කන් කළාදුරු වල ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකුගේ ජාතිය, ස්ත්‍රී, පුරුෂ භාවය, සෞඛ්‍යය තත්ත්වය වැනි කරුණු රාශියක් හෙළි කර ගත හැකියැයි පර්යේෂකයෝ කියති.

මිනිස් කනේ කළාදුරු යනු ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර මෙහි කාර්යභාරය වන්නේ දුහුවිලි හා වෙනත් හානිදායක අංශූ  කනට ඇතුල් වීමට ඉඩ නොදී රදවා තබා ගැනීමයි. කළාදුරු ශ්‍රාව්‍ය වීමට විශේෂයෙන් සකස් වුනු ග්‍රන්ථී  මිනිස් කනේ පිහිටයි.

පර්යේෂණ වලින් හෙළිව තිඛෙන්නේ කළාදුරු වල ස්වභාවය වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි.මෙනිසාවෙන් කිසියම් පුද්ගලයෙකු නිශ්චිතව හදුනාගැනීමට දැන් කන් කළාදුරුත් යොදාගත හැකි වේයැයි පර්යේෂකයින්ගේ අදහසයි.

පර්යේෂණ වලට අනුව කළාදුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනුයේ ඒවායේ රසායනික සංයුතිය අනුවය. ආසියාතිකයෙකුගේ හා යුරෝපා ජාතිකයෙකුගේ කන් කළාදුරු වල රසායනික සංයුතිය සැළකිය යුතු තරමින් වෙනස් බව පර්යේෂකයෝ කියති. තවද කළාදුරු වලට අනන්‍ය ගන්ධය ලබාදෙන රසායනයන් අධ්‍යනය කිරීමෙන්ද ඒවා අයත් පුද්ගලයාගේ ගති ස්වභාවය කෙබදු වේදැයි පූර්ව නිගමනයකට එළැඹිය හැකි යැයි ඔවුහු පවසති.

පුද්ගලයෙකු නිදන්ගත රෝගයකින් පීඩා විදින්නේනම් ඒ බව හදුනාගැනීමටත් කළාදුරු උපයෝගී  කර ගත හැකි බව පර්යේෂකයෝ කියති.

කළාදුරු තවත් කෙතරම් රහස් සගවාගෙන සිටින්නේදැයි සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මකය.යම් යෙහෙකින් ඒවා සාර්ථක වුවහොත් අනාගතයේදී පුද්ගලයින් හදුනාගැනීමට ඇගිලි සළකුණු ලබාගැනීම වෙනුවට කන් කළාදුරු පරීක්ෂාවක් පැමිණියහොත් පුදුම වීමට දෙයක් නැත.