
‘කොවිඩ් 19’ වයිරසය සදහා මේවනවිට නිපඳවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින්, ඔමික්‍රෝන් විකෘතියට එරෙහිව ද ආරක්ෂාවක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෛද්‍ය මයික් රයන් පවසයි.
වෛද්‍යවරයා මෙසේ පැවැසුවේ, ‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන් මෙතෙක් නිපදවා ඇති ‘කොවිඩ් 19’ එන්නත් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ මූලික පර්යේෂණයකින් පසුවය.
එම පර්යේෂණයට යොදා ගැණුනේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත බව ද පැවැසෙයි.
‘ෆයිසර් එන්නත පමණක් නොව, සෙසු එන්නත් ද‘ඔමික්‍රෝන්’ අඩපණ කිරීමට සමත් වනු ඇතැයි තම විශ්වාසය බවත්, එන්නත් ලබා ගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතු බවත් වෛද්‍ය මයික් රයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ..., බඩුත් හාමුදුරුවන්ගේ... !!!