අධික තරබාරුභාවය, ඒ හා බැදුණු පමණ ඉක්මවා සීනි අධික ආහාර අනුභවය, නොවුමනා ලෙස මත්පැන් පානය කිරීම වර්තමානයේ පිළිකා තත්ත්වයන් ඇති වීම කෙරෙහි බලපාන නවතම ප්‍රවණතාවයන් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක දැක්වේ.
‘ලෝක පිළිකා වාර්තාව‘ නම් වන මෙම වාර්තාවේ තම තමන්ගේ ආහාර රටා හා ජීවන පුරුදු වෙනස් කරනොගන්නේ නම් එළැඹෙන වසර 20 කාලය අතරතුරදී ලෝක පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 250 කින් පමණ ඉහළ යනු ඇතැයි සදහන්ය.
වාර්තාව පිළියෙල කිරීම සදහා සිදු කළ සමීක්ෂණයන්ට අනුව වාර්තා වුනු පිළිකා තත්ත්වයන් බොහෝමයක් මුල් අවස්ථාවේම හදුනාගගෙන තිබුණේ නම් මාරාන්තික වීමට පෙර වළක්වාගත හැකිව තිබුණු තත්ත්වයේ ඒවා බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
පිළිකා අවදානම ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් යැයිද වාර්තාවේ දැක්වේ.
එම රටවලට පිළිකා සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීමත්, ගෝලීයකරණය හමුවේ වෙනත් රටවල සංස්කෘතීන්ගේ බලපෑම් වලට යටත්ව දුම්පානය, මත්පැන් පානය වැනි අයහපත් කි්‍රයා පමණ ඉක්මවා යෙදීමත් මේ තත්ත්වයට හේතුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ.පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නිසි පහසුකම් සැපැයීමට මෙවන් බොහෝ රටවල රජයයන්ද අපොහොසත්වී තිබීම තත්ත්වය තවත් බරපතල කරන්නේයැයිද ලෝක සෞඛ්‍යය සංවිධානය කියයි.
පිළියම් ලෙස එවන් රටවල මත්පැන් හා පැණි බීම පානයන්ට බදු පැනවීමත්, පිළිකා රෝග සම්බන්ධයෙන් විවිධාකාරයේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කි්‍රයාවට නැංවිය යුතු වීමේ වැදගත්කමත් වාර්තාවෙන් පෙන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමික ඉතා වටිනා අදහසක් දක්වල තියෙනවා. අපේ ගෙවල් වල හැන්දෑවට මදුරුවෝ එනවට සියලු දොර ජනෙල් වහගෙන මදුරු දඟර විතරක් නොවෙයි හඳුන් කූරු සාම්බ්‍රානි වැනි සුවඳ දුම් පුරෝගෙන ඉන්නවා. ජනෙල් ආදියට තාවකාලිකව ආවරණය කල පොලිතින් හිරු එලියට වියෝජනය වීමෙන් නිවෙස තුල පිළිකා කාරක රැස්වෙනවා. (අ)
මට මතකයි අවුරුදු ගණනාවකට කලින් මම මුහුදේ නකොට ජර්මනියෙන් ඇවිත් ලංකාවේ පදිංචි මහත්තයෙක් සමග කතා කරන්නට ලැබූන. මටත් ඉංගිරිසි වචන ටිකක් වැරදි වැරදි හරි ගෙට ගහ ගන්න පුළුවන්. එතුමා කීව එයාගේ ගෙදර වටේට ටැංකි බැඳලා මලු ඇති කරනවා කියල.එම මාළු මදුරුවන් සහ මදුරු බිත්තර කා දමනවාලු. මේක හොඳ අදහසක් නේද? (දී)
චාමික ඔබ හරිම අපුරුයි. වටිනා අදහස් ! නිලන්තිගේ උඩ ගෙඩියත් හරිම අපුරුයි. (අ)
මේ ප්‍රශ්නය චාමික වෙතටයි: පිළිකා රෝගයට හේතුකාරක වන පාරිසරික සාධක තනි පුද්ගලයෙක් වශයෙන් ජය ගැනීම අපහසු අවස්තාවක පිළිකා ශෛල වර්ධනය යම් තරමකින් පාලනය කළහැකි ආහාර (මයියොක්ක, බීට් රූට් වැනි) ගැනීමෙන් යම් සහනයක් ලබා ගත හැකි නේද? (දී)
රූපලාවන්‍ය කියන හුරතල් නමින් රවට්ටලා අපට ගා ගන්න කියන දහ ජරාව බොහොමයක් විෂ පිළිකා කාරක මිසක් ශාක සාර නොවෙයි. මේවත් ලොව පුරා පිළිකා රැල්ලක් ඇතිවීමට හේතු වෙලා. (නදී)
සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් පිළිකා අවදානම ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඔය හේතු නිසාම පමණක් නොවෙයි. නොවුමනා ලෙස මත්පැන් පානය කිරීම දුම් පානය කිසිසේත්ම නොකරන කාන්තාවන් ගොඩකටත් පිළිකා වැළදිලා තිබෙනවා. සුළු හා මධ්‍ය ආදායම් ඇති රටවල් බොහොමයක අහර පිසීම සඳහා යොදාගන්නේ දර සහ ගොම වැනි ජීව ඉන්ධන. මේවා දහනයේදී හෝ මදුරු දඟර දහනයේදී එන "බහු චක්‍රීය ඇරෝමැටික කාබන් සංයෝග" බොහෝවිට පිළිකා සැදීමට හේතු වෙනවා. බොහෝ අය නොදැනුවත් වුනත් අපේ රටේ රෝහල් ගතවීම් වලට බලපාන දෙවන හේතුව වශයෙන් ගෘහ අභ්‍යන්තර වායු දුෂණය දැක්වෙනවා. අපි දවසේ සියයට අසුවක් පමණ කාලයක් සිටින්නේ ගෘහ අභ්‍යන්තර පරිසරයක වීම නිසයි මෙතරම් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ. නිවසේ වාත හුවමාරු සීග්‍රතාවය වැඩි කිරීම මීට හොද විසදුමක්. මේ එක කෝනයකින් දැකීමක් පමණයි.(නදී)