මහමග දරුවන් අතහැර දමා යන දෙමව්පියන් ඉලක්ක කරගෙන ඉදිකෙරුණු ‘‘එපා වුණු ළමයින් සදහා වන කුටියක්‘‘ චීනයේ නන්ජින්ග් ප‍්‍රාන්තයේ ඇත.

මෙම කුටියේ භාරකාරීත්වය දරන්නේ නන්ජින්ග් ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක වන සමාජ සුභසාධන ආයතනයකි.දරුවන් මහමග දමා යනවාට වඩා ඔවුන්තම ආයතනයේ රැකවරණය යටතට ලබා දෙන්න යැයි එවන් දෙමව්පියන් වේ නම් ඔවුන් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම කාමරය ඉදිකළ බව ආයතනයේ බළධාරීන් කියයි.

කාමරය පිහිටා ඇත්තේ ආයතනයේ සිට ඇවිදින දුරකිනි.

කාමරයේ සංඥා පද්ධතියක් හා උෂ්ණත්ව පාලක පද්ධතියක් සවිකොට ඇත.දරුවෙකු කාමරයේ දමා යන පුද්ගලයෙකුට ඇත්තේ තමන් දරුවෙකු කුටියේ රැදවූයේ යැයි ඇගවීමට සංඥා පද්දතිය කි‍්‍රයාත්මක කිරීමටය.එවිට ප‍්‍රධාන ආයතනයේ සවිකර ඇති සංඥා කි‍්‍රයාත්මක වන අතර බළධාරීන් කුටියේ දරුවෙකු රදවා ගොස් ඇතැයි දැනගනී.

 

උෂ්ණත්ව පාලක පද්දතියෙන් කුටියේ උෂ්ණත්වය යාමනය කෙරෙන නිසා බාහිර පරිසරයේ උෂ්ණත්වය කුමක් වුවත් එයින් දරුවාට හානියක් සිදුනොවේ.

දරුවා තමන්ගේ භාරයට ගන්නා බළධාරීන් එතැන් පටන් දරුවාව රැකබලා ගැනීම සිදුකරයි.

චීනයේ බොහෝ අවස්ථාවන්හි මහමග අතහැර දමා යනු ලැබෙන්නේ අත දරුවන්ය.නිසි රැකවරණයක් නොලැබීම නිසා බොහෝ අවස්ථාවන්හි එවන් දරුවන් ක්ෂණිකයෙන් මරණයට පත්වේ.

දරුවන් අතහැර දැමිම සම්බන්ධයෙන් දෙමව්පියන්ටත් ඇගිල්ල දිගු කළ නොහැක්කේ චීනයේ කි‍්‍රයාත්මක වන එක් දරු නීතිය නිසාය.යුවළකට දරුවන් දෙතුන් දෙනෙකු සිටී නම් එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි තරමේ වරදකි.

ලොව වටිනාම සම්පත වන දරුවන්ට මෙසේ සැළකීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මෙම සමාජ සේවා ආයතනයේ අදහසයි.මහමග අතහැර දමා යන දරුවන්ටත් යහපත් අනාගතයක් ඇති කිරීමට තමන් කැපවී කි‍්‍රයාකරන බව ඔවුන් කියයි.