ඉකුත් 7 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ එරට විපක්ෂ නායක ටෝනි ඇබොට් ඊයේ (18) ඕස්ටේ‍්‍රලියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

55 හැවිරිදි ඇබොට් දිවුරුම් දීම සිදුවුණේ කැන්බරා නුවර පැවැති චාම් උත්සවයකදීය.
”අද ඕස්ටේ‍්‍රලියානුවන්ට විශේෂ දවසක්. උත්සව දවසක් නොවේ. වැඩ කරන දවසක්. මා දිවුරුන් දුන්නා. දැන් මා වැඩ පටන් ගන්නවා. මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වැඩ කරන නායකයෙක්. වැඩ කරන රජයක්” යැයි දිවුරුම් දීමෙන් පසු ඇබොට් විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.
ඇබොට්ගේ කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දුන් අතර, එම කැබිනට් මණ්ඩලයට අයත් එකම කාන්තාව ජුලියා බිෂොප් ය. ඇය විදේශ කටයුතු අමාත්‍යවරියයි.
විපක්ෂ නායක ලෙස ඇබොට් ඉකුත් මහ මැතිවරණයට මුහුණ දුන්නේ, ඔහු නායකත්වය දුන් ලිබරල් පක්ෂය ප‍්‍රමුඛ විපක්ෂ සන්ධානයයි.
සය වසරක් නොකඩවා බලයේ රැඳී සිටි පාලක කම්කරු පක්ෂය පරාජය කර, ජය හිමිකර ගැනීමට සමත් වූයේ ඇබොට්ගේ ලිබරල් ජාතික සන්ධානයයි.
ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව ආසන 150 කින් සමන්විත අතර, එයින් ආසන 88 ක ජය හිමිකර ගැනීමට ‘ලිබරල් ජාතික සන්ධානය’ සමත් විය. අගමැති ධුරයේ සිටි කෙවින් රඞ්ගේ පාලක කම්කරු පක්ෂයට දිනා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 57 ක් පමණි.
පසුගිය මැතිවරණයේදී, ඕස්ටේ‍්‍රලියානු දේශපාලනයේ මාතෘකා තුනක් ප‍්‍රධාන වශයෙන් කතාබහට ලක් විය. ඒවා නම්, රටේ ආර්ථිකය, කාබන් බද්ද සහ බෝට්ටු සංක‍්‍රමණිකයන්ගේ ගැටලූවය.
උතුරු ඇමෙරිකාව සහ යුරෝපය මුහුණ දුන් ආකාරයේ දැඩි ආර්ථික අර්බුදයකට ආර්ථික පසුබෑමකට ඕස්ටේ‍්‍රලියාව ලක් වී නොතිබුණත්, රටේ ආර්ථික ගමන මන්දගාමී වී ඇත. ඇබොට් පවසා ඇත්තේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තමා කැප වෙන බවය.
‘කාබන් බද්ද’ යනු, පරිසර හානිය අඩු කිරීමේ අරමුණින්, අහිතකර කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයට පිට කරන කර්මාන්ත ශාලා සඳහා නියම කළ බද්දකි.
ඕස්ටේ‍්‍රලියානු ව්‍යාපාරිකයන්ගෙන් සහ කම්හල් හිමියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර එය අහෝසි කිරීමට ඇබොට් පියවර ගැනීමට ද නියමිතය.
ඕස්ටේ‍්‍රලියාවට ආසියාවෙන් නිරන්තරයෙන් පැමිණෙන නීති විරෝධී බෝට්ටු සංක‍්‍රමණිකයන් සම්බන්ධ ගැටලූවයි. බෝට්ටු සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක කිරීමට ද ඇබොට් ප‍්‍රතිඥා දී ඇත.
