තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මිය යන්න ඇතැයි ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ, මර්වාන් ඊසා මිය යන්න ඇත්තේ ඔවුන් එල්ල කළ ගුවන් ප්‍රහාරයකිනි. ඊසා මියගිය බව මෙතෙක් තහවුරු වී නැති අතර, එය තහවුරු වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී මියගිය හමාස් සංවිධානයේ ඉහළම නායකයා මර්වාන් ඊසා වනු ඇත.
ඊශ්‍රායලය නිකුත් කර ඇති අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මර්වාන් ඊසා ය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයවීම කළේ ද මොහුය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් දෙවැනියා මැරිලා