IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔබාමාගෙන් ඉරානයට රහස් ලියුමක්

ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන ආධ්‍යාත්මික නායකයාට රහසිගත ලියුමක් යවා ඇතැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන්  මන්ත‍්‍රීවරු පවසති. ඉරාන අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීමේ අරමුණින් කෙලින්ම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි ජනපති ඔබාමා එම ලිපිය හරහා ඉරාන ආධ්‍යාත්මික නායකයාට දැනුම් දී රිපබ්ලිකන් මන්තී‍්‍රවරු පෙන්වා දෙති. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා, මැදපෙරදිග තෙල් සැපැයුමට බාධා කරන්නේ නම්, ඉරානයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බවද එම ලිපිය හරහා ඔබාමා ඉරානයට තර්ජනය කොට ඇති බව ද රිපබ්ලිකන් පක්‍ෂය වැඩිදුරටත් කියා සිටියි. රිපබ්ලිකන් පක්‍ෂයේ එම ප‍්‍රකාශය උපුටා දැක්වමින්, ඒ බව හෙළි කළේ ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් සේවයයි. ඇමෙරිකා ජනාධිපතිගේ එම ලිපිය කොටස් දෙකකින් සමන්විත බවත් පළමු කොටසේ ඇත්තේ ඉරානයට කරන තර්ජන බවත් දෙවැනි කොටසට ඇතුළත් වෙන්නේ සෘජු සාකච්ඡා පැවැත්වීම ගැන බවත් ‘ෆාර්ස්’ පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියි. කෙසේ නමුත් ජනපති ඔබාමා එවැනි ලිපියක් ඉරානයට යවා නැතැයි ඔබාමා පරිපාලනය සහතික වෙයි. මේ අතර ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ඊයේ (19) වොෂින්ටන් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගතහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ඇමෙරිකන් හමුදා සීරුවෙන් තබා ඇති බවය. ”ඉරානයේ තර්ජවවලට අප බය වන්නේ නැහැ. ඒවගේමයි ඉරානයට එරෙහිව විශේෂයෙන් හමුදා මෙහෙයුමක් හෝ බලඇණියක් හෝ සූදානම් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ. ඉරානයේ හමුදා ශක්තිය ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඊට මුහුණ දීම එතරම් අසීරු වන්නේ නැහැ” යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියි. ඉරානය යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධියේ මහා පරිමාණයෙන් නාවික යුද අභ්‍යාසයක් පවත්වන බව පැවැසීමත් සමඟ ඇමෙරිකා නාවික හමුදාව මේ වනවිට තවත් යුද නැවක් අරාබි මුහුදට යවා තිබෙන බව ද ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කළේය. පරමාණු බෝම්බ හොර රහසේ නිපදවන බවට චෝදනා එල්ල වී සිටින ඉරානය, එම යුද අභ්‍යාසය පැවැත්වූයේ ඔවුන්ට සමුද්‍ර සන්ධිය වසා දැමීමට හැකි බව පෙන්වීමටය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදු වන්නේ  හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.



අදහස් (0)

ඔබාමාගෙන් ඉරානයට රහස් ලියුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site