්ටාර්මර් රාජකාරි ආරම්භ කළේ 1987 දීය.

අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, ඇමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව සමඟ එක් වෙද්දී, නීති විරෝධී බව පෙන්වා දෙමින් එය වැළැක්වීමට උත්සාහ ගත් නීතීඥවරයකු වන්නේ ද ස්ටාර්මර්ය.

1998 දී ස්ටාර්මර්ට වික්ටෝරියා හමුවිය. ඇය හෙදියකි. දෙදෙනා විවාහ වූයේ 2007 වසරේදීය. යුවළට දරුවෝ දෙදෙනෙක් වෙති. 2008 දී ස්ටාර්මර්, රාජ්‍ය නඩු පැවැරීමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.

ඉහළ පෙළේ නඩු විභාග කීපයක් මෙහෙයවීය. 2014 වසරේ දී බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් රැජින, ස්ටාර්මර්ට නයිට් පදවියක් ද පිරිනැමුවාය.

ස්ටාර්මර් දේශපාලනයට පිවිසියේ 2015 වසරේදීය. ඒ, හොල්බෝර්න් සහ ශාන්ත පැන්ක්‍රාස් සඳහා මන්ත්‍රීවරයකු ලෙසිනි. කම්කරු පක්ෂයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීමට සමත් විය.

කම්කරු පක්ෂයේ නායකත්වය දැරූ ජෙරමි කෝර්බින් ඉවත් වීමත් සමඟ, පක්ෂ අභ්‍යන්තර ඡන්දයෙන් කීර් ස්ටාර්මර් පක්ෂ නායකත්වයට පත් විය. ‘පක්ෂයට පෙර රට’ යන සංකල්පය මුල්කර ගනිමින්, ස්ටාර්මර් සැමවිටම කටයුතු කරයි.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව ස්ටාර්මර් පැහැදිලි කර තිබේ. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍යයේ ස්ථාවර වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා ඇත.

(බීබීසී)



අදහස් (1)

කම්කරු පක්ෂය ඉදිරියෙන්

Achini Friday, 05 July 2024 11:03 AM

ලංකාවේ ජනාධිපති අගමැති ඇමැති වෙන්නේ හොරුන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 693 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1094 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site