IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු කොරියාවේ නව නායකයා ‘කිම් ජොං-උන්’

උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොං උන් නිල වශයෙන් නම් කිරීමෙන් පසු තම නව නායකයා දිවිහිමියෙන් සුරැකීමට සූදානම් බව බව එරට රජය පෙරේදා (31) ප‍්‍රකාශ කළේය. උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂය, සන්නද්ධ හමුදා සහ රටවැසියන් මිනිස් පවුරක් ලෙස එක්ව නව නායකයා සුරැකිය යුතු බව එරට රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. උතුරු කොරියානු නව නායකයා ලෙස බලයට පත් වූ කිම් ජොං උන් ලොව විශාලම යුධහමුදාවලින් සිවුවැනි ස්ථානය හිමි කර ගෙන සිටින මිලියන 1.2කින් යුත් උතුරු කොරියානු හමුදාවේ සේනාධිනායකයා බවට ද පත් විය. උතුරු කොරියාවට ආසන්නයේ පිහිටි ලොව දැවැන්තම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ජනාධිපතිවරයා ද නව ජනාධිපතිවරයාගේ පදවිප‍්‍රාප්තියට සුබ පැතුම් එක් කළේය. නව වසරේ දී උතුරු කොරියාව ‘බලවත් සහ සෞභාග්‍යමත්’ ජාතියක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.



අදහස් (0)

උතුරු කොරියාවේ නව නායකයා ‘කිම් ජොං-උන්’

ශාන්තු Monday, 02 January 2012 10:51 PM

ඇමෙරිකාවට බිය නොවන මෙවැනි නායකයන් ලෝකයේ බිහි විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site