උතුරු කොරියාව උඩුගුවනට යැවීමට සැරසෙන රොකට්ටුව තම ගුවන් සීමාවට පැමිණියහොත් පහර දී එය බිම දැමීමට පසුබට නොවන බව ජපන් අගමැති යුෂිහිකෝ නෝඩා පවසයි. උතුරු කොරියාව එම රොකට්ටුව ගුවන් ගත කිරීමට සැරසෙන්නේ එළැඹෙන 12 වැනිදා සිට 16 වැනිදා අතර දිනයකදීය. ඒ, උතුරු කොරියා නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 100 වැනි ඡුන්ම දින සැමරුම නිමිත්තෙනි. ඇමෙරිකාව චෝදනා කරන්නේ උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන් ගත කිරීමේ මුවාවෙන් දිගු දුර මිසයිලයක් අත්හදා බලන බවය. එහෙත් උතුරු කොරියාව පවසා ඇත්තේ තමන් උත්සාහ ගන්නේ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට බවත් කාගෙන් විරෝධය එල්ල වුවත් තමන් එම කටයුත්ත නතර නොකරන බවත්ය. එම රොකට්ටුව තම ගුවන් සීමාව උල්ලංඝනය කළහොත් පහර දී බිම දමන බව දකුණු කොරියාව ද පසුගියදා අනතුරු ඇඟවීමක් කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd