කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය නොකරන්නේ නම් වර්ෂ 2100 දී පෘථිවියේ උණුසුම සෙල්සියස් අංශක හතරකින් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. එය 2200 වනවිට තවත් සෙල්සියස් අංශක අටකින් ද ඉහළ යන බව ඔවුහු පෙන්වාදෙති.

පර්යේෂණය සිදුකැර ඇති නිව්සවුත් වේල්ස් සරසවියේ මහාචාර්ය ස්ටීවන් ෂර්වුඩ් පවසන්නේ පෘථිවියේ උෂ්නත්වය විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් නියග තත්ත්වයන් ඇතිවන අතර මිනිසුනට ජිවත්විමට අපහසුතා ඇතිවන බවයි. අයිස් තට්ටු දියවීමෙන් මුහුදු ජල මට්ටම ඉහළයාම ද සිදුවේ.

මහාචාර්ය ෂර්වුඩි පවසන්නේ අනාගතයේදී අඩු අගයකින් උෂ්නත්වය ඉහළ යාමක් ගැන අනාවැකි පලකිරිම නැවැත්විය යුතුයි යන්නයි. ගෝලීය උෂ්නත්වය ඉහළයාම විශාල ලෙස සිදුවීමෙන් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයට විශාල බලපෑම් ඇති කරණ බවත් මෙම තත්වය මගහැරීමට  වහා නොගතහොත් තත්වය වඩා බරතපතල වන බවද මහාචාර්යවරයා පෙන්වාදෙයි.