|
ටෝනි ඇබොට් අග‍්‍රාණ්ඩුකාර ක්වින්ටන් බ‍්‍රයිස් ඉදිරියේ දිවුරුම් දෙමින්... |
|
ඇබොට් සිය කැබිනට් මණ්ඩලයේ එකම කාන්තාව වන විදේශ අමැති ජුලියා බිෂොප් සහ උප අගමැති වොරන් ටස් සමඟ. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තිබෙන දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකට වගකිව යුත්තේ පවතින රජයයි. (නි)
රටක නීතිය හසුරුවන්නේ මෙසේ නම් ඉතින් කොහොමද ලංකාව ගොඩ ගන්නේ?? (නි)
අපට දැනෙන්නේ අපි ලෝකය හමුවේ යළි යළිත් විලි ලඡ්ජා නැති ලෙස නිරුවත් වන බව පමණය.(අ)
ඕස්ට්‍රේලියාවේ ඉඳන් අපේ රටේ දොස් දකින සිංහලයන්ට, රටක ජන සංස්කෘතියෙන්ම නීතිය උපදිනවානම් ඒ නීතිය මිනිසුන් පිළිපදිනවා. ඕස්ට්‍රේලියාව වගේ අලුතින් ජනාවාස වුන රටවල්වල නීතිය ජන සංස්කෘතියත් එක්ක සමාන්තරව ගමන් කරනවා. ලංකාවට දැන් පවතින නීතිය ලැබුනේ පැවතගෙන ආව සංස්කෘතියකින් නෙවේ, සුද්දන් සිංහලයන්ව පාලනය කරන්න මූලික අරමුණ ඇතිව යි. ඒ නිසා නීතිය පොතෙත් සංස්කෘතිය මහපොලොවෙත් දෙපැත්තකට යනවා. අපේ රටේ නීතියට සර්ව ජන පිළිගැනීමක් එන්න නම් පැරෂූට් නොවෙන නීති බිහි වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාව විවේචනය කරන්න කලින් ලංකාවේ ඉතිහාසය ටිකක් කියවන්න. මොනවා උනත් බෝට්ටු කාර කල්ලතෝනි ටික නවත්තන එක හොඳ වැඩක්.(නදී)
මම දන්නා විදියට ඕස්ට්‍රේලියාවේ මුල් අවධියේ නීතියක් තිබුනේ නැහැ. අපරාධ වලට වැරදි කරුවන් වුන අය තමයි ඕස්ට්‍රේලියාවේ මුලින් එංගලන්තෙන් ගිහින් පදිංචි වුන අය. නීතිය මිනිසුන් පිළිපදින්න ගන්නවා හරියට හැමෝටම එක විදියට ඒක ක්‍රියාත්මක කරනවා නම්. වැරැද්දට වැරදියි කියන්න කොහේ ඉන්නවද කියන එක ප්‍රශ්නයකුත් නොවෙයි.(නදී)
88 වැඩි කරගන්න එහෙම අදහසක් නැද්ද දන්නේ නැහැ. අපට පුළුවන් ඒකට ක්‍රම කියාදෙන්න. (නි)
ඕස්ට්‍රේලියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
මේ ඇමති තුමන්ලගෙන් ඉගනගත යුතු දේ බොහෝයි. රටක ආණ්ඩුව වෙනස් උවද රටේ නිතිය එකසේ පවත්වා ගෙනයයි, එය රටේ අනාගතය වෙනුවෙන් වැඩකරයි, බලය තමාගේ වාසියට හරවා නොගනි, ජනතාවට සහ රටේ යාහ පැවත්මට හරි දේ හරි විදියට කරයි, අද ලංකාව පරිහිමෙන් පවතින්නේ මෙවැනි ක්‍රමයක් රටතුල ස්ථාපිත නොවීමයි තමාගේ බඩ වැඩ ගැනීමට දේශ පාලනය යොදාගැනීම සහ ඕනෑම මගඩි වැඩක් කර දෙශපාලන තුලින් රැකවරණය ලබා ගනිති .(දී)
ඕස්ට්‍රේලියාවේ මිනිස්සු ගැන ඔය කියන කතාව 100% ඇත්ත නෙවේ. යම් ප්‍රමාණයක් අපරාධ කාරයෝ මුල් අවධියේ යැව්වත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පා තැබූ පමණින් සුද්ධෝදනලා වුනේ නැහැ. ඔවුන්ගේ දෙවන තුන්වන පරම්පරා යම් සම්මත අධ්‍යාපනයක් ලබලා බහුල වූ සම්පත් සහිතව තමයි අද ඔය තත්වයට ඇවිත් තියෙන්නේ. වෙන රටවල් වලින් අද උනත් සංක්‍රමණිකයින් ගන්නෙත් ඉහල අධයාපනයක් තියෙන පුද්ගලයන් පමනයි. අපේ රටේ සාමාන්‍ය සිංහල මිනිස්සුන්ගෙන් උදුරා ගත්ත ඉඩම්, ධනය හා ජීවන ක්‍රමය තිබුනා නම් ලංකාවේ අවස්ථාවල් හා සම්පත් ලංකාවේ මිනිස්සුන්ට ඇති. 1840 දී මුඩු බිම් පනතින් ලංකාවේ අයිතිය ප්‍රකාශ නොකරපු ඉඩම් පවර ගන්න කොට ලංකාවේ හිටිය සිංහල ජනගහනය1,846,600 (1881 දී) අවුරුදු 170 කට පස්සේ 20,263,723 සමග බෙදාගන්න වෙලා. රජයෙන් පවරපු සුළු ඉඩම් ප්‍රමාණයක් ඇරුනම සුද්ද සිංහලයාගෙන් උදුරා ගත්ත ඉඩම් දැන් තියෙන්නේ ධනවතුන් කියන සුද්දට කත් ඇද්ද 10% අතේ. ලොකු කියන පාසල් හැරුණු විට අනිත් පාසල් වලින් අධ්‍යාපනෙන් විනය හා නීති ගරුක වීම කියල දෙන්නේ නෑ. ඔය කරුණු දෙක සමාජයේ පවතින තාක් අවස්ථාවලට සහ සම්පත් වලට ගහමරා ගැනීම නැති කරන්න බෑ. (නදී)
සංජය, ඔබගේ නිහතමානී අදහස් වලට මා ගොඩක් ගරුකරමි. හේතුව ඔබ ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම ගැන. නමුත් මෙය ශ්‍රී ලංකා වට තේරෙන්නේ නැත. මිනිසුන් මෝඩ විදිහට රැවටෙන නිසා දේශපාලකයෝ නිසා, බලන්න පලකරන අදහස්. ඔබට තුති.(නදී)
මෙවැනි දේ තුලින් ලෝකයේ වැදගත් දේ ඉතා පහසුවේ දැන ගැනීමට සහ සොයා ගැනීමට පුලුවන (අ)
මමත් මුල්වරට ඕස්ට්‍රේලියාවේදී මගේ ඡන්දය පාවිච්චි කළේ ටෝනි ඇබට්ගේ පක්ෂයට. ඒක නිසාම මුල සිටම රුපවාහිනී විවාද ( නායකයන් සහභාගී වූ) සහ වැඩසටහන් අපි නැරඹුවා. මැතිවරණ දිනය ප්‍රකාශය පත් කළ දිනයේ සිට ප්‍රතිපල නිකුත් කළ දින දක්වා කාලපරිච්චේදය තුළ සිදු වූ දේ ශ්‍රී ලංකාවේ ඉපදුනු අපට නම් පුදුම සහගතයි. මොකද කිව්වොත් ලංකාවේ අපි අපේ ජීවිත කාලයේම ලංකාවේ ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දයක් දැකලා තිබුනේ නැති නිසා. ලංකාවේ මේ ඡන්ද කාලේ නිසා වෙන දේ අපි අන්තර්ජාලයේ දකිනවා, එතකොට තම හිතෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් නියම විදියට ක්‍රියාත්මක වෙන රටක ජීවත් වීම කොයිතරම් වාසනාවක් සැපයක්ද කියලා. (නි)