IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (27) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර, එහිදී සිරියා අර්බුදයට විසඳුමක් සෙවීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. සිරියාවට අමතරව ශ්‍රී ලංකාව, ඉරානය, ලිබියාව, මියන්මාරය, අයිවරි කෝස්ට් සහ උතුරු කොරියාව යන රටවල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ද සමුළුවේ අවධානය යොමු වේ. වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ කටයුතු ආරම්භ වනු ඇත්තේ, එහි මහ ලේකම් නාවි පිල්ලේගේ සහ සභාපති, කටාර් රාජ්‍ය නියෝජනය කරන නසීර් අබ්දුල්ලාසීස් අල් නසාර්ගේ ප‍්‍රධානත්වයෙනි. සමුළුවේ ආරම්භක දින තුනේදී සම්පූර්ණ අවධානය සිරියාව වෙත යොමු කර, එරට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් සෙවීමට වෙහෙසන බව  මහ ලේකම් නාවි පිල්ලේ පවසයි. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළැයි සිරියා ජනපති බෂීර් අල් අසාද්ට චෝදනා එල්ල වී ඇත. ඔහුට අමතරව මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි සැක කෙරෙන සිරියා හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද තමන්ට ලැබී ඇතැයි මහ ලේකම් නාවි පිල්ලේ වැඩි දුරටත් කියා සිටියි. මානව හිමිකම් සමුළු මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ සිරියාවට එරෙහි යෝජනාවලියක් ගෙන ඒමට ජාත්‍යන්තර රටවලට බලපෑමක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. රටවල් 90 ක ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු අද පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති. ඔවුන් අතර ප‍්‍රංශයේ, ජර්මනියේ, ස්පාඤ්ඤයේ සහ ඊජිප්තුවේ විදේශ කටයුතු ඇමැතිවරුන් ද ලිබියාවේ නව අගමැති අබ්දෙල් රහීම් අල් කිබ් ද සිටිති.



අදහස් (0)

එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site