සතුන්ට ඇති ආදරය ඔප්පු කරමින් රොබට් අයිවින් අපූරු ක‍්‍රමයකට තම 10 වැනි උපන් දිනය සැමරුවේය. ඒ ප‍්‍රථම වතාවට කිඹුලන්ට කෑම දීමටය. සැබවින්ම ඔහු මෙය අභියෝගයක් ලෙස භාර ගත්තකි.
ඔහු මේ සඳහා තෝරා ගත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සත්තු වත්තක කරදිය කිඹුල් උයනකි. මේ සඳහා සත්තු වත්තේ ඔහු වෙනුවෙන් උත්සවයක්ද සංවිධානය කළේය.
සත්තු වත්ත නැරඹීමට පැමිණ සිටි සියළු දෙනා මෙම අවස්ථාවට සහභාගි විය. කුඩා රොබට් දරුණු කිඹුල්ලූන් අසලට ගොස් ආහාර දෙන විට පැමිණ සිටියෝ ඇස් වසා ගත්හ.
රොබට්ගේ පියා ස්ටීව් අයිවින් වනජීවි සංරක්ෂක නිලධාරියෙකි. ඔහුගේ විවිධ සංචාර සඳහා රොබට් සහ ඔහුගේ සොහොයුරිය බින්දිද සහභාගි වන්නීය. 2004 වසරේ මාසයක් වයසැති රොබට් අතේ සිටියදීම ස්ටීව් කිඹුලනට කෑම දෙන රූපරාමු පෙළක්ද ඔවුන් ප‍්‍රදර්ශණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා කලබල වෙන්න එපා. අයිවින් ඊළඟ උපන්දිනේට ඔයාලගෙන් කෙනෙක් තෝර ගනීවි. (ස)
මාතර ගඟේ කිඹුලිගේ කවියේ අර්ථය වෙන එකක්. රෙදි නැන්දා කෙනෙක් ඉඳල තියනවා. නිතරම ගඟේ ඉන්න හින්ද මිනිස්සු කියල තියෙන්නේ කිඹුලි කියලා. එයාගේ පුතෙක් ඉඳල තියනවා පාරු වලින් කප්පම් ගන්න චන්ඩියෙක්. (ස)
මේකේ අදහස් දාල තියන සමහරුන්ට ලෝකය ගැන අවබෝධක් නැහැ වගේ. රොබට් අයිවින් හෝ ස්ටීව් අර්වින් කියන්නේ කවුද කියල පොඩ්ඩක් කියවල බලන්න. මෝඩ අදහස් දාන්න කලින්. (ස)
මදුශ , සැම්සන් , පිට බද්දර රොෂාන් මට ඔබල ගැන සන්තෝසයි. ස්ටිව් අයිවන් ලෝකයම ආදරය කරන පරිසර වේදියෙක් සීයලගේ පරපුරේ කෙනෙක්. මේකේ ලියන අය හොද දේවල් ලියන්නේ නැහැ. (නදී)
ගජබා මෝඩයත් පන්ඩිතයලු කට වහගෙන ඉන්නතුරු.(නදී)
මේ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර් ටීම් ප්ලනරි (,වී ආර් ද වෙදර් මේකර් ) නම් පොත ලියලා තියෙන කෙනා.(නදී)
ගජබා සහ සිල්වා, නොදන්නා දේවල් කියවන්න එපා. ද ඕස්ට්‍රේලියන් ෂූ කියන්නේ ස්ටීව් අර්වින් සහ පවුලේ බිස්නස් එක. ස්ටීව් මිය ගියේ මඩු මාළු ප්‍රහාරයකින්. ඔය දරුවා බබා කාලෙ ඉදන් පියා එක්ක වන සතුන් බලන්න යනවා. ඕස්ට්‍රේලියාවේ සත්තු වත්ත මේ රට තුල තිබෙන ඉතාම අනර්ඝ ස්ථානයක්.(නදී) ඉතාම හොද සේවයක් වන සතුන් වෙනුවෙන් කරනවා. කුහක කතා කියන්න එපා...
තම ප්‍රසිද්ධිය උදෙසා තමාගේම කුඩා බිලිඳා අනතුරක දමන මේ වගේ මෝඩ පියවරුන්ගේ ක්‍රියා හෙළ දකිමි. (ස)
ගොඩ හිටියත්, දියේ හිටියත්, දෙගම්බඩ රජා කිඹුලා කිඹුලමයි. (ස)
ස්ව කැමැත්ත. (ස)
මැරෙන්න ඕනේ නම් තනියම ගිහිල්ල මැරෙන එකයි ඇත්තේ. (ස)
මල්ලි ඔයා මාතර ගඟේ කිඹුලිගෙ පැටියද?එයා නම් මිනී කන්නෙ නෑලු.එහෙම තමයි කවියෙ නම් තිබුණෙ.හැබැයි ඉතින් බඩගිනි වුනාම ඌත් ෂුවර් නෑ නේද? (ස)
තව පොඩ්ඩෙන් උපන් දිනය සමරනවා වෙනුවට උපන් දිනය මරනවා වෙන්න තිබුනා. කොහොමටත් ජනප්‍රිය වෙන්න තියෙන ආශාව ජීවත් වෙන්න තියෙන ආශාවට වඩා වැඩියි බොහෝ දෙනෙක්ට. (ස)
ස්ටීව් අයිවින් ඉතාම ප්‍රසිද්ධ වන සත්වවේදියෙක්. ඔහු මීට ටික කලකට ඉහත දී මඩුවෙකු ගේ ප්‍රහාරයකින් මිය ගියා. මිනිස්සුන්ට ඉතාම ආදර්ශවත්. ඔහුගේ ජීවත් වෙලා සිටි කාලය තුල සිය පවුල ම සමඟ දරුණු සතුන් පවා බේරා ගැනීමේ කටයුතු වල නිරත උනා. එය ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔහුගේ දරුවන්ද ඒ මග යන බව පේනවා. වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/Steve_Irving (ස)
මදුශ ඔබ හරි, අපේ මිනිස්සු දන්නා දෙයකුත් නැහැ, නිකන් පණ්ඩිත වෙන්න හදනවා (නි)
ජනප්‍රිය වී මුදල් සොයා ගැනීමට සතුන්ට වද දෙන කුඩා ළමුන්ගේ ජිවිත පරදුවට තබන මෙවැනි මිනිසුන්ව කිඹුලන් කෑවත් මගේ හිතේ කිසිම කණගාටුවක් නැත. කිඹුලන් ජිවත් විය යුත්තේ වනගත ජලාශ ආශ්‍රිතව ස්වභාවික පරිසරයේ මිසක් මෙවැනි වතුර ටැංකිවල නොවේ. මෙවැනි මිනිසුන් ප්‍රමාණයක් එකවර දැකීම නිසා සතුන් ශාරීරික මෙන්ම මානසික පීඩන වලට ලක්වේ. (ස)
කුඩා දරුවාගේ පියා සත්වයින් ගැන මහා දැනුමක් සහිත ඉතා හොඳ වෛද්‍යවරයෙකි. පුතා ඔහුගේ අඩි පාරේ යන බවට ඇති හොඳම සාක්ෂි මෙන්න. (නි)
ස්ටීව් අර්වින් හිත හොද සුද්දෙක්.බලන්න යූ ටියුබ් එකේ "ක්‍රොකඩයිල් හන්ටර්" වැඩසටහන (නි)
දැන්, එතකොට උපුල් මහත්තයා කියන විදියට ,වන ජීවී සංරක්ෂණ නිලධාරීන්ව කිඹුල් කටට අහුවෙන්නේ නැද්ද?දොස්තරලා මැරෙන්නෙත් ලෙඩ වෙලා. (නි)
මේක ලංකාවේ කවුරු හරි කළා නම් ඔය ඊනියා ජතිකවාදියෝ, කුහකයෝ මෙතන දෙකක් වෙන්න බෙරිහන් දේවි කරපු දක්ෂකම අගය කරලා.ස්ටීව් අයිවන් තමා නැෂනල් ජියෝග්‍රැෆික් සහ ඩිස්කවරි චැනල් වල සතුන් ගැන වාර්තා ඉදිරිපත් කළේ. ඔහු සත්වවේදියෙක්, සතුන් ගැන අපරිමිත දැනුමක් තිබු විද්‍යාවේදියෙක්. (නි)
සල්ලි වලට කරන්න දෙයක් තියන්න එපෑය. (ස)
සමහර අය ඉතාමත් මෝඩ විදියට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. මාල මධුෂ පිටබෙද්දර ජායා වැවෙනි අයගේ අදහස් මම ඉතාමත් අගය කොට සලකනවා. ස්ටීව් අර්වින් ලංකාවටත් ආව යු ටියුබ් එකට ගිහින් බලන්න අයිලන්ඩ් ඔෆ් ස්නේක් කියන එක. ඔහු සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් මේක හුදෙක් ප්‍රසිද්දිය සඳහා කරන දෙයක් නෙමෙයි. සමහරුන්ගේ තියෙන නුගත් කමට මෝඩ අදහස් දාලා.(නදී)
මෝඩයෙක් (ස)
ස්ටිව් එර්වින් ලංකාවටත් ආව යාල වැඩසටහනකට, කැලේ අලියෙක් තමන් ඉදිරියට එනකොට නොසැලී ඉඳල තියෙනවා. මේ මනුස්සය මැරුන වෙලේ මුළු ලෝකෙම කම්පා උනා . ඒ දරුවොත් යන්නේ තාත්තගෙම අඩි පාරේ, මේකට ඉතින් අපි මොකට ගහ ගන්නවද නේද ? (ස)
ලංකාවේ සෑම පැය හැත්තෑ දෙකකට වරක්ම අලියකු මිය යද්දී, පෙරහැර වලට කැලේ ඉන්න අලි අරන් ගිහින් වද දෙද්දී, ඡන්ද ගුණ්ඩු ලෙස අලි පැටවූ පන්සල් වලට දේශපාලකයෝ බෙදා දෙද්දී මෙතන බෙරිහන් දෙන අවිහිංසාවාදියෝ කොහෙද හිටියේ....? (නි)