මුළු රටම ආවරණය වන පරිදි ලේසර් කිරණ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ඊශ්‍රායෙලය සැරසේ.
මෙම ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කළ පසු ඊශ්‍රායෙලයට එල්ල වන ඕනෑම ආකාරයක මිසයිල ප්‍රහාරයක්, ඩ්‍රෝන යානා ප්‍රහාරයක් අඩපණ කළ හැකි වනු ඇතැයි එරට ආරක්ෂක බළධාරීන් කියයි.
දැනටමත් ඊශ්‍රායෙලය සතුව මිසයිල ආරක්ෂණ පද්දතියක් තිඛෙන අතර එය ඵලදායී වන්නේ මෝටාර් වැනි කෙටි දුර ප්‍රහාරයන් අඩපණ කිරීම සදහා පමණක් බව පැවසේ.
යුධමය හා ආරක්ෂණ කටයුතු වලට ලේසර් කිරණ යොදාගැනීම දැන් බොහෝ රටවල් සිදුකරමින් සිටී.මෑතකදී ඇමරිකාව ලේසර් අවි සහිත ලොව ප්‍රථම ප්‍රහාරක නෞකාවද නිපදවීය.එහි ඇති අවි වලින් කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක් හෝ ඩ්‍රෝන යානයක් වැන්නක් විනාශ කළ හැකි බව සදහන්ය.
ලේසර් කිරණ අවි සාම්ප්‍රදායික අවි වලින් වෙනස්ය.ඒවායින් නිකුත් වන්නේ ලේසර් කිරණ වන අතර එම කිරණ සිදුකරනුයේ සාමාන්‍ය වෙඩි උණ්ඩ මෙන් ඉලක්කයන් සිදුරු කර විනාශ කරනවා නොව ඉලක්කයන් ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමයි.එම උෂ්ණත්වයන් කෙතරම් ඉහළද යත් ලේසර් කිරණ ප්‍රහාරයකින් අදාළ ඉලක්කය සම්පූර්ණයෙන්ම දවා හලූ කිරීමට පවා හැකි බව සදහන්ය.
තවද උණඩ යෙදීමේ අවශ්‍යතාවක්ද නොමැති බැවින් නොනවත්වාම ප්‍රහාර එල්ල කිරීමටද හැකිය.
හිස්බුල්ලා සටන්කාමිීන් හා සාමකාමිී වාතාවරණයක් තවමත් ගොඩනගා ගත නොහැකි වීම නිසාත් බටහිර සමග ගනුදෙනු කිරීම නිසා මැදපෙරදිග තම සගයින්ගේ උදහසට නිරන්තරයෙන් ලක්වීම නිසාත් වැඩි ආරක්ෂාවට ඊශ්‍රායෙලය මෙසේ රටේ ආරක්ෂාව තර කරගනිමින් සිටින බවක් පෙනෙන්නේයැයි විචාරකයින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අපේ රටටත් හොදයි වගේ (දී)
ඕවගෙන් මැදපෙරදිගට දෙන්න කම්බස් වෙනකන්.... ජය වේවා.....(නදී)
අපට කෆීර් දෙනකොට මෙතන කට්ටියට හරි සන්තෝෂයි. ඒ කෆීර් වලින් උතුරේ කට්ටිය මරනකොටත් මෙතන කට්ටිය සන්තෝෂෙන් හුරේ දැම්මා. ඒ කෆීර් අපට දීපු ඊශ්‍රායලෙන් ලේසර් හදද්දී හරි කේන්ති ගිහින් නේ මෙතන කට්ටියට.(නදී)
අන්න නියම වැඩක්. (නදී)
ඊශ්‍රායලය කියන්නේ බයිබලය අනුව දෙවියන් වහන්සේ විසින් යුදෙව්වන්ට ලබාදීපු රාජ්‍යයි. ඒක වට්ටන්න කාටවත් බැහැ. ඒකයි ඊශ්‍රායලය මෙතරම් ශක්තිමත්.(නදී)
හොදට නරකට දෙකටම තාක්ෂණය යොදා ගන්නවා (දිල්)
අවී ගත්තෝ අවියෙන් නසි. කුහකයන් සහ වසලයන් මනු ලොවේ සදාකල් දුක්විදි.(නදී)
මොන උපක්‍රමයකින් හරි අපිටත් මේ රැකවරණය ඕනෑ (දිල්)
නියම වැඩක් (දී)
ඊශ්‍රායලෙන් අපට කෆීර් දෙද්දී හුරේ දමපු අයම දැන් කුහක කමට ඈගහනවා. (නදී)
අනේ මන්ද ආරක්ෂාවට කියල මේ හොයා ගන්නා නවීන ක්‍රම මුළු මහත් මිනිස් සමාජයටම යහපතක් නම් නෙමේ. (අ)
මේක හැදුවම වටේ ඉන්න හාල් පාරුවන්ට උන ගැනේවි......(අ)
හාල් පාරුවන්ගෙන් බේරෙන්න ගර්කත් කියන ගහ වවන්න කියන්න (අ)
ඉන් පස්සේ මේ තාක්ෂණය ත්‍රස්තවදී සංවිධාන වලට යනවා මේ අය තවත් බිහිසුනු නව ආයුධයක් සොයා ගන්නවා සාමය, සහයෝගීතාව, සතුට අනාගතයීදී වචන වලට පමණක් සීමාව වෛරය බිය මිනිසුන් තුල ඉතුරු වේ (අ)
පුචන්ඩකාරිත්වය තුලින් යමෙක් රටක් අල්ලාගෙන බලයට පැමුණුනේ නම් එම බලය රැකගැනීම සදහාත් ප්‍රචන්ඩකාරීවය ක්‍රියාවට නැගිය යුතුය.(නදී)
ඊශ්‍රාලය ලොව භයානකම ආයුධ තාක්ෂනය අතින් සන්නද්ධ ජාතියක්. ඇමරිකාවටත් ආයුධ දෙන්නේ මොවුන් තමයි. ලෝක විනාශයටම යනකම් අත්හදා බැලීම් කරගෙනම ඉන්න එකම ජාතිය. (නදී)