උතුරු කොරියාවෙන් පළමු වරට 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තා වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය පවසයි.
උතුරු කොරියාවේ 'කේ.සී.එන්.ඒ' රාජ්‍ය පුවත් සේවයට අනුව, යොංග්පෙන්ග් අගනුවර උණ රෝගියකු 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇත.
එම තැනැත්තාට ආසාදනය වී ඇත්තේ 'කොවිඩ් 19' ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බිහිසුණු ඔමික්‍රෝන් විකෘතිය යැයි ද හඳුනා ගැනීමට උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සමත් වී තිබේ.
පළමු ආසාදිතයා මෙසේ වාර්තා වීමත් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. ඒ, 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙනි.
එහිදී වයිරස ව්‍යාප්තිය හැකිතාක් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ පැනැවීම මෙම හමුවේ දී සිදුවිය. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියානු නායකයා උපදෙස් ලබා දුන් බව ද පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුරු කොරියාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවෙයි