IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවයි

න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ උතුරු කොරියා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිරීක්ෂකයන්ට එරටට පැමිණ න්‍යෂ්ටික කටයුතු අධීක්ෂණය කරන ලෙස ඊයේ (1) ආරාධනා කළේය. උතුරු කොරියාව එසේ තීරණය කළේ ඇමෙරිකා රජය උතුරු කොරියාවට ටොන් 2,40,000 ක ආහාර සහනාධාරයක් ලබා දීමට කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එම ආහාර සහනාධාරය ලබා ගැනීමට නම් තම න්‍යෂ්ටික අවි නිපදවීමේ කටයුතු සීමා කිරීමට උතුරු කොරියාවට සිදුවෙයි. වසර ගණනාවක් තිස්සේ උතුරු කොරියාවට නායකත්වය දුන් කිම් ජොංග් ඉල් ඉකුත් දෙසැම්බරයේ දී මියගිය අතර, ඔහුගෙන් පසු නායකත්වය උරුම වූයේ කිම් ජොංග් ඉල්ගේ පුතු කිම් ජොං උන්ටය. න්‍යෂ්ටික කටයුතු සහ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළේ කිම් ජොංග් ඉල් සහ ඔහුගේ නව රජයයි. ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ ප‍්‍රසිද්ධියේම න්‍යෂ්ටික අවි නිපදවයි. මිසයිල අත්හදා බැලීමේ කටයුතු ද විටින් විට සිදු කරයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකාව, බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිගේ නියෝජිතයෝ කිම් ජොංග් ඉල්ගේ රජය සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළහ. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වූ අතර අන්දමින් උතුරු කොරියා රජය, හිතුවක්කාර ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු දිගටම කරගෙන ගියේය. 2009 වසරේදී පරමාණු ශක්ති ඒජන්සියේ නියෝජිතයන්ට උතුරු කොරියාවට පැමිණීමද තහනම් කෙරුණි. ඉන්පසු උතුරු කොරියාවට දිගට හරහට සම්බාධක පැනවූ අතර එය රටක් ලෙස හුදෙකලා කෙරුණි. ”මා හිතන්නේ උතුරු කොරියා නව නායකයා සහ ඔහුගේ රජය ගත් තීරණය ඉතා නිවැරැදියි. ඔවුන් හරි මාර්ගයට වැටී ඇති බව අපට පෙනෙනවා.” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සෙනෙට් මණ්ඩල රැස්වීමකදී කියා සිටියාය. උතුරු කොරියා නායක කිම් ජොං උන්  



අදහස් (0)

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site