IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


’ඔමික්‍රෝන්’ ’ඩෙල්ටා’ තරම් බිහිසුණු නෑ

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

'ඔමික්‍රෝන්' විකෘතිය, බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකළත්, එය 'ඩෙල්ටා' විකෘතියට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේය.

අදවනවිට, ලොව සියයට 90 ක් 'කොවිඩ් 19' රෝගීන් ලෙස වාර්තා වන්නේ 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදය ආසාදනය වූවන් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.

'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වූ තවත් කරුණක් නම්, එය පිටපිට කිහිප වතාවක් ආසාදනය වීමට ඇති හැකියාවය.

ඊට අමතරව, මෙතෙක් නිපදවා ඇති ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකින් 'ඔමික්‍රෝන්' අඩපණ කිරීමට යම්තාක් දුරකට හෝ ප්‍රතිශක්තියක් ලැබෙන බව තම විද්‍යාඥයන් පවසා ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පවසා තිබේ.

'ඔමික්‍රෝන්' විකෘතිය මුලින් ම හඳුනාගෙන එය බිහිසුණු වයිරස විකෘතියක් යැයි ලොවට හඳුන්වාදීම කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් පුළුල් ලෙස දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ ද ඔවුන්ය. ඔවුන්ගේ සියලු වාර්තා කඩිනමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන ලොවට කරුණු පැහැදිලි කරයි.

ලොව ප්‍රධාන පෙළේ වයිරස පර්යේෂණ ආයතන සහ වයිරස පිළිබඳ විශේෂඥයන් සිටින්නේ දකුණු අප්‍රිකාවේය. මොවුන් මීට සති කීපයකට පෙර, 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් බිය පළ කරමින් අනතුරු ඇඟවීම් කළේ විකෘතියේ ජාන විශ්ලේෂණය අනුවය. ඒ අනුව, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකා රටවල් කීපයක් හුදෙකලා කිරීමට රටවල් රැසක් පියවර ගත්තේය.

'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් බියක් නිර්මාණය වූයේ, මෙතෙක් බිහිවුණු සියලුම 'කොවිඩ් 19' විකෘතිවල ගති ලක්ෂණ සහ නව විකෘති ද ඇතුළු විකෘති 50 ක් මුසුවීමෙන් 'ඔමික්‍රෝන්' නිර්මාණය වී ඇති බැවින් යැයි ජාන විශ්ලේෂණවලදී තහවුරු වූ නිසාය.

කෙසේ නමුත් මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතියේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් දත්ත ලැබෙමින් පවතී. එය සිතූ තරම් බිහිසුණු විකෘතියක් නොවන බවත් අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

’ඔමික්‍රෝන්’ ’ඩෙල්ටා’ තරම් බිහිසුණු නෑ

Demuni Uduwara Thursday, 09 December 2021 08:50 PM

ප්‍රවීණයන් පවසන්නේ ඔමික්‍රෝන් ඩෙල්ටා හෝ වෙනත් පෙර ප්‍රභේදවලට වඩා දරුණු බවක් නොපෙනේ. සාරාංශයක් ලෙස, කොවිඩ් ප්‍රභේදයේ 'පවුලේ' ඔමික්‍රෝන් බාලයා වන අතර ඩෙල්ටා වැඩිමලා වේ. ඉතිරි අය ඔමික්‍රෝන් වලට වඩා වැඩිමල්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site