ප‍්‍රංශයේ සොහොන් කොත් නිපදවන සමාගමක් විසින් ලෙළදෙන යකඩවලින් සොහොන් කොත් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. මෙම යකඩ කොතේ රූප රාමු පිළිබිඹු වන සේ වර්ණවත්ව නිර්මාණය කරයි. මෙවැනි සොහොන් කොත් සැලසුම් 100 ක් පමණ දැනට නිර්මාණය කර ඉදිරරිපත් කර තිබේ.

ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි නිර්මාණය කරනු ලැබේ. ගැනුම්කරුට අවශ්‍ය නම් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක් වුවද එහි නිර්මාණ කර දීමට ඔවුන්ට හැකියාව තිබේ.

සාම්ප‍්‍රදායික දුක්ඛ සහගත සොහොන් කොත් වෙනුවට මෙවැනි පින්තූර සහිත සොහොන් කොත් සැදීමෙන් එහි යාමෙන් ඇති වන දුක් දෝමනස්සයන් දුරු වී යම්තාක් දුරට හෝ දුක දුරු වී යන බව ගනුදෙනුකරුවන්ගේ අදහසයි. එසේම ඡුායාරූපය පිළිබිඹු වන සේ නිර්මාණය කිරීමෙන් මොහොතකට හෝ ඔවුන්ගේ මතකයන් සමග රැුදී සිටීමට අවස්ථාවක් උදා වන බව ඔවුන්ගේ අදහසයි.

නීතිමය බාධාවක් නොමැති රූප සහිත සොහොන්කොත් දැන්  ප‍්‍රංශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව පැවසේ.