ඉරානයේ පිහිටි ප‍්‍රධාන හමුදා කඳවුරක් නිරීක්ෂණය කිරීමට තමන්ට අවසර නොදුන්නේ යැයි ඉරානයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරියේ නියෝජිතයෝ ඊයේ (22) ඉරානයට චෝදනා කළහ. එම නියෝජිත කණ්ඩායම ඉරානයට පැමිණ සිටින්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමේ අරමුණ ඇතිවය. එම හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමට අවසර නොලැබීම හේතුවෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීමේ ගිවිසුමට අදාළ නිරීක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ බව ද අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ නියෝජිතයෙක් පැවැසීය. නියෝජිතයන්ට අවසර නොලැබුණේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීම් සිදු කෙරෙන බවට විශ්වාස කෙරෙන ඉරානයේ ටෙහෙරාන් අගනුවර සමීපයේ පිහිටි ‘පාර්චින්’ නමැති යුද හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමටය. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඉරානයට පැමිණ සැබෑ තත්ත්වය විමසා බලන්නැයි පරමාණුක බලශක්ති අධිකාරියේ නියෝජිතයන්ට ආරාධනාවක් කළේ ද ඉරාන රජයයි. කෙසේ නමුත් එම නියෝජිත පිරිස ඉරානයට පැමිණීමෙන් අනතුරුව ඉරානය සහ බටහිර බලවතුන් අතර අර්බුදය තීව‍්‍ර විය. එම තත්ත්වයේ ප‍්‍රථිඵලයක් වශයෙන් ඉරානයට එරෙහි සම්බාධක වැඩි කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය. පාර්චින් හමුදා කඳවුරේදී අධි බලැති පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් අත්හදා බැලීමක් සිදු කර ඇති අතර එය බැලස්ටික් මිසයිලයක් තැනීමේ අරමුණින් සිදු කෙරන පරීක්ෂණවලට අදාළ බවට සැක කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ජාතින්ගේ පරමාණු බලශක්ති අධිකාරියෙන් ඉරානයට චෝදනා