IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යළිත් වරක් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ සාධකය වන්නේ ‘ටෙස්ලා’, ‘ස්පේස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා ද වන ඊලොන් මස්ක්ය. 

ට්‍රම්ප්ට ලබා දෙන බව තහවුරු කරමින්, ඊලොන් මස්ක් පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ගොඩවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයට ලියාපදිංචි වී, ට්‍රම්ප්ට ඡන්දය දීමට කැමැත්තෙන් පසුවන ඡන්ද දායකයන් අතරින් දිනකට එක් ඡන්ද දායකයකු තෝරාගෙන එම තැනැත්තාට හෝ තැනැත්තියට ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල් තෑග්ගක් පිරිනැමීමට ඊලොන් මස්ක් පියවර ගත්තේය.

ට්‍රම්ප් ජනරැලි පවත්වමින් රට පුරා යද්දී, ඊලොන් මස්ක් ද ට්‍රම්ප්ට සහාය දෙන්නැයි ඇමෙරිකානුවන් ආමන්ත්‍රණය කරමින් රට පුරා දේශන පවත්වන්න විය. දිනකට එක් ජයග්‍රාහකයකු බැගින් තෝරා ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදලක් තෑගි කළේ එම දේශන පැවැත්වෙද්දීය.



අදහස් (2)

ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්

යෝගා Wednesday, 13 November 2024 11:41 AM

අර වෙන්න මුදල් ඇමති හඳුන්නෙත්තියා කිව්වා නේද ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා?

:       13       6

බමුණුආරච්චි Thursday, 14 November 2024 01:12 PM

නියමයි, ට්‍රම්ප් නියමයි මෙන්න මගේ සැලියුට් එක... වැරැදිලාවත් ජෙප්පෙක් දාගන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site