
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනවිට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 9 ක් එම ධුරය හෙබවූයේත් පක්ෂයට නායකත්වය දුන්නේත් ජස්ටින් ටෲඩෝය. පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව, ටෲඩෝ ට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි විය.
පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවූයේ ඒ අනුවය. කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙකි. මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබේ.
කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙයි. ඊට ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනු ඇත. ඊට අමතරව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ද කාර්නිට සිදුවෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙවනැලි ආණ්ඩුවට අනුව තමයි ලෝකය පාලනය වන්නේ
සෙවනැලි හොල්මන් කරන්නේ රුවන්ගේ මොලේ, ලෝකේ දියුණු ප්‍රජාතාන්ත්‍රික රටක හැමදාම එක නායකයෙක් හෝ පවුලක් රට පාලනය කරන්නේ නැහැ, අලුත් නායකයෝ එනවා යනවා...