ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමේ සමත් පැළෑටියක් නිපදවීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
අඳුරු වැටුණු පසු එළිය විහිදුවන මේ පැළෑටිය කණාමැදිරියන් සිහි ගන්වයි.
පරීක්ෂකයන් පවසන ආකාරයට පැළෑටියේ ආලෝකය විහිදුවීම හා කණාමැදිරියන්,බදුල්ලන් වැනි සතුන් අදුරේදී ආලෝකය විහිදුවීම කි‍්‍රයාකාරීත්වයන් අතින් එකිනෙක සමානය.
ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයන් වන කණමැදිරියන් හා ?බදුල්ලන් වැනි සතුන් අදුරේදී අලෝකය විහිදුවීමේ කි‍්‍රයාවලිය විද්‍යා ක්ෂේත‍්‍රයේදී හැදින්වෙන්නේ ‘‘ජීව සංදීප්තිය‘‘ ලෙසය.ජීව සංදීප්තිය ඇතිවීමට හේතුවන්නේ මෙවන් සතුන්ගේ සිරුරේ නිපදවෙන ලූසිෆෙරින් නම් රසායන ද්‍රව්‍යයන් හා ඒ ආශි‍්‍රත රසායන විපර්යාසයන්ය.
මෙම කි‍්‍රයාවලිය පැළටිවලටත් ආදේශ කිරීමට පර්යේෂකයෝ සමත්ව සිටිති.වැඩිදියුණු කළ ජාන ආශ‍්‍රයෙන් නිපදවා ඇති පැළෑටීන්ද කණමැදිරියන් සේම එළිය විහිදුවයි.
විදුලි බුබලක තරම් නොවූවත් සැළකිය යුතු තරමේ ආලෝකයක් මෙම පැළෑටි වලින් නිකුත් කරවීමට හැකිවූ බව පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පොඩිකාලේ අපේ ගමේ දී දැකපු කණමැදිරි හතු වගෙයි සුද්දොන්ට නම් මැජික් (ත)
ඔන්න කිව කතාවක්! කණමැදිරි හතු හැමදාම තියාගන්න පුලුවන්ද ? මේක ගහක් ! ගොඩක් කල් තියෙනවා. කොහෙද ඉතින් ඇමරිකාව කියන නම දැක්ක ගමන් ඉතුරු ටික කියවන්නේ නෑ (දිල්)
චාමික, ඉතුරු ටික කියවන්න ඕනෙම නැහැ. අමෙරිකාව කිව්ව ගමන් ඉතුරු ටික හිතාගන්න පුලුවන් මිනිස්සුන්ට. තව අවුරුදු කීපයකින් කියයි මේ කෘතිමව නිපදවපු ගස් නිසා හදුනාගත නොහැකි රෝගයක් බෝවෙලා කියලා. ඒ රෝගයට බෙහෙත් අමෙරිකාවෙන්ම ගන්න ඕනෙ, නමුත් මානවහිමිකම් නැති රටවලට විකුණන්න තහනම් කියලා. නමුත් ගස් විකුනලා ඉවරයි. (අ)
ඇමරිකාව ගැන සැක කිරීම සාධාරණයි.(නදී)
මංගල කිව්ව හරි. ස්වාභාවිකත්වය විකෘති කිරීම භයානකයි.(නදී)
දවසින් දවසට අඳුරෙන් අඳුරට යන රටකට මේ ගස පංකාදුයි.(නදී)
ඇමෙරිකාව ,..ඩේවිඩ් කමෙරෝන් ,..බැරක් ඔබාමා ,..පිල්ලේ ....ප්‍රභාකරන් මුන් ඔක්කොම වහ කදුරුයි .(නදී)
සාර්ථක උනොත් මෙම පැළෑටි වලට ලෝකේ පුරා ලොකු ඉල්ලුමක් ඇති වේවි.(නදී)
ඇමෙරිකාවේ නම දැක්ක ගමන් කුලප්පුව හැදෙනවා ,ලෝකය ඉස්සරහට යන්නේ ඇමෙරිකාව නිසා ,ඇමෙරිකාව නැත්නම් මේ ලෝකයේ තියෙන දේවල් පොඩ්ඩක් කියන්න කෝ.(නදී)
ඇමරිකාවට බනින එක මට අදාල නැහැ. ඇමරිකාව විතරක් නෙමේ අපි ඉන්න ලොකයම ස්වභාවධර්මයයි. ඉතින් සවභාවදර්මයේ කොටසක් වන මිනිසා තමයි අලුත් නිර්මාණ කරන්න ඕනා. අනිවාර්යෙන් ඔය පැළෑටියට තවත් මිනිස් මොළයක මාර වැඩක්. ඔබයි මමයි මේ කමෙන්ටස් දාන ජාලයත් එහෙම එකක් කියලා අමතක වෙයි. පාවිච්චි කරන්න කරලා අඩු පාඩු අර නිර්මාණශීලී මනසට එකතු කරන්න, පුටුවට වෙලා ඔය විදියට පසුගාමී වෙන්න එපා...අපි මැරෙයි නමුත් ඒක පාඩමට අරන් අලුත් දෙයක් එලියට එයි...ඒක හිතන්න.. ලංකාවේ අපිත් කරමු අලුත් දේවල්, දැනට කරලා තියෙන දේවල් තව දේවල් එකතු කරමු...රට අදාල නැහැ.(නදී)