උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොං උන් නිල වශයෙන් නම් කිරීමෙන් පසු තම නව නායකයා දිවිහිමියෙන් සුරැකීමට සූදානම් බව බව එරට රජය පෙරේදා (31) ප‍්‍රකාශ කළේය.
උතුරු කොරියානු කොමියුනිස්ට් පක්ෂය, සන්නද්ධ හමුදා සහ රටවැසියන් මිනිස් පවුරක් ලෙස එක්ව නව නායකයා සුරැකිය යුතු බව එරට රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
උතුරු කොරියානු නව නායකයා ලෙස බලයට පත් වූ කිම් ජොං උන් ලොව විශාලම යුධහමුදාවලින් සිවුවැනි ස්ථානය හිමි කර ගෙන සිටින මිලියන 1.2කින් යුත් උතුරු කොරියානු හමුදාවේ සේනාධිනායකයා බවට ද පත් විය.
උතුරු කොරියාවට ආසන්නයේ පිහිටි ලොව දැවැන්තම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ජනාධිපතිවරයා ද නව ජනාධිපතිවරයාගේ පදවිප‍්‍රාප්තියට සුබ පැතුම් එක් කළේය.
නව වසරේ දී උතුරු කොරියාව ‘බලවත් සහ සෞභාග්‍යමත්’ ජාතියක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට බිය නොවන මෙවැනි නායකයන් ලෝකයේ බිහි විය යුතුයි