IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉහළ යන බඩු මිලට විරෝධය පා ඉන්දියාවේ මහා වැඩ වර්ජනයක්

භාණ්ඩ මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් සහ සේවක අයිතිවාසිකම් වැඩි දියුණු කරන්නැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂ රජයට බල කරමින් ඊයේ (28) ඉන්දියාව පුරා මහා වැඩ වර්ජනයක්  පැවැත්විණි. ප‍්‍රාන්ත ගණනාවක පැවැති එම වැඩ වර්ජනයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් සහ දේශපාලන කි‍්‍රයාකාරීහු ද එක්ව සිටියහ. වැඩ වර්ජනය ආරම්භ වූයේ පෙරේදා (27) මධ්‍යම රාති‍්‍රයේ සිටය. මිලියන ගණනක් දෙනා වැඩ වර්ජනයට එක් ව සිටි බව මාධ්‍ය වාර්තා කළේය. වැඩ වර්ජනය හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක ප‍්‍රධාන නගර ගණනාවක ගමනාගමන කටයුතු  අඩපණ විය. ව්‍යාපාරික ස්ථාන, රජයේ කාර්යාල, බැංකු සහ පාසල් ද වසා දමා තිබුණු බව ඉන්දීය පුවත් සේවා කියා සිටියේය. රජයේ දුරකතන සමාගම් සේවකයන් පවා වැඩ වර්ජනයට එක් ව සිටි අතර ඔවුන් කියා සිටියේ තම ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදෙන්නේ නම් දිගින් දිගටම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගවල නියැළීමට පසුබට නොවන බවය. වැඩ වර්ජනයට ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ වෘත්තීය සංගම් 11 ක් සහාය පළ කළේය. දූෂණ වංචා චෝදනා හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින ඉන්දීය අගමැති මහන්මෝහන් සිංගේ රජයට මෙම වැඩ වර්ජනය හිසරදයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ”මේක සුවිශේෂී අවස්ථාවක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ ප‍්‍රධාන පෙළේ වෘත්තීය සංගම් රැසක් පළමු වරට මෙම වැඩ වර්ජනයට එක් වෙනවා. අප රජයට බල කර සිටිනවා භාණ්ඩ මිල පහළ දමන ලෙසටත් සේවක අයිතිවාසිකම් වැඩි දියුණු කිරීමට වහා කටයුතු කරන ලෙසටත්” යැයි ඉන්දීය වෘත්තීය සමිති කොංග‍්‍රසයේ මහ ලේකම් ගුරුදාස් දාස් ගුප්තා මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ”අප රජය සමඟ කිහිප වරක් සාකච්ඡුා කළා. සේවකයන්ගේ ගැටලූ ඔවුන්ට ඉදිරිපත් කළා. ඔවුන්ට ඇති තරම් කාලයක් ලබා දුන්නා. ඒත් ඔවුන් නිහඬයි. වැඩ වර්ජනයක් පවත්වනවා හැර අපට වෙන විකල්පයක් නැහැ”යි මහ ලේකම් ගුරුදාස් වැඩි දුරටත් කියා සිටියේය. ජාතික අවම වේතනයක් ලබා දෙන ලෙසටත්, කෝටි පහක කොන්ත‍්‍රාත් සේවකයන්ට ස්ථිර රැකියා ලබා දීමට කටයුතු කරන ලෙසටත් ඉහළ යන ජීවන වියදම පහළ දැමීමට කටයුතු කරන ලෙසටත් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ඉහළ යන බඩු මිලට විරෝධය පා ඉන්දියාවේ මහා වැඩ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site