IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


උ. කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩ නොදැක්කා වගේ ඉන්න එපා

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික කටයුතු දැක දැකත් ඒවා නොදුටු අයුරින් සිටිනවා යැයි ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (26) චීනයට දොස් පැවරුවේය. ජනපති ඔබාමා මෙසේ කියා සිටියේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු ‘න්‍යෂ්ටික ආරක්ෂක’ සමුළුවේදීය. දෙදිනක් තිස්සේ සෝල් නුවර පැවැත් වුණු එම ‘න්‍යෂ්ටික ආරක්ෂක’ සමුළුවට රටවල් 56 ක රාජ්‍ය නායකයෝ සහභාගී වූහ. සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ උතුරු කොරියාවේ සහ ඉරානයේ න්‍යෂ්ටික කටයුතු කෙරෙහිය. සමුළුවට ඉරානයට හෝ උතුරු කොරියාවට හෝ ආරාධනා කර නොතිබිණි. උතුරු සහ දකුණු කොරියා අර්බුදයේදී මැදහත්කරුව සිටින්නේ චීනයයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට ආධාර ලබා දෙන්නේ ද චීනයයි. උතුරු කොරියාව තව නොබෝ දිනකින් රොකට්ටුවක් ගුවන් ගත කිරීමට සූදානමින් සිටියි. ඇමෙරිකාව පවසන්නේ ඔවුන් දිගු දුර බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලීමට සැරසෙන බවය. එහෙත් උතුරු කොරියාව පවසන්නේ තමන් උත්සාහ ගන්නේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට බවය. උතුරු කොරියාව විටින් විට නිකුත් කරන තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති ඔබාමා කියා සිටියේ තර්ජන කිරීමෙන් කිසිවක් අත්කර ගැනීමට නොහැකි බවය.



අදහස් (0)

උ. කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩ නොදැක්කා වගේ ඉන්න එපා

රුවන් Tuesday, 27 March 2012 01:06 PM

උතුරු කොරියාවෙන්වත් ඇමරිකාව පාඩමක් ඉගෙනගනියි වගේ.

:       0       0

රංජිත් Tuesday, 27 March 2012 03:46 PM

ඇමරිකාව ලබ්බට තියපු අත පුහුලට නොතියයි කියලා කාටද කියන්න පුළුවන්. ‍කාගෙන් හරි බිම ඇණ ගත යුතුයි ආයෙ වංගියක්

:       0       0

සී.එම්.ඩී. Tuesday, 27 March 2012 04:47 PM

ඇමරිකාවේ ඔබාමා දැන් හරි ගනන් කාරයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site