IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උපන් දිනය සමරද්දී අමුත්තෝ ඇස් වසා ගනිති

සතුන්ට ඇති ආදරය ඔප්පු කරමින් රොබට් අයිවින් අපූරු ක‍්‍රමයකට තම 10 වැනි උපන් දිනය සැමරුවේය. ඒ ප‍්‍රථම වතාවට කිඹුලන්ට කෑම දීමටය. සැබවින්ම ඔහු මෙය අභියෝගයක් ලෙස භාර ගත්තකි.

ඔහු මේ සඳහා තෝරා ගත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ සත්තු වත්තක කරදිය කිඹුල් උයනකි. මේ සඳහා සත්තු වත්තේ ඔහු වෙනුවෙන් උත්සවයක්ද සංවිධානය කළේය.

සත්තු වත්ත නැරඹීමට පැමිණ සිටි සියළු දෙනා මෙම අවස්ථාවට සහභාගි විය. කුඩා රොබට් දරුණු කිඹුල්ලූන් අසලට ගොස් ආහාර දෙන විට පැමිණ සිටියෝ ඇස් වසා ගත්හ.

රොබට්ගේ පියා ස්ටීව් අයිවින් වනජීවි සංරක්ෂක නිලධාරියෙකි. ඔහුගේ විවිධ සංචාර සඳහා රොබට් සහ ඔහුගේ සොහොයුරිය බින්දිද සහභාගි වන්නීය. 2004 වසරේ මාසයක් වයසැති රොබට් අතේ සිටියදීම ස්ටීව් කිඹුලනට කෑම දෙන රූපරාමු පෙළක්ද ඔවුන් ප‍්‍රදර්ශණය කර ඇත.

 

 

 

 

 

 



අදහස් (0)

උපන් දිනය සමරද්දී අමුත්තෝ ඇස් වසා ගනිති

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 02:06 PM

ඔයාලා කලබල වෙන්න එපා. අයිවින් ඊළඟ උපන්දිනේට ඔයාලගෙන් කෙනෙක් තෝර ගනීවි. (ස)

:       0       0

අතුල රත්න Friday, 06 December 2013 02:14 PM

මාතර ගඟේ කිඹුලිගේ කවියේ අර්ථය වෙන එකක්. රෙදි නැන්දා කෙනෙක් ඉඳල තියනවා. නිතරම ගඟේ ඉන්න හින්ද මිනිස්සු කියල තියෙන්නේ කිඹුලි කියලා. එයාගේ පුතෙක් ඉඳල තියනවා පාරු වලින් කප්පම් ගන්න චන්ඩියෙක්. (ස)

:       0       0

උපුල් Friday, 06 December 2013 02:18 PM

මේකේ අදහස් දාල තියන සමහරුන්ට ලෝකය ගැන අවබෝධක් නැහැ වගේ. රොබට් අයිවින් හෝ ස්ටීව් අර්වින් කියන්නේ කවුද කියල පොඩ්ඩක් කියවල බලන්න. මෝඩ අදහස් දාන්න කලින්. (ස)

:       0       0

නරනප්පා Saturday, 07 December 2013 12:38 AM

මදුශ , සැම්සන් , පිට බද්දර රොෂාන් මට ඔබල ගැන සන්තෝසයි. ස්ටිව් අයිවන් ලෝකයම ආදරය කරන පරිසර වේදියෙක් සීයලගේ පරපුරේ කෙනෙක්. මේකේ ලියන අය හොද දේවල් ලියන්නේ නැහැ. (නදී)

:       0       0

නරනප්පා Saturday, 07 December 2013 12:42 AM

ගජබා මෝඩයත් පන්ඩිතයලු කට වහගෙන ඉන්නතුරු.(නදී)

:       0       0

නරනප්පා Saturday, 07 December 2013 12:56 AM

මේ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර් ටීම් ප්ලනරි (,වී ආර් ද වෙදර් මේකර් ) නම් පොත ලියලා තියෙන කෙනා.(නදී)

:       0       0

මධූෂ Thursday, 05 December 2013 09:02 PM

ගජබා සහ සිල්වා, නොදන්නා දේවල් කියවන්න එපා. ද ඕස්ට්‍රේලියන් ෂූ කියන්නේ ස්ටීව් අර්වින් සහ පවුලේ බිස්නස් එක. ස්ටීව් මිය ගියේ මඩු මාළු ප්‍රහාරයකින්. ඔය දරුවා බබා කාලෙ ඉදන් පියා එක්ක වන සතුන් බලන්න යනවා. ඕස්ට්‍රේලියාවේ සත්තු වත්ත මේ රට තුල තිබෙන ඉතාම අනර්ඝ ස්ථානයක්.(නදී) ඉතාම හොද සේවයක් වන සතුන් වෙනුවෙන් කරනවා. කුහක කතා කියන්න එපා...

:       0       0

ගජබා Thursday, 05 December 2013 02:30 PM

තම ප්‍රසිද්ධිය උදෙසා තමාගේම කුඩා බිලිඳා අනතුරක දමන මේ වගේ මෝඩ පියවරුන්ගේ ක්‍රියා හෙළ දකිමි. (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 December 2013 09:54 PM

ගොඩ හිටියත්, දියේ හිටියත්, දෙගම්බඩ රජා කිඹුලා කිඹුලමයි. (ස)

:       0       0

මධු Thursday, 05 December 2013 02:53 PM

ස්ව කැමැත්ත. (ස)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 03:23 PM

මැරෙන්න ඕනේ නම් තනියම ගිහිල්ල මැරෙන එකයි ඇත්තේ. (ස)

:       0       0

නිසංසලා Friday, 06 December 2013 09:59 AM

මල්ලි ඔයා මාතර ගඟේ කිඹුලිගෙ පැටියද?එයා නම් මිනී කන්නෙ නෑලු.එහෙම තමයි කවියෙ නම් තිබුණෙ.හැබැයි ඉතින් බඩගිනි වුනාම ඌත් ෂුවර් නෑ නේද? (ස)

:       0       0

සංජු Thursday, 05 December 2013 04:02 PM

තව පොඩ්ඩෙන් උපන් දිනය සමරනවා වෙනුවට උපන් දිනය මරනවා වෙන්න තිබුනා. කොහොමටත් ජනප්‍රිය වෙන්න තියෙන ආශාව ජීවත් වෙන්න තියෙන ආශාවට වඩා වැඩියි බොහෝ දෙනෙක්ට. (ස)

:       0       0

මාලා Thursday, 05 December 2013 04:35 PM

ස්ටීව් අයිවින් ඉතාම ප්‍රසිද්ධ වන සත්වවේදියෙක්. ඔහු මීට ටික කලකට ඉහත දී මඩුවෙකු ගේ ප්‍රහාරයකින් මිය ගියා. මිනිස්සුන්ට ඉතාම ආදර්ශවත්. ඔහුගේ ජීවත් වෙලා සිටි කාලය තුල සිය පවුල ම සමඟ දරුණු සතුන් පවා බේරා ගැනීමේ කටයුතු වල නිරත උනා. එය ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔහුගේ දරුවන්ද ඒ මග යන බව පේනවා. වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/Steve_Irving (ස)

:       0       0

සැම්සන් Thursday, 05 December 2013 11:45 PM

මදුශ ඔබ හරි, අපේ මිනිස්සු දන්නා දෙයකුත් නැහැ, නිකන් පණ්ඩිත වෙන්න හදනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 December 2013 04:40 PM

ජනප්‍රිය වී මුදල් සොයා ගැනීමට සතුන්ට වද දෙන කුඩා ළමුන්ගේ ජිවිත පරදුවට තබන මෙවැනි මිනිසුන්ව කිඹුලන් කෑවත් මගේ හිතේ කිසිම කණගාටුවක් නැත. කිඹුලන් ජිවත් විය යුත්තේ වනගත ජලාශ ආශ්‍රිතව ස්වභාවික පරිසරයේ මිසක් මෙවැනි වතුර ටැංකිවල නොවේ. මෙවැනි මිනිසුන් ප්‍රමාණයක් එකවර දැකීම නිසා සතුන් ශාරීරික මෙන්ම මානසික පීඩන වලට ලක්වේ. (ස)

:       0       0

ලංකා Thursday, 05 December 2013 05:07 PM

කුඩා දරුවාගේ පියා සත්වයින් ගැන මහා දැනුමක් සහිත ඉතා හොඳ වෛද්‍යවරයෙකි. පුතා ඔහුගේ අඩි පාරේ යන බවට ඇති හොඳම සාක්ෂි මෙන්න. (නි)

:       0       0

රොෂාන් Friday, 06 December 2013 12:24 AM

ස්ටීව් අර්වින් හිත හොද සුද්දෙක්.බලන්න යූ ටියුබ් එකේ "ක්‍රොකඩයිල් හන්ටර්" වැඩසටහන (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 07:51 PM

දැන්, එතකොට උපුල් මහත්තයා කියන විදියට ,වන ජීවී සංරක්ෂණ නිලධාරීන්ව කිඹුල් කටට අහුවෙන්නේ නැද්ද?දොස්තරලා මැරෙන්නෙත් ලෙඩ වෙලා. (නි)

:       0       0

සුපුන් Friday, 06 December 2013 12:35 AM

මේක ලංකාවේ කවුරු හරි කළා නම් ඔය ඊනියා ජතිකවාදියෝ, කුහකයෝ මෙතන දෙකක් වෙන්න බෙරිහන් දේවි කරපු දක්ෂකම අගය කරලා.ස්ටීව් අයිවන් තමා නැෂනල් ජියෝග්‍රැෆික් සහ ඩිස්කවරි චැනල් වල සතුන් ගැන වාර්තා ඉදිරිපත් කළේ. ඔහු සත්වවේදියෙක්, සතුන් ගැන අපරිමිත දැනුමක් තිබු විද්‍යාවේදියෙක්. (නි)

:       0       0

ලසන්ත Friday, 06 December 2013 11:43 AM

සල්ලි වලට කරන්න දෙයක් තියන්න එපෑය. (ස)

:       0       0

රොෂාන් Friday, 06 December 2013 08:44 PM

සමහර අය ඉතාමත් මෝඩ විදියට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. මාල මධුෂ පිටබෙද්දර ජායා වැවෙනි අයගේ අදහස් මම ඉතාමත් අගය කොට සලකනවා. ස්ටීව් අර්වින් ලංකාවටත් ආව යු ටියුබ් එකට ගිහින් බලන්න අයිලන්ඩ් ඔෆ් ස්නේක් කියන එක. ඔහු සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් මේක හුදෙක් ප්‍රසිද්දිය සඳහා කරන දෙයක් නෙමෙයි. සමහරුන්ගේ තියෙන නුගත් කමට මෝඩ අදහස් දාලා.(නදී)

:       0       0

ෂාලික් Friday, 06 December 2013 12:30 PM

මෝඩයෙක් (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 December 2013 01:02 PM

ස්ටිව් එර්වින් ලංකාවටත් ආව යාල වැඩසටහනකට, කැලේ අලියෙක් තමන් ඉදිරියට එනකොට නොසැලී ඉඳල තියෙනවා. මේ මනුස්සය මැරුන වෙලේ මුළු ලෝකෙම කම්පා උනා . ඒ දරුවොත් යන්නේ තාත්තගෙම අඩි පාරේ, මේකට ඉතින් අපි මොකට ගහ ගන්නවද නේද ? (ස)

:       0       0

ජනක Friday, 06 December 2013 05:33 AM

ලංකාවේ සෑම පැය හැත්තෑ දෙකකට වරක්ම අලියකු මිය යද්දී, පෙරහැර වලට කැලේ ඉන්න අලි අරන් ගිහින් වද දෙද්දී, ඡන්ද ගුණ්ඩු ලෙස අලි පැටවූ පන්සල් වලට දේශපාලකයෝ බෙදා දෙද්දී මෙතන බෙරිහන් දෙන අවිහිංසාවාදියෝ කොහෙද හිටියේ....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1158 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 99 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 95 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1388 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1740 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2807 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site