මරණය කරා යන බව දැනුණු නිසාදෝ ඝාතකාගාරයක් බලා ධාවනය වෙමින් තිබුණු ට‍්‍රක් රථයක සිටි ඌරෙක් එයින් පනිනු දකුණු ඇමරිකාවේ මාර්ගයකදී දැකගත හැකිවුවේය.
ට‍්‍රක් රථයට පසුපසින් ආ මෝටර් රථයක සිටියන් විසින් පටිගත කැරුණු වීඩියෝවක ඌරා මුලින් තම හිස ඔසවා සිටිනුත් පසුව අපහසුවෙන් ට‍්‍රක් රථයේ බක්කිය කොටසේ ඇති පියන මතට නගිනුත් අනතුරුව පාරට පනිනුත් දැක්වේ.
ධාවනය වෙමින් තිබෙන ට‍්‍රක් රථයෙන් ඌරා බිමට පනිනුයේ අඩි 10 ක පමණ උසක සිටය.
ඌරා පාරට වැටුණු පසු කම්පනය නිසාදෝ මදක් නතර වී සිටිනුත් අවසානයේදී සතර පයෙන් නැගී සිට මාර්ගයේ පසෙකට ගමන් කරනුත් වීඩියෝ පටයේ සටහන්ව ඇත.
නිකුත්වූ දා පටන් මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් වීඩියෝව නරඹා තිබෙන අතර ඔවුන් සියල්ලක්ම පාහේ ‘‘වීර ඌරා‘‘ සම්බන්ධයෙන් ප‍්‍රශංසනාත්මකව අදහස් දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ (නි)
අහිංසක සතුන්ගේ මස් කනඑක නතර කරන්න .අපිව මෙහෙම මරන්න අරගෙන යනවනම් .අඩි දාහකින් උනත් පනිනවනේ. (දී)
පව් අහිංසක සතා (නදී)
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා -න හනේය්‍ය න ඝාතයෙ. (ධම්ම පදය 129 ගාථාව - දණ්ඩ වග්ගය) සියලු ම සත්වයෝ දඬුවමට බිය වෙති. මරණයට බිය වෙති. තමා උපමා කරගෙන පර පණ ද සුරකින්න...(නදී)
කොහොම හරි ඌරා වීරයා බේරුනානේ (නදී)
මොනා කරන්නද ජීවිතේ හැටි (අ)
මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ. සියලු සත්වයන් තම ජීවිතයට ප්‍රිය කරත්. සබ්බේ භායන්ති මච්චුනෝ - සබ්බෙසන් ජීවිතං පියං. (නදී)
කකුල් දෙකේ ඌරන්ට ජීවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ නේ. ඕකනේ බල්ලෝ බළල්ලු වගේ මරා ගන්නේ. (නදී)
මරණ බිය කාටද නැත්තේ දෙයියනේ (නදී)
ඌරා බොන්න යන්න ඇති (නදී)
මරණ බය කාටත් පොදුයි (නි)
වීර ඌරා!! (නි)
හැබැයි අපේ අයට අහුවුණා නම් අත්අඩංගුවෙන් පැනයාමට තැත්කිරීමේ වරදට දඩුවම් විඳීමට සිදුවීම නම් නියතයි! (නි)
මෙන්න නියම ඌරා. මේ වගේ හිටියා නම් අපේ අනික් සත්තුත්. (නදී)
කොහොම හරි අපහු අල්ලාගෙන ආයුධ පෙන්වන්න එක්කන් යන්න ඕනි ! (ස)
මරණ හතක ඇති මිනිහෙක් පැණි කැහ(අ)
මම මේකේ වීඩියෝ එක බැලුවා (දී)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා (නදී)