IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඊශ්‍රායෙල අහසට ලේසර් රැකවරණ

මුළු රටම ආවරණය වන පරිදි ලේසර් කිරණ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ඊශ්‍රායෙලය සැරසේ.

මෙම ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කළ පසු ඊශ්‍රායෙලයට එල්ල වන ඕනෑම ආකාරයක මිසයිල ප්‍රහාරයක්, ඩ්‍රෝන යානා ප්‍රහාරයක් අඩපණ කළ හැකි වනු ඇතැයි එරට ආරක්ෂක බළධාරීන් කියයි.

දැනටමත් ඊශ්‍රායෙලය සතුව මිසයිල ආරක්ෂණ පද්දතියක් තිඛෙන අතර එය ඵලදායී වන්නේ මෝටාර් වැනි කෙටි දුර ප්‍රහාරයන් අඩපණ කිරීම සදහා පමණක් බව පැවසේ.

යුධමය හා ආරක්ෂණ කටයුතු වලට ලේසර් කිරණ යොදාගැනීම දැන් බොහෝ රටවල් සිදුකරමින් සිටී.මෑතකදී ඇමරිකාව ලේසර් අවි සහිත ලොව ප්‍රථම ප්‍රහාරක නෞකාවද නිපදවීය.එහි ඇති අවි වලින් කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක් හෝ ඩ්‍රෝන යානයක් වැන්නක් විනාශ කළ හැකි බව සදහන්ය.

ලේසර් කිරණ අවි සාම්ප්‍රදායික අවි වලින් වෙනස්ය.ඒවායින් නිකුත් වන්නේ ලේසර් කිරණ වන අතර එම කිරණ සිදුකරනුයේ සාමාන්‍ය වෙඩි උණ්ඩ මෙන් ඉලක්කයන් සිදුරු කර විනාශ කරනවා නොව ඉලක්කයන් ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමයි.එම උෂ්ණත්වයන් කෙතරම් ඉහළද යත් ලේසර් කිරණ ප්‍රහාරයකින් අදාළ ඉලක්කය සම්පූර්ණයෙන්ම දවා හලූ කිරීමට පවා හැකි බව සදහන්ය.

තවද උණඩ යෙදීමේ අවශ්‍යතාවක්ද නොමැති බැවින් නොනවත්වාම ප්‍රහාර එල්ල කිරීමටද හැකිය.

හිස්බුල්ලා සටන්කාමිීන් හා සාමකාමිී වාතාවරණයක් තවමත් ගොඩනගා ගත නොහැකි වීම නිසාත් බටහිර සමග ගනුදෙනු කිරීම නිසා මැදපෙරදිග තම සගයින්ගේ උදහසට නිරන්තරයෙන් ලක්වීම නිසාත් වැඩි ආරක්ෂාවට ඊශ්‍රායෙලය මෙසේ රටේ ආරක්ෂාව තර කරගනිමින් සිටින බවක් පෙනෙන්නේයැයි විචාරකයින් කියයි.



අදහස් (0)

ඊශ්‍රායෙල අහසට ලේසර් රැකවරණ

නිමල් Tuesday, 18 February 2014 04:02 PM

එක අපේ රටටත් හොදයි වගේ (දී)

:       0       0

ශීලා Tuesday, 18 February 2014 08:29 AM

ඕවගෙන් මැදපෙරදිගට දෙන්න කම්බස් වෙනකන්.... ජය වේවා.....(නදී)

:       0       0

ලසන්ත Tuesday, 18 February 2014 09:01 AM

අපට කෆීර් දෙනකොට මෙතන කට්ටියට හරි සන්තෝෂයි. ඒ කෆීර් වලින් උතුරේ කට්ටිය මරනකොටත් මෙතන කට්ටිය සන්තෝෂෙන් හුරේ දැම්මා. ඒ කෆීර් අපට දීපු ඊශ්‍රායලෙන් ලේසර් හදද්දී හරි කේන්ති ගිහින් නේ මෙතන කට්ටියට.(නදී)

:       0       0

මාලා Tuesday, 18 February 2014 09:05 AM

අන්න නියම වැඩක්. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 18 February 2014 09:05 AM

ඊශ්‍රායලය කියන්නේ බයිබලය අනුව දෙවියන් වහන්සේ විසින් යුදෙව්වන්ට ලබාදීපු රාජ්‍යයි. ඒක වට්ටන්න කාටවත් බැහැ. ඒකයි ඊශ්‍රායලය මෙතරම් ශක්තිමත්.(නදී)

:       0       0

චරිත සමීර Wednesday, 19 February 2014 09:08 AM

හොදට නරකට දෙකටම ත‍ාක්ෂණය යොදා ගන්නවා (දිල්)

:       0       0

ජිලෝ Tuesday, 18 February 2014 11:58 AM

අවී ගත්තෝ අවියෙන් නසි. කුහකයන් සහ වසලයන් මනු ලොවේ සදාකල් දුක්විදි.(නදී)

:       0       0

කුමාරණ Monday, 17 February 2014 02:02 PM

මොන උපක්‍රමයකින් හරි අපිටත් මේ රැකවරණය ඕනෑ (දිල්)

:       0       0

ශේලා Tuesday, 18 February 2014 07:26 PM

නියම වැඩක් (දී)

:       0       0

මාලා Wednesday, 19 February 2014 11:48 AM

ඊශ්‍රායලෙන් අපට කෆීර් දෙද්දී හුරේ දමපු අයම දැන් කුහක කමට ඈගහනවා. (නදී)

:       0       0

කුමාරි Monday, 17 February 2014 05:30 PM

අනේ මන්ද ආරක්ෂාවට කියල මේ හොයා ගන්නා නවීන ක්‍රම මුළු මහත් මිනිස් සමාජයටම යහපතක් නම් නෙමේ. (අ)

:       0       0

බණ්ඩා Monday, 17 February 2014 07:02 PM

මේක හැදුවම වටේ ඉන්න හාල් පාරුවන්ට උන ගැනේවි......(අ)

:       0       0

නසාර් Monday, 17 February 2014 08:05 PM

හාල් පාරුවන්ගෙන් බේරෙන්න ගර්කත් කියන ගහ වවන්න කියන්න (අ)

:       0       0

සුරේෂ් Monday, 17 February 2014 08:08 PM

ඉන් පස්සේ මේ තාක්ෂණය ත්‍රස්තවදී සංවිධාන වලට යනවා මේ අය තවත් බිහිසුනු නව ආයුධයක් සොයා ගන්නවා සාමය, සහයෝගීතාව, සතුට අනාගතයීදී වචන වලට පමණක් සීමාව වෛරය බිය මිනිසුන් තුල ඉතුරු වේ (අ)

:       0       0

අබිදුල් රහ්මාන් Monday, 17 February 2014 09:46 PM

පුචන්ඩකාරිත්වය තුලින් යමෙක් රටක් අල්ලාගෙන බලයට පැමුණුනේ නම් එම බලය රැකගැනීම සදහාත් ප්‍රචන්ඩකාරීවය ක්‍රියාවට නැගිය යුතුය.(නදී)

:       0       0

අස්මිත් Monday, 17 February 2014 09:51 PM

ඊශ්‍රාලය ලොව භයානකම ආයුධ තාක්ෂනය අතින් සන්නද්ධ ජාතියක්. ඇමරිකාවටත් ආයුධ දෙන්නේ මොවුන් තමයි. ලෝක විනාශයටම යනකම් අත්හදා බැලීම් කරගෙනම ඉන්න එකම ජාතිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site