ප‍්‍රධානියාගේද ආශිර්වාදය ඇතිව කාර්යාලයේ සගයින් හා එකතුවී හොද හැටි ඇග පත රත් කරගැනීමට සේවකයින්ට අවස්ථාව සළසා දෙන අපූරු චාරිත‍්‍රයක් ජපානයේ ඇත.
‘‘නොමිකායි‘‘ ලෙස හැදින්වෙන මෙයින් කාර්යාලීය සගයින් අතර සබදතාවය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.එනිසාවෙන්ම මෙයට කාර්යාලයේ ඉහළ බළධාරීන්ගේද ආශිර්වාදය හිමිය.
මෙය සාමාන්‍යයෙන් අප දන්නා පරිදි කාර්යාලයක සේවකයින් වසරක් පාසා සංවිධානය කරන සාදයක හෝ විනෝද චාරිකාවක හෝ ස්වරූපයෙන් වෙනස්ය.සියලූ දේ සිදුකෙරෙන්නේ කාර්යාලයේදීය
‘‘නොමිකායි‘‘ දිනයේදී සේවකයින්ට පාරිතෝෂික දීමනාවක්ද ලබා දීමට ඇතැම් ආයතන ප‍්‍රධානීහු කටයුතු කරන්නෝය.ඒ ඔවුන් කෙසේහෝ එදිනට කාර්යාලයට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවය.තම සේවකයින්ට කන පාත් කර ගැනීමට අවස්ථාව සළසා දීමට කාර්යාල ප‍්‍රධානීන් කෙතරම් වෙහෙස වනවාදැයි මෙයින් සිතා ගත හැකිය.
ජපානයේ සංස්කෘතියට අනුව මත්පැන් පානයටද සැළකිය යුතු ස්ථානයක් හිමිය.පුද්ගලයින් අතර සම්බන්ධතාවයක් වර්ධනය කරන්නක් ලෙස ජපාන ජාතිකයෝ එය සළකති.
‘‘නොමිකායි‘‘ තමන්ට උසස්වීමක් ලබාගත හැකි ලෙහෙසිම විදිය ලෙස ඇතැම් ජපාන ජාතිකයින් දකී.කාර්යාලයේ සියලූ දෙනා එක්ව විනෝද වන බැවින් තම ශිල්ප පෙන්වීමට එය අවස්ථාවක් කර ගැනීමට ඔවුහු උත්සාහ කරන්නෝය.
හොද හැටි පදම්වී ‘‘හතරගාතයෙන්‘‘ නිවෙස් බලා යන මෙවන් කාර්යාල සේවක පිරිසකගේ ඡායාරූපයන් රැසක් පසුගියදා අන්තර්ජාලයට එක්ව තිබුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කොහෙත්ම අදාළ නැති කාරණයක් මේ කියන්නේ.මේ ක්‍රමය ඇරෙන්න අපගේ පාටකයන් දැනුවත් කරන්න වෙන ක්‍රමයක් මට නැහැ."හොර ෆේස් බුක් සාමාජිකයන් හදුනා ගන්න".1.ගිය ඉස්කෝලයක් සදහන් වන්නේ නැත.2.මිතුරන් නැත.3.මිතුරන් සිටියත්,ගිය ඉස්කෝලේ මිතුරන් නැත.4.තමන්ගේ පින්තුර [බලන අයට ඒ පුද්ගලයා පිලිබදව සැහීමකට පත් විය හැකි පින්තුර ] නැත.මෙවැනි පුද්ගලයන් ඉතා භයානකය.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න.සමහරුන් සිය දිවි නසාගන්නේ,අපහසුතාවයට පත් වෙන්නේ මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කාරකම් නිසාය. (දී)
අනේ මෙහෙම ලංකාවෙත් තිබුනා නම් කොච්චර ශෝක්ද? එහෙම වුණානම් අවුරුද්දකට සැරයයි නේ බොන්නේ(දිල්)
මේක හොඳ වැඩක්නේ. අපිටත් අවස්ථාවක් දෙන්නකෝ (නි)
රෝයි ඔයා ගල් වෙලාද ඉන්නේ? (දී)
ජපන් පිරිමින්ට වැඩිය කාන්තවන් බොන්න පුළුවන්, මෙහෙම ගියාම කන සාක්කුවේ දාගෙන තමයි එන්නේ. මෙහෙම බීල ඒ ඇඳුම් පිටින්ම වැඩට යනවා කිසි ගානක් නැතුව (අ)
අන්න රටවල්! (දී)
අපේ රයේ ඒවත් කොපි කරන රටවල් තියෙනවා (නදී)
අනේ! මෙහෙටත් මේක ගේන්නකෝ (නි)
බීල වැඩිවෙලා ගෙදර යන්න බැරි වුණහම ටැක්සි වලට ජයයි. (නි)
ලංකාවේ කාර්යාල වේලාවෙන් පස්සේ මෙහෙම තමයි (දී)
ලංකාවේ තිබෙන්නේ මේකේ අනිත් පැත්ත ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම බොන්න දුන්නනම් මරා ගනී , ආයතන ප්‍රධානියාට සිද්ධ වෙන්නේ සතියක් පුරා ආයතනය වසා දමා පොලිසි උසාවි ගානේ රස්තියාදු වීමටය ,(දිිල්)
එකනම් කාර්යාලයක් වෙන්න බැහැ.තැබරුමක්ද කොහෙද (දී)
ජපානේ අවුරුද්දට එක දවසයි.ලංකාවේ නම් මෙම චාරිත්‍රය දිනපතා සිදුවෙනවා. (දිල්)
මේක අපේ රටේ නීති ගත කරන්න ඕනේ
අපේ රටේ මෙහෙම චාරිත්‍රයක් නැහැ. හැබැයි වෙන්නේ මේ වැඩේ (දී)
සිරි, ඔබ හරි. රෝයිට නම් ජපානය හරි ලොකු ඇති (නි)
ලංකාවේ දිනපතා වෙන චාරිත්‍රයක් ජපානයේ අය හොරට කොපි කරගෙන වගේ (නි)
මමත් වසර 10 ක කාලයක් තිස්සේ ජපානයේ තමයි ජීවත් වෙන්නේ (නි)
අම්මෝ මම හොඳ වෙලාවට ජපානේ ඉපදුනේ නැත්තේ, (ස)
වසර දහයක කාලයක සිට ජපානයේ ජිවත්වන 'රෝයි' ට,මගේ සුබ පැතුම් !(දී)
රෝයි, ඔය වසර 10 මේ ලිපිය සමග සමිබන්ද වෙන්නෙ කොහොමද? (නදී)
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන... මෙතන තමයි මා හට ඇති විනෝද උයන.... ගී ගයමින් සතුටින් මා නිතරම සිටින.... මෙතන තමයි මාගේ විනෝද උයන... (නි)