එවරස්ට් කඳුමුදුන තරණය කරන්නන් රජයට ගෙවිය යුතු වන සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හරින්නට නේපාල රජය සැරැසේ.
ඒ අනුව පෙර පුද්ගලයෙකුගෙන් අය කළ පවුම් 15000 ක (රුපියල් 3300000) මුදල වෙනුවට දැන් පුද්ගලයෙකුගෙන් අයකෙරෙනු ඇත්තේ පවුම් 6000 ක් (රුපියල් 1320000) වැනි මුදලකි.
පෙරදී විශාල මුදල් ප්‍රමාණයක් අය කළත් කණ්ඩායම් ලෙසින් පැමිණෙන්නන්ට සහන ලබා දීමට නේපාල බළධාරීහු කටයුතු කළහ.නමුත් නව සංශෝධනයන්ට අනුව කණ්ඩායම් ලෙසින් පැමිණියද එක් එක් පුද්ගලයා පවුම් 6000 බැගින් (රුපියල් 1320000) එවරස්ට් කදුමුදුණ තරණය කිරීම වෙනුවෙන් ගෙවිය යුතුම වේ.
මෙවන් පියවරක් ගනු ලැබූයේ නේපාලයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව බළධාරීහු කියති.
බලධාරීන්ගේ මේ තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ හා ප්‍රවීණ කදුතරණය කරන්නන්ගේ මනාපයක් නොමැත.සංචාරකයින් කොතෙකුත් පැමිණීම නිසා දුූෂිත වී ඇති එවරස්ට් කදු මුදුනේ පරිසරය නැවත සකස් වීමට කාලය දිය යුතුව ඇතැයි ඔවුන්ගේ අදහසයි.
පොලිතින් කොළ,ආහාර දවටන,හිස් ඔක්සිජන් ටැංකි ආදී කැළි කසළ වලින් කදු මුදුන වැසී පවතින්නේයැයිද එවරස්ට් කදු මුදුන ලොව උසින්ම පිහිටි කසළ ගොඩ යැයි හැදින්වීමේ වරදක් නැතැයි යැයිද ඔවුහු කියති.
නමුත් එවරස්ට් තරණයට පැමිණෙන සංචාරකයින්ගෙන් පමණක් වසරකට පවුම් ලක්ෂ 20 ක් පමණ උපයන නේපාලය ඔවුන්ගේ අදහස් පිළිගැනීමට සූදානම් නැත.
පරිසර ආරක්ෂණය වෙනුවෙන් පියවර ගන්නා බව පමණක් නේපාල රජය සදහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd