මිනිසෙකුට මෙන් සිතීමේ හැකියාව ඇති කෘත්‍රිම චිපයක් නිපදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. මිනිස් අවබෝධය, ක්‍රියාකිරීම සහ සිතීමේ හැකියාව ඇති මේ චිපය මිනිස් මොළය ක්‍රියා කරන ආකාරයට බෙහෙවින් සමානව ක්‍රියාත්මක වන බවත් එහි නිර්මාණකරුවෝ කියති.
ඔවුන් පවසන්නේ ගූගල් හා ෆේස් බුක් හි මේ ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වන බවයි. ස්නායු විද්‍යාව නමැති මේ මූලධර්මය යොදා ගනිමින් කෘත්‍රීම මොළයක් මගින් දත්ත නිරාකරණය කැර ගැනීමට හැකියාව ඇත.
මෙහි නිර්මාණකරුවා වන සැන් ඩයිගෝහි පදිංචි කොල්කොම් පවසන්නේ තමන් නව හැකියාව සහිත චිපය අළෙවිකිරීමට අපේක්ෂා කරන බවයි. කොල්කොම් හා අයි.බී.එම්. ආයතනය චිපයේ නිෂ්පාදන කටයුතු දැනටමත් ආරම්භ කැර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ මුහුණෙන් මතුවන කතා විලාස පවා හදුනාගත හැකි මේ චිපය තවදුරටත් වර්ධනය කිරිම මගින් මිනිසාට සමාන හෝ ඊටත් වඩා උසස් කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කැර ගත හැකිවන බවයි.
මොළයේ සිට දිවෙන නියුරෝන ලෙස සහ මේ චිපයේ ඇති කෙදිති ක්‍රියාකරයි. එම කෙදිතිවලට විද්‍යාත්මක සංවේදක වලට ප්‍රතිචාර දැක්විමට මෙන්ම විශාල දත්ත සංඛ්‍යාවක් විශ්ලේෂණ කිරීමේ හැකියාවක් ඇත.
පර්යේෂකයන් පවසන්නේ අනාගතයේ දී නියුරෝන ලෙස යොදා ගන්නා කෙදිති බිලියන 10ක් යොදා ගනිමින් මිනිස් මොළයට සමාන චිපයක් නිර්මාණය කිරීමට අපෙක්ෂා කරන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට කෙල වෙන්නයි යන්නේ.(නදී)
ඉතාමත් වෑයමක් දරලා මිනිසා රොබෝ එකෙක් හැදුවා. එහෙත් කිසිම අපහසුවකින් තොරව රොබෝ නුදුරු අනාගතයේදී මිනිසාව තනනවා. එදා ට මිනිසුන් රොබෝව දෙවියන් ලෙස හඳුන් වනවා.(නදී)
හරි මොකක්ද අවසාන ප්‍රතිපලය ?? නැත්නම් මොනවගේ යහපතක් ද මේ වගේ දෙයකින් ලෝක සත්වයාට කරන්න පුළුවන් ?(දිල්)
එන පොට හොද නෑ වගේ (දිල්)
ලෝකය තාක්ෂනය තුලින් ඉදිරියටම ගිහිල්ලා (දී)
ලෝකයේ රැකියා විරහිත භාවය තව තවත් වැඩිවේවි.(නදී)