IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානී වැලෙරි ආමෝස් සිරියාවට

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වීමත් සමග විපතට පත්ව සිටින සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී ආමෝස් ඊයේ (8) සිරියාවට පැමිණියාය. සිරියාවට පැමිණි ඇයට එරට ‘අරාබි රෙඞ් ක්‍රෙසන්ට්’ සහන සේවා නිලධාරීන්ගේ සහාය ලැබුණු අතර ඇය බාබා අම්ර් නුවර බලා පිටත්ව ගියේ ද ඔවුන් සමඟය. බාබා අම්ර් නුවර නුවරට පැමිණි වැලරී ප‍්‍රමුඛ සහන සේවා නිලධාරීන්ට දකින්න ලැබී ඇත්තේ නගරය හිස්ව ඇති බව යැයි ඔවුන් සමඟ ගිය මාධ්‍යවේදීහු පැවැසූහ. සිරියාවේ ආයුධ සන්නද්ධ සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති බාබා අම්ර් නුවරට සිරියා හමුදා ඉකුත් සතියේ දරුණු ලෙස බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බව වාර්තා විය. තවමත් දරුණු ගැටුම් පවතින්නේ හොම්ස් නුවරය. සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ ආයුධ අතට ගෙන සිරියා ජනපති බෂීර් අල් අසාද්ට එරෙහි සටන් වදින කැරැලිකරුවන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ ද හොම්ස් නුවරය. එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප‍්‍රධානී වැලරී සිරියාවට ගොස් සිරියා සිවිල් වැසියන් ගැන සොයා බැලීමට තීරණය කළේ ඉකුත් 29 වැනිදාය. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය. එහෙත් සිරියා රජය ඊට විරෝධය පළ කළේය



අදහස් (0)

එ.ජා. මානුෂීය සහන ප‍්‍රධානී වැලෙරි ආමෝස් සිරියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